BREAKING
Top Ad
සමාලාප

ඕනෑම කෙනෙකුට තමන්ගෙ සිහින සැබෑ කරගන්න පුළුවන් - ස්ටැන්ලි පෙරේරා (වීඩියෝ)

T

The Leader

September 14, 2025 • 3:32 AM

ඕනෑම කෙනෙකුට තමන්ගෙ සිහින සැබෑ කරගන්න පුළුවන් - ස්ටැන්ලි පෙරේරා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චාලි චැප්ලින්ගේ සිට මාලන් බ්‍රැන්ඩෝ දක්වා වූ ලොව පුරා වෙසෙන නළු නිළියෝ ද,
  • ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානය හෙතෙම හඳුන්වන්නේ ''කොහොම හරි ගොඩ ගියා'' යන මැයෙනි.
  • නමුත් ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළින් අද ඔබ සම්මුඛ වන්නේ කිසිදු සිවිල් බලයක් නොතිබිය දී සිය චරිතාපදානයෙන් කොටසක් Face book වෙත ලියා, අනතුරුව එම ලියවිල්ල කෘතියක් ලෙස සමාජ ගතකළ ලේඛකයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කමලා දාස්ගේ සිට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දක්වා වූ සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයෝ ද, බොබ් මාලේගේ සිට ලතා මංගේෂ්කාර් දක්වා වූ සියලු ගායක ගායිකාවෝ ද, අකිර කුරසාවාගේ සිට ඩේවිඩ් ලින්ච් දක්වා වූ සියලු සිනමාවේදීන් ද චේ ගුවේරාගේ සිට නෙල්සන් මැන්ඩෙලා දක්වා වූ දේශපාලන සටන් කාමිහු ද තව ලොව බොහෝ පුද්ගලයෝ සිය චරිතාපදානය තමන් විසින් ම ලියන ලද්දේ හෝ ලියවා ගන්ත්තේ ඔවුන් සමාජය තුළ දැවැන්ත සිවිල් චරිතයක් බවට පත් වූ පසුව ය.

නමුත් ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළින් අද ඔබ සම්මුඛ වන්නේ කිසිදු සිවිල් බලයක් නොතිබිය දී සිය චරිතාපදානයෙන් කොටසක් Face book වෙත ලියා, අනතුරුව එම ලියවිල්ල කෘතියක් ලෙස සමාජ ගතකළ ලේඛකයෙකි. ඔහු නමින් ස්ටැන්ලි පෙරේරා ය. ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානය හෙතෙම හඳුන්වන්නේ ''කොහොම හරි ගොඩ ගියා'' යන මැයෙනි.

මතු පළ වන්නේ: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ස්ටැන්ලි පෙරේරා සිය ස්වයං ලිඛිත චරිතාපදානය වන ''කොහොම හරි ගොඩ ගියා'' කෘතිය පාදක කරගෙන කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...