BREAKING
Top Ad
සමාලාප

මම ආදරය කරන්නේ අරගලකාරි ජීසස්ට - චන්දිම කාරියවසම් (විඩියෝ)

T

The Leader

May 11, 2025 • 12:45 AM

මම ආදරය කරන්නේ අරගලකාරි ජීසස්ට - චන්දිම කාරියවසම් (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ඒ පාවා දීමත් සැලසුමේම කොටසක්. නමුත් ඒ බරපතළ වගකීම ගන්න කවුරුවත් හිටියෙ නෑ. ජුදාස් අමාරුම කොටස තෝරාගත්තා.
  • හැබැයි ඒ අය ඇත්තට ම දුෂ්ටයො ද...?
  • බොහෝ විට එහෙම නොවෙන්නත් පුළුවන්; එහෙමත් නැති නම් ඔවුන් දුෂ්ට වැඩක් කරන්න ඇත්තෙ සමාජයේ යහ පැවැත්ම සඳහා ම වෙන්නත් පුළුවන්.
  • චන්දිම කාරියවසම් විසින් රචිත ''තම්රු'' එබඳු දුෂ්ටයෙකු පිළිබඳ ලියවුණ ප්‍රබන්ධ කෘතියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසයේ බරපතළම වැරදිකාරයා බවට පත්වෙන, නම පවා ශාපයක් විදියට සලකන්න නියමිත ඒ දුෂ්ට පාවා දීම කරන්න පුළුවන් විශ්වාසවන්තයා ජුදාස්ම විතරයි''

-තම්රු පිටුව 93

අපි දන්නවා දෙව්දත් තෙරුණගේ සිට මේ දක්වා ම ඉතිහාසයේ විවිධාකාරයේ දුෂ්ටයින්ගෙ නාමලේඛනයක් පවතිනවා. හැබැයි ඒ අය ඇත්තට ම දුෂ්ටයො ද...? බොහෝ විට එහෙම නොවෙන්නත් පුළුවන්; එහෙමත් නැති නම් ඔවුන් දුෂ්ට වැඩක් කරන්න ඇත්තෙ සමාජයේ යහ පැවැත්ම සඳහා ම වෙන්නත් පුළුවන්.

චන්දිම කාරියවසම් විසින් රචිත ''තම්රු'' එබඳු දුෂ්ටයෙකු පිළිබඳ ලියවුණ ප්‍රබන්ධ කෘතියක්.

අද සරග සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව වෙන් වන්නේ මිනිසාගේ යහපැවැත් ම වෙනුවෙන් ම ඉතිහාසයේ පාවා දෙන්නන්ගේ නාමලේඛනයට එකතු වුණ ජුදාස් පිළිබඳ වෙනස් ම කතාවක් කියන්න.

මතු පළ වන්නේ ඒ කතාව අන්තර්ගත, The Leader TV ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව අන්තර්ගත විඩියෝව; අද සාකච්ඡාව සිදු කරන්නේ යට සඳහන් ''තම්රු'' ප්‍රබන්ධ කෘතියේ රචක චන්දිම කාරියවසම් සමග යි.

(සටහන | ජයසිරි අලවත්ත)  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...