BREAKING
Top Ad
සමාලාප

සංක්ෂිප්තව ලිවීම මගේ ලිවීමේ විලාසිතාවක් - ලේඛිකා තීෂ්‍යා දුල්මිණි - (වීඩියෝ)

T

The Leader

June 29, 2025 • 2:20 AM

සංක්ෂිප්තව ලිවීම මගේ ලිවීමේ විලාසිතාවක් - ලේඛිකා තීෂ්‍යා දුල්මිණි - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ත්‍රියක සහ පුරුෂයකු අතර හටගන්නා ''අනියම් යැයි සම්මත'' ප්‍රේමණීය බැඳීමක් ''සම්මත'' හෝ ''අසම්මත'' යැයි ඉරි ගසා වෙන් කළ හැකි ද...?
  • එමෙන් ම සෑම නීත්‍යනුකූල බිරිඳක සහ සැමියකු අතර යට සඳහන් කායික බැඳිම කෙතරම් පැවතිය ද එම දෙපළ අතර සැබෑ අධ්‍යාත්මික බැඳීමක් පවති ද...?
  • යට සඳහන් සියලු ප්‍රශ්න සඳහා කිසිවකුට එක පැහැර ''ඔවු'' හෝ ''නෑ'' යන පිළිතුරු දෙකින් එකක් හෝ පැවසිය නොහැකි ය; මන්ද විවාහක කුටුම්බ දිවියක් ගත කරන බහුතරයක් අතර මෙබඳු ප්‍රශ්න පවතින බැවිනි; ඔවුන් ඒ සම්බන්ධයෙන් විවෘත අදහස් පළ නොකරන බැවිනි.
  • එහි අන්තර්ගත කිසිදු චරිතයක් ''කළු'' හෝ ''සුදු'' ලෙස වර්ග කළ නොහැකි ය; ඒ සියලු චරිත ''අළු'' චරිත ලෙස නම් කළ හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


විවාහක පුරුෂයකු විවාහක කාන්තාවක අතර හෝ විවාහක කාන්තාවක විවාහක පුරුෂයකු අතර හටගන්නා ප්‍රේමණීය බැඳීම දෙස සමාජය හෙළන්නේ කුමනාකාරයේ බැල්මක් ද...?

එබඳු සම්බන්ධතා සදාචාර මිම්මෙන් මැනීම සාධාරණ ද...?

සෑම කායික බැඳීමක් තුළ ම අධ්‍යාත්මක බැඳීමක් පවතී ද? එමෙන් ම සෑම නීත්‍යනුකූල බිරිඳක සහ සැමියකු අතර යට සඳහන් කායික බැඳිම කෙතරම් පැවතිය ද එම දෙපළ අතර සැබෑ අධ්‍යාත්මික බැඳීමක් පවති ද...? එබඳු අධ්‍යාත්මික බැඳීමක් නොපවතින්නේ නම් එම දෙපළට තෘප්තිමත් ලිංගික සබඳතාවක් පැවැත් විය හැකි ද...?

යට සඳහන් සියලු ප්‍රශ්න සඳහා කිසිවකුට එක පැහැර ''ඔවු'' හෝ ''නෑ'' යන පිළිතුරු දෙකින් එකක් හෝ පැවසිය නොහැකි ය; මන්ද විවාහක කුටුම්බ දිවියක් ගත කරන බහුතරයක් අතර මෙබඳු ප්‍රශ්න පවතින බැවිනි; ඔවුන් ඒ සම්බන්ධයෙන් විවෘත අදහස් පළ නොකරන බැවිනි.

තීෂ්‍යා දුල්මිණි ලේඛිකාවගේ ''සකුරෝසියා'' නමැති අභිනව ප්‍රබන්ධ කෘතියට පාදක වන්නේ ද මෙම අත්දැකීම් සහිත චරිත කිහිපයකි. එහි අන්තර්ගත කිසිදු චරිතයක් ''කළු'' හෝ ''සුදු'' ලෙස වර්ග කළ නොහැකි ය; ඒ සියලු චරිත ''අළු'' චරිත ලෙස නම් කළ හැකි ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ තීෂ්‍යා දුල්මිණි ලේඛිකාව ය.

මතු පළ වන්නේ ඇය The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...