BREAKING
Top Ad
සමාලාප

'සකාලි' නිර්මාණය ප්‍රතික්ෂේප වුණේ ආණ්ඩු මාරුවත් සමග යි - තුෂාරි අබේසේකර (වීඩියෝ)

T

The Leader

August 3, 2025 • 2:11 AM

'සකාලි' නිර්මාණය ප්‍රතික්ෂේප වුණේ ආණ්ඩු මාරුවත් සමග යි - තුෂාරි අබේසේකර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් කලා නිර්මාණයක් නිර්මාණකරුවකුගේ හෝ නිර්මාණකාරියකගේ මනසෙහි හට ගත් මොහොතේ සිට එය ජනතාව හමුවේ තැබීම දක්වා වූ කාලය තුළ අදාළ නිර්මාණය නිර්මාණය කරන පුද්ගලයා ඇතුළු බොහෝ පිරිසක් ඒ් සඳහා සිය: ශ්‍රමය (කායික සහ මානසික), කාලය වැය කරති.
  • යට කී ආකාරයට රාජ්‍ය නාලිකාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද, පාරමී විශ්මිකා විසින් නිෂ්පාදනය කරන ලද ''සකාලි'' නමැති රූපවාහිනී නිර්මාණය යි.
  • මතු පළ වන්නේ එලෙස ප්‍රතික්ෂේපිත රුපවාහිනී නිර්මාණයේ අධ්‍යක්ෂකවරිය වන තුෂාරි අබේසේකර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි දී ඔවුන් වැය කරන කාලය සහ ශ්‍රමය වෙනුවෙන් කිසියම් මුදලක් වැය කළ යුතු ය. ඒ සඳහා ආයෝජකයෙක් හෝ ආයෝජිකාවක සොයා ගත යුතු ය; එමෙන් ම නිර්මාණය ජනගත කිරීමෙන් ඉක්බිති එම ආයෝජකයාට හෝ ආයෝජිකාවට තමන් වියදම් කළ මුදලට සාපේක්ෂව කිසියම් ලාබයක් ද ලැබිය යුතු ය; ලාබයක් නොලැබුණ ද අවම වශයෙන් ආයෝජිත පුද්ගලයා වියදම් කළ මුදල හෝ ලැබිය යුතු ය; එසේ ලැබෙන්නට නම් අදාළ නිර්මාණ (ඒ ඒ නිර්මාණයට සාපේක්ෂව) ජනගත කළ යුතු ය. එය ගීතයක් නම් ශ්‍රාවක පිරිස වෙත රැගෙන යා යුතු ය; වේදිකා නාට්‍යයක් නම් වේදිකා ගතකළ යුතුය; චිත්‍රයක් හෝ මූර්තියක් නම් එය රසික (නරඹන, විඳින) ප්‍රජාව වෙත ඉදිරිපත් කළ යුතු ය; සිනමා නිර්මාණයක් නම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ යුතු ය; රුපවාහිනී නිර්මාණයක් නම් එය රාජ්‍ය හෝ පෞද්ගලික නාලිකාවක විකාශනය කළ යුතු ය.  

එබඳු තත්ත්වයක් තුළ කොටස් (Episode) දහයක් සඳහා ලක්ෂ හතළිහකට වැඩි මුදලක් වියදම් කර නිෂ්පාදනය කළ රුපවාහිනී නිර්මාණයක් කිසියම් ජාතික නාලිකාවකින් විකාශනය කිරීම සඳහා කැමැත්ත පළ කර, ආණ්ඩු මාරුවකින් ඉක්බිති එම ජාතික නාලිකාව ම පෙර විකාශනය කිරීමට එකඟත්වය පළ කළ රූපවාහිනී නිර්මාණය ප්‍රතික්ෂේප කළ හොත් එම නිර්මාණය වෙනුවෙන් මුදල් ආයෝජනය කළ පුද්ගලයා කෙබඳු අසීරුතාවකට පත් වේද, එම නිර්මාණය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා කෙබඳු මානසික පීඩනයකට ලක් වේ ද...?

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ එබඳු ඛේදවාචකයකට මුහුණ දුන්, අධ්‍යක්ෂවරියකි; ඇය තුෂාරි අබේසේකර යි.

තුෂාරි අබේසේකර එදා මෙදාතුර විශිෂ්ට ගණයේ: නවකතා, තිර රචනා, රුපවාහිනි නිර්මාණ, වාර්තා චිත්‍රපට මෙන් ම වේදිකා නාට්‍ය ද නිර්මාණය කළ නිර්මාණකාරියකි. යට කී ආකාරයට රාජ්‍ය නාලිකාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද, පාරමී විශ්මිකා විසින් නිෂ්පාදනය කරන ලද ''සකාලි'' නමැති රූපවාහිනී නිර්මාණය යි.

මතු පළ වන්නේ එලෙස ප්‍රතික්ෂේපිත රුපවාහිනී නිර්මාණයේ අධ්‍යක්ෂකවරිය වන තුෂාරි අබේසේකර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...