පළමු වරට ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කර ඇත.
‘ද බජට් ප්‍රපෝසල් හබ්’ (Budget Proposal Hub’) මැයෙන් නම් කර ඇති මේ වැඩපිළිවෙලට වෙරිටේ ආයතනය යටතේ පවතින PublicFinance.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.
මෙහි දැක්වෙන්නේ එම වැඩපිළිවෙල ගැන වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ විශ්ලේෂිකා බුලනි වීරවර්ධන ‘වොයිස් ටියුබ්’ ඉන්සයිඩ් වොයිස් හා සම්මුඛ වෙමින් පළ කළ අදහස්ය.
ප්‍රශ්නය :
බජට් ප්‍රපෝසල් ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
බජට් ප්‍රපෝසල් හබ් එක කියන්නෙ වෙබ් සයිට් එකක්. කවුරු හෝ පුරවැසියෙක් හිතනවා නම් මේකත් අයවැයට එකතු වුණා නම් හොඳයි කියල ඒකට යෝජනා දෙන්න පුළුවන්. ඒ වගේම දැනට තිබෙන යෝජනාවලට වොට් කරන්න (මනාපය) පුළුවන්. ප්‍රමුඛත්වය දිය යුතු යෝජනා ඉහළට ගන්න පුළුවන්. එතකොට අපි ඒ ගැන රජයට දැනුම් දෙනවා. යෝජනා විතරක් නෙවෙයි ඒකට අදාළ හේතුත් එහි තිබෙනවා. ඇයි අපි මේක කළ යුත්තේ කියල ඒක විiාත්මකව පහදලත් තිබෙනවා.
ප්‍රශ්නය :
අයවැය යෝජනා කිව්වාම ගමේ මිනිස්සු හිතන්නේ ආයෝජන මණ්ඩල, වාණිජ මණ්ඩල වැනි බරසාර ආයතනවලින් කරන දෙයක් කියලා. ගමේ සාමාන්‍ය මනුස්සයාටත් මේක කරන්න පුළුවන්ද?
අපි හැමෝම හැම වෙලාවම දේවල් ගැන පැමිණිලි කරනවනෙ. පැමිණිලි කිරීමෙන් නවතින්න එපා. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට ඔබ දකින විසඳුම අපට යොමුකරන්න. හැමෝම හැම දේම දන්නේ නෑ. අපේ වෙබ්සයිට් එකේ තිබෙන ටෙම්ප්ලේට් එකක් තියෙනවා. යෝජනාව, යෝජනාවට හේතු දක්වන හැටි එහි පියවරෙන් පියවර පැහැදිලි කර තිබෙනවා. ටෙම්ප්ලේට් එක අවබෝධ කරගන්න අමාරු නම් ආදර්ශී යෝජනාත් එහි ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒවා කියවල තේරුම්ගන්න පුළුවන්. ඒකත් අපහසු නම් වෙරිටේ රිසර්ච් ආයතනයට ඊමේල් පනිවුඩයක් මගින් කරුණු විමසන්න පුළුවන්. එහෙම නැත්තන් දුරකථන ඇමතුමකින් වුණත් කරුණු දැනගන්න පුළුවන්.
ප්‍රශ්නය :
මෙවැනි දෙයක් පටන්ගන්න හේතු වුණේ මොකක්ද?
අයවැය ගැන සාමාන්‍ය ජනතාව මුලින්ම දැනගන්නේ මුදල් ඇමැති අයවැය කියෙව්වාමනෙ. ඒ වුණාට ඒකට හරිහමන් ජනතා සහභාගීත්වයක් නෑ. ඕපන් බජට් සර්විස් හෙවත් විවෘත අයවැය සමීක්ෂණය නමැති ජාත්‍යන්තර සමීක්ෂණය මේ බව කරුණු සහිතව පෙන්වාදුන්නා. රටවල් 125ක අයවැය කොපමණ විවෘතද කොපමණ විනිවිදභාවයකින් යුක්තද කියලා එහිදී සමීක්ෂණය කළා.
ප්‍රශ්නය :
වෙරිටේ රිසර්ච් විදියට මොනවද මේකට හදපු යෝජනා?
ප්‍රශ්නය :
වංචාව දූෂණය නාස්තිකාර වියදම් ගැන රට වැටුණාට පස්සේ විශාල සාකච්ඡාවක් ආවා. අසාධුලේඛනගත සමාගම් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම ගැන එහිදී යෝජනා ආවාද?
ප්‍රශ්නය :
ආණ්ඩුව මෙවැනි දෙයක් ගැන අදහසකින් හිටියාද?
