මේ යටත් විජිත සමයෙ දී අපේ රට විවිධ සංස්කෘතික පොළා පැනීම්වලට ලක්විය; විවිධ සංස්කෘතිකාංග අපේ සංස්කෘතියට එකතු විය. මෙලෙස එකතු වූ සංස්කෘතිකාංග අතර ‘‘බයිලා’’ නමැති සංස්කෘතිය අපේ සංස්කෘතිය සමග එකතුවන්නේ පෘතුගීසි ජාතිකයින්ගෙනි.
අපේ රටේ මෙන් ම ඉන්දියාව, ගෝව, බැංලෝරය යනාදි රටවල ද මේ බයිලා කලාව ප්‍රචලිත විය.
‘බයිලා’ නමැති වදන පවා පෘතුගීසි වදනකි. එය බිඳී එන්නේ පෘතුගීසි ‘‘බයිලර්’’ නමැති වදනිනි. පෘතුගීසි භාෂාවෙන් ‘‘බයිලර්’’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘නර්තනය’ යන්න ය; එසේත් නැති නම් ‘නැටුම’ යන්න ය. නමුත් අපි මෙය වැලඳගන්නේ සංගීත කලාවක්... එසේත් නැතිනම් ගායනා ආරක් ලෙසිනි.
දහසයවන සියවස පමණ වන විට විශේෂයෙන් ම ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශවල මෙම ගායනා විලාසය ඉතා ජනප්‍රිය විය; මෙලෙස ජනප්‍රිය වූ බයිලා ගීත කලාව 1947 පමණ වන විට සිංහල භාෂාවෙන් පවා ගායනය කිරීමට පෙලඹිණ.
බයිලා ගීත කලාවේ ස්වර්ණමය යුගය ආරම්භ කළේ පොලිස් නිලධාරියකු වූ වොලී බැස්ටියන් නමැති ගායකයා බව සංගීත ක්ෂේත්‍රයේ ඕනෑම පුද්ගලයකු දන්නා කරුණකි. බයිලා ගැන කතා කරන්නේ නම් ඔහු පිළිබඳව කතා නොකර ම සිටිය නොහැකි ය.
වොලී බැස්ටියන් විසින් හඳුන්වා දෙනු ලැබූ සිංහල බයිලා ගීත සම්ප්‍රදාය 1970 පමණ වන විට නවතම මානයකට ඔසවා තබන්නට කිසියම් පුද්ගලයකුට හැකි විය. ඔහුගේ උත්සාහය කෙතරම් සාර්ථක වී ද යත් හෙතෙම බයිලා චක්‍රවර්ති ලෙස විරුදාවලි ලැබී ය. ඔහු අන් කිසිවකු නොව එම්. එස්. ප්‍රනාන්දු නමැති සංගීත ශිල්පියා ය; ගී පද රචකයා ය; ගායකයා ය.
අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව වෙන් වන්නේ ශ්‍රි ලංකාවේ බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දුගේ ජීවන තොරතුරු අළලා රචිත කෘතියක් පිළිබඳව ය; අදාළ කෘතිය සම්පාදනය කර තිබෙන්නේ සම්මාන ලාභී කවියකු, විචාරකයකු සහ ලේඛකයකු වන අශෝක කුලතුංග ය.
මතු පළ වන්නේ එම විඩියෝව ය.
(සටහන | ජයසිරි අලවත්ත)



