BREAKING
Top Ad
සමාලාප

රත්මලීත් රාණිත් සටන් කරන්නේ දුෂ්ට පිරිමින්ට විරුද්ධව | ස්වර්ණා මල්ලවාරච්චි (වීඩියෝ)

T

The Leader

February 9, 2025 • 10:23 AM

රත්මලීත් රාණිත් සටන් කරන්නේ දුෂ්ට පිරිමින්ට විරුද්ධව | ස්වර්ණා මල්ලවාරච්චි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ අග්‍රගන්‍ය රංගවේදිනිය ස්වර්ණා මේ දිනවල සියලු මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන රංගන ශිල්පිණිය බවට පත්වෙලා.
  • අම්මගෙ  හැගීම් කොහොම වෙන්න ඇතිද ?
  • ඒ වෙලාවේ හිතන්න ඇත්තේ මේ දරුවා බේරෙයි...
  •  කව්රුහරි බේරගනියි කියලා තමා හිතන්න ඇත්තේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මනෝරාණි සරවනමුත්තු මහත්මියගේ චරිතයට පණ පොවන ස්වර්ණා තම ජීවිතයේ වසර 27ක සිහිනයක් සැබෑ කරගැනීමක් ලෙසයි ප්‍රකාශ කරන්නේ.

මනෝරාණිගේ චරිතය ඇසුරෙන් කරන ලද මානෝරාණි චරිතය නිසාම බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන සිටින ස්වර්ණා මල්ලවාරච්චි සිනමාවේ ගැහැනිය සමග MirrorArts You Tube  නාලිකාව කතාබහක නියැලුනා.

මේ ඇය සමග කරනු ලැබූ සාකච්ජාවයි.

MirrorArts -
මනෝරාණි සරවනමුත්තුනම් වූ ගැහැනිය තුළ ජීවත්වන අම්මාවරුන් ගැන ඔබට තියෙන හැගීම මොකද්ද?

ස්වර්ණා -
මනෝරාණි කියන ගැහැනිය තුළ පළමුව ඉන්නේ ජීසස්ගෙ අම්මා. මේරි එහෙම නැතිනම් මදර් මේරිගෙ පුතාව පැය තුනක් තිස්සේ පාරවල් දිගේ ඇදගෙන ගිහිල්ලා හිසට කටු ඔටුනු ගහලා කසවලින් ගගහා කුරුසයක් කර තියාගෙන යනකම්ම අම්මා පස්සෙන් ගියා. උදේ නවයෙ ඉඳලා හැන්දෑවේ තුන වෙනකම් බලන් හිටියා. හේවායො ඊතල වලින් අනිනවා. වතුර ඉල්ලුවහම දෙන්නෙ විනාකිරි .. ඔය වගේ දේවල් කරන්කොට අම්මා කෙනෙක් කොහොමද බලං හිටියෙ කියලා මම  හිතනවා. අම්මගෙ  හැගීම් කොහොම වෙන්න ඇතිද ? අම්මා කන්න ඇති ද? බොන්න ඇතිද? මොනවත් නැහැනෙ. ඒ වෙලාවේ හිතන්න ඇත්තේ මේ දරුවා බේරෙයි... බේරෙයි... බේරෙයි...  කව්රුහරි බේරගනියි කියලා තමා හිතන්න ඇත්තේ.

ඒ වගේ තමයි රාණි තුළ හිටපු ගැහැනියත්. ඒකේ කියනවනේ එයාගෙ ඉහළ සමාජයේ යහලුවන් කීප දෙනෙකුටම කතාකරපුවහම බයවෙන්න එපා පැය විසිහතරක් ඇතුලත මම ඔයාගේ පුතා ගෙනත් දෙන්නම් කියලා. එතකොට බලන් ඉන්න ඇති දැන් ගෙනත් දෙයි .....දැන් ගෙනත් දෙයි කියලා...

