ජාතික ජනබලවේග ආණ්ඩුව එම මගෙහි යමින් ඇතැයි ද ''සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ'' ලේකම් සුනිල් ජයසේකර 'වොයිස්ටියුබ්' නාලිකාවේ inside voice වැඩසටහනේදී පැවැසීය.
එහෙත් එසේ ආර්ථික සංවර්ධනය සඳහා විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැතැයි ඔහු කීය.
එහෙත් එසේ ආර්ථික සංවර්ධනය සඳහා විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැතැයි ඔහු කීය.
එසේම පසුගිය පාලන කාලයේදී සම්මත කළ දූෂණ විරෝධී පනත ද අලුත් ආණ්ඩුව විසින් හොඳින් ක්‍රියාත්මක කරනු ලබන්නේ යැයි කී හෙතෙම එමගින් කෙරෙන අත්අඩංගුවට ගැනීම් ගැන සාධාරණ සමාජයක් ජනතාව ව්‍යාපාරයද ඉතා සතුටට පත්වන්නේ යැයි පැවැසීය.
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන අනාගත සංවර්ධනයක් වෙනුවෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට ලංකාව අවතීර්ණ විය යුතු යැයි ලේකම්වරයා කීය.
මේ රටේ අනාගතය කෙසේ සකස් විය යුතුද යන සාකච්ඡාවට මහජනයා සහභාගී විය යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාධනීය නිර්දේශ ප්‍රතික්ෂේප නොකළ යුතු වුවද නූතන ලෝකයේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව ගෝලීය තෙරපුමකින් පමණක් ලංකාවට සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)