BREAKING
Top Ad
සමාලාප

මේ සම්මාන සියල්ල මම කුඩා අවදියේ සිට දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් - විමුක්ති ප්‍රනාන්දු (වීඩියෝ)

T

The Leader

July 6, 2025 • 2:34 AM

මේ සම්මාන සියල්ල මම කුඩා අවදියේ සිට දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් - විමුක්ති ප්‍රනාන්දු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1997 වසරේ ඉපදුණ දරුවෙක් 2007 වසර වෙද්දි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා කිව්වොත් ඔබ විශ්වාස කරනව ද, ඒ වගේ ම එම චිත්‍රපටය එවකට පැවති කෙටි චිත්‍රපට උළෙලක දී විශේෂ ඇගයීමකට ලක් වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනව ද...?
  • ඔහුගේ “Whispered Echoes” කෙටි චිත්‍රපටයට මේ සම්මාන හිමි වෙන්නෙ Onscreen 25 සම්මාන උළෙලෙ දි.
  • ඊට අමතරව මෙම කෙටි චිත්‍රපටය 14වන 'Agenda 14' කෙටි චිත්‍රපට උළෙල ද නියෝජනය කරමින් Student Academy Awards 2023 (1313 Vine Street Hollywood) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට ද සුදුසුකම් ලබනවා.
  • මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔහු කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශ්වාස නොකළත් ඒක ම තමයි ඇත්ත කතාව.

ඔහු තමයි විමුක්ති දිලංක ප්‍රනාන්දු; කුඩා අවධියේ සිට ම පරිගණකය අතටත් මනසටත් හුරු කරගත් විමුක්ති හඹා ගියේ වීඩියෝ ක්‍රීඩා පසුපස නොවේ; ඔහු හඹා ගියේ පරිගණකය උපයෝගි කරගෙන කළ හැකි නව නිර්මාණ මොනව ද යන්න පිළිබඳ සොයා බලන්න; ඒ ඇසුරෙන් නිර්මාණ කරන්න.

අද වන විට ඔහුගේ ඒ උත්සාහයේ ප්‍රතිඵල ලැබිල තියෙනවා. ඒ, සිනමාකරණ සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UOVT) උපාධිය වෙනුවෙන් නිර්මාණය කළ පළමු නිර්මාණය වන “Whispered Echoes” කෙටි චිත්‍රපටයට සම්මාන රැසක් ම හිමි කර ගැනීම යි.

b57i

ඔහුගේ “Whispered Echoes” කෙටි චිත්‍රපටයට මේ සම්මාන හිමි වෙන්නෙ Onscreen 25 සම්මාන උළෙලෙ දි.

එහි දී “Whispered Echoes” කෙටි චිත්‍රපටයට: හොඳම සංස්කරණය (Best Editor), හොඳම කැමරා අධ්‍යක්ෂණය (Best Cinematography), හොඳම රංගන ශිල්පියා - ජූරියේ විශේෂ සම්මාන (Special Jury Award for Best Actor) සහ හොඳම කෙටි චිත්‍රපටය සඳහා නිර්දේශ වීම (Nominee Best Short Film) ද ඇතුළත් වෙනවා.

ඊට අමතරව මෙම කෙටි චිත්‍රපටය 14වන 'Agenda 14' කෙටි චිත්‍රපට උළෙල ද නියෝජනය කරමින් Student Academy Awards 2023 (1313 Vine Street Hollywood) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට ද සුදුසුකම් ලබනවා.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ ඒ සම්මානනීය තරුණ අධ්‍යක්ෂකවරයා වන විමුක්ති දිලංක ප්‍රනාන්දු යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔහු කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...