අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාව සඳහා එකතු වන්නේ එබඳු ලේඛිකාවකි.
ඇය මේ වන විට තමන් විසින් රචිත සියවන සාහිත්‍ය ප්‍රබන්ධ කෘතිය ද ප්‍රකාශයට පත් කර අවසන් ය. එමතු නොව මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ විකාශනය වන ‘‘ඉරගිනි මද්දහන’’ රූපවාහිනී නිර්මාණයට පාදක වන්නේ ද ඇය විසින් රචිත ‘‘කඳුළු කුණාටුව’’ නම් වූ ප්‍රබන්ධ කෘතිය යි. එමෙන් ම අදාළ ‘‘කඳුළු කුණාටුව’’ප්‍රබන්ධ කෘතිය පාදක කරගනිමින් ‘‘ඉරගිනි මද්දහන’’ රුපවාහිනී තිර රචනය ලියන ලද්දේ ද ඇය විසින් ම ය.
ඇය නමින් තරංගා දිසානායක ය; මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන | ජයසිරි අලවත්ත)