ලෝකයේ සුවහසක් අම්මලා ඉන්න ඇති ඒ වගේ හැගීම් විඳ දරාගත්ත. ලකාවේ ඇති, ඉන්දියාවේ ඇති, ආර්ජන්ටිනාවේ... අමෙරිකාවේ... මුලු ලෝකෙම ඉන්න ඇති. ජර්නලිස්ට්ලා අරං යනවා, සිවිල් යුද්ධයක් තියෙනකොට දරුවන්ව අරං යනවා. මං හිතන්නෙ දහස් ගණනක් අම්මලා ඔය හැගීම තියාගෙන ලෝකෙ ඕන තරම් ඇති.


MirrorArts -
චින්තන ධර්මදාස රාණි බලලා විචාරයක් ලියලා තිබුනා අපි මෙච්චර දවසක් දැකේකෙ සිනමාව තුළ දරුවන් අතුරුදහන් වූ ග්‍රාමීය මව්වරුන්ගෙ චරිත. මේ දරුවා අහිමිවූ නාගරික අම්මා කෙනෙකුගේ චරිතයක් සිනමාවට නැගුණු පළමු වතාව කියලා. ඔබ කිවුව කාරණය ඇතුළෙ පැය විසිහතරක් ඇතුලත දරුවා ලැබෙනවාය කියන කතාව තුළ ඇයට තිබූ සමාජ දේශපාලන සම්බන්ධකම් තුළ, ඒ සම්බන්ධකම් හැම අම්මා කෙනෙකුටම නැහැ. එවන් වාතාවරණයක් තුළයි ඇයට තම දරුවව බේරගන්න බැරිවෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ ඒ සමාජ ක්‍රමය ගැන?


ස්වර්ණා -
එයාව බේරලා දෙන්නම් කිව්ව එක්කෙනා මනෝරාණිගෙ ළගම යහලුවෙක්. එනවනේ එයාව බලන්න ගෙදර. එතකොට කියන දෙබසක් තියෙනවා. තමුසෙලා මේ ආණ්ඩුවේ ඇමතිගොල්ලෝ නේද ? නිදාගෙනද හිටියෙ මගේ දරුවා නැතිවෙනකම් ගිහිල්ලා මුහුදට දානකම් කියලා. සමාජයේ මොනතරම් සම්බන්ධකම් තිබුනත් මනෝරාණි ඉහළ සමාජයක හිටිය කාන්තාවක් එයාටත් එයාගේ දරුවා මොන සම්බන්ධකම් තිබිලත් හොයාගන්න බැරිවුනානම් සාමාන්‍ය අම්මලා....? අදටත් ඉන්නවා නේද ? සාමාන්‍ය අම්මලා කොයිතරම් ඉන්නවද  ? ඒ අම්මලා ගිහිල්ලා ඇමතිවරුන්ගෙ ඔෆිස්වල එළියෙ ඉඳගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. දරුවෙක් අරං ගියහම මොන තත්ත්වයක් තිබුනත් බේරගන්න අමාරුවෙනවා කියන එක තමයි මේ කතාවෙන් කියන්නෙ.

ස්වර්ණා මල්ලවආරච්චි කලාකාරිණියක ලෙස ඇයගේ ක්ෂෙත්‍රයේ අතුරුදහන් කරනු ලැබූ කලාකරුවන් පිළිබඳවද කතා කළා. එකළ තිබූ භීෂණ තත්ත්වය මත ඇය තම දියණිය සමග ගත කළ ජීවිතය පිළිබඳවත් හෙවනැල්ලකට මෙන්ම සියුම් ශබ්ද වලට පවා තැති ගැණුන අයුරු ඇය ප්‍රකාශ කළා. ඇය දඩයමෙහි රත්මලී චරිතයත් රාණි චරිතයත් පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා.

ඇය සමග කරන ලද සම්පූ ර්ණ සාකච්ජාව පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...