අපේ පර්යේෂණ පත්‍රිකාව සමග අදහස් දැක්වුවා. කලිනුත් ඊට අදාළ යෝජනා අපි යැව්වා. බජට් ප්‍රපෝසල් හබ් වෙබ් අඩවියේත් මිනිස්සු ඊට උනන්දුවෙන් අනුමැතිය පළ කර තිබෙනවා.
ප්‍රශ්නය :
වෙරිටේ ඉදිරිපත් කළ තව යෝජනා තිබෙනවාද?
අපනයන ක්‍රියාවලිය හා බැඳුණු කලාප ගැන අපි කතා කළා. ආයෝජන මණ්ඩලය යටතේ එවැනි කලාප 15ක් තිබෙනවා. ඒ 15න් තිබෙන ලොකුම ඒවා ගත්තොත් කටුනායක, හොරණ වැනි කලාප මේ වනවිට උපරිම සීමාවලට පැමිණ තිබෙනවා. ඉඩම් නෑ දැන් සමාගම්වලට. ඒ ඉඩකඩ නැතිවීම පළමු කරුණ. දෙවැනි කරුණ වන්නේ අරමුදල්. ඒ කියන්නේ අලුතින් කලාප පිහිටුවීමට තරම් රජයේ අරමුදල් නෑ.
මේ නිසා ඒ සඳහා පෞද්ගලික ආයෝජන ගැන කලක් තිස්සේ කතා කළත් ඊට අදාළව නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. ඇත්තටම අලුත් කලාප සඳහා පෞද්ගලික ආයෝජන අතිශය වැදගත්. එහෙත් ඒකට පෞද්ගලික ආයෝජන ගේනවා නම් ඊට අවම තත්ත්වයන් තිබෙනවා. ඒ අයට ඇවිත් ඕනෑ විදියට කලාප පිහිටුවන්න බෑ. යටිතල පහසුකම්, විදුලිය පැවැතිය යුතු ආකාර තිබෙනවා. ස්වාධීන අධීක්ෂණයත් එසේම වැදගත්. දැනට එවැනි අධිකාරියක් නෑ. ආර්ථික පරිවර්තන පනතේවත් එවැනි ස්වාධීන අධීක්ෂණ අධිකාරියක් හෝ අවම තත්ත්ව ගැන සඳහනක් නෑ.
ඒ වගේම මෙවැනි දේකට ඉඩම් අත්පත් කරගැනීමේදී ලංකාවේ විශාල කාලයක් ගතවෙනවා. එතකොට පෞද්ගලික අංශය ආයෝජනය කරන්න කැමැති නෑ. අපි යෝජනා කරන්නේ මේ ප්‍රශ්න කල්තියා විසඳාගැනීමට ක්‍රමයක් රජය සකසා ගත යුතුයි. තුන් වැනි කරුණ වන්නේ තිරසර සංවර්ධනය. පරිසර හිතකාමී විදියට කම්කරු ප්‍රමිති පවත්වාගෙන යනවා නම් පරිසරයටත් එවැනි ප්‍රමිති හදන්න පුළුවන්. ඒවා අනෙක් රටවල් කරන්න කලින් අපි පටන්ගත්තාම එහි වාසිය අපට ලැබෙනවා. ඒකත් අපේ යෝජනාවක්.
ප්‍රශ්නය :
මේ යෝජනා රජයට බාරදෙනවාද?
මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවනවා. එතකොට යෝජනා දෙන්න පුළුවන්. අපේ පර්යේෂණ යෝජනා වගේම ජනතා යෝජනාත් යවනවා.
ප්‍රශ්නය :
මේ සඳහා වූ කාලරාමුව මොකක්ද?
අපි මෙහිදී බලන්නේ අයවැය හදන කාලේම ජනතාව ඊට සක්‍රීයව සහභාගී කරගන්නයි. අයවැය විවාදය ඔක්තෝබර් මුල පටන් ගන්නවා. ඊට කලින් මේ යෝජනා යවන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශවලට යෝජනා ඉල්ලා චක්‍රලේඛය නිකුත් කිරීමට සමාන්තරව මේ දේ වෙන්නේ. හැබැයි එයින් පසු මේ ක්‍රියාවලිය නතර වෙන බවක් එයින් අදහස් වෙන්නේ නෑ. විවාදය කාලයේත් ඉන්පසුවත් ජනතාවට මීට සහභාගී විය හැකියි.
අපි යෝජනා කෙටුම්පත් කළාට පස්සේ මුදල් ඇමැති අයවැය කියවනවා. විවාද කරනවා. ඒ කාලයේත් හඬක් නැති අයට ඔවුන්ගේ සංවිධාන හෝ පෞද්ගලිකව වුණත් පාර්ලිමේන්තුවට පැමිණ යෝජනා දීමට ඉඩකඩ හදන්න ඕනෑ. ඒ බව වෙරිටේ රිසර්ච් විදියට අපි රජයට අවධාරණය කරනවා. විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන්, ඉඩම් අහිමි වැසියන් වැනි ආන්තික කණ්ඩායම්වලට අපට කතා කරලා සිය අදහස් යෝජනා බවට පත්කරගැනීමට සහාය ගන්න අවස්ථාව තිබෙනවා.
ප්‍රශ්නය :
මුදල් අමාත්‍යාංශයට අයවැය කාලයට යෝජනා රැසක්ම විවිධ පාර්ශ්වවලින් දෙනවා. ඒත් ඒවායේ අභ්‍යන්තරය අපට දැකගැනීමට ලැබෙන්නේ නෑ. මේ වැඩසටහන මගින් ඉදිරිපත් වන යෝජනා මහජනතාවට විවෘතව දැකගැනීමට පුළුවන්ද?
ඔව්. පවතින ක්‍රමයේදී යෝජනා යැව්වත් ඒක දන්නේ යවපු කෙනා හා මුදල් අමාත්‍යාංශය විතරයි. ඒක හොඳද නරකද ඒක අයවැයට ගත්තාද ප්‍රතික්ෂේප වුණාද කියලා කවුරුවත් දන්නේ නෑ. එතකොට අපි මේකෙන් කරන්නේ යෝජනා ලබාගැනීමෙන් නොනැවතී ඒවා විශ්ලේෂණය කරන ලෙස රජයෙන් ඉල්ලීම් කරනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට හේතු දක්වා ලේඛනයක් විදියට ඉදිරිපත් කරන්න. උදාහරණයකට ලංකා විදුලි බල මණ්ඩල ඉල්ලීම් අනුව විදුලිය ගාස්තු වෙනස් කරද්දී මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් ගන්නවා. අවසානයේදී තමන් ගන්නා තීන්දුවලට මහජන අදහස් බලපෑ ආකාරය ලේඛනයක් විදියට ප්‍රසිද්ධ කරනවා.
ප්‍රශ්නය :
මෙවරත් විදුලි ගාස්තු ඉහළ දැමීමට නැවත ඉල්ලීමක් ලංවිමෙන් ඉදිරිපත්ව තිබෙනවා. එවැනි දේ පවා බජට් ප්‍රපෝසල් වැඩසටහනට ඉදිරිපත් කරන්න පුළුවන්?
ඔව්. සාක්ෂි මත පදනම්ව එවැනි දේ ඉදිරිපත් කළ හැකියි.
ප්‍රශ්නය :
දැනට මේ වැඩපිළිවෙලට තිබෙන ප්‍රතිචාර මොන වගේද?
හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඊමේල් හරහා යෝජනා එවලා තිබෙනවා. අපේ යෝජනාවලට වොට් කිරීමෙන් අනුමැතිය පළ කර තිබෙනවා.
ප්‍රශ්නය :
විශ්ව විද්‍යාල වැනි විධිමත් පද්ධතියටත් මේ වැඩසටහනේදී ලොකු වැඩක් කරන්න අවස්ථාව තිබෙනවා නේද?
විශ්ව විද්‍යාල සිසුන්ට මේක වටිනා අවස්ථාවක්. මොකද ඔවුන් පුළුල් ලෙස කරුණු විශ්ලේෂණය කරන පිරිසක්. ඒ නිසා එවැනි යෝජනා ඉදිරිපත් කිරීම් ඉතා වටිනවා.
ප්‍රශ්නය :
අවුරුදු කෑම මේසයට මොකක්ද වුණේ.. රාජ්‍ය ණය මට්ටම දැන් කොතැනද.. ආණ්ඩුව කෙතරම් පොරොන්දු සංඛ්‍යාවක් ඉටු කරලා තිබෙනවාද වැනි ජනතාව උනන්දු දේවල් ගැන වෙරිටේ ආයතනය පහුගිය කාලේ සිය පර්යේෂණ සමග හෙළිදරව් කිරීම් සිදුකළා. ඒ පර්යේෂණ ප්‍රතිඵල ගැන අත්දැකීම් මොන වගේද?
ලංකාවෙ මිනිස්සු වැඩිපුර කැමැති පැමිණිලි කරන්න. අපි කරන්නේ ප්‍රශ්නය ගැන දත්ත සාක්ෂි සහිතව කරුණු පෙන්වාදීම. ජාත්‍යන්තරව තිබෙන විසඳුම් මොනවාද කියල හොයන්න පුළුවන්. උදාහරණයකට අපි මේ බජට් ප්‍රපෝසල් වැඩසටහන හදද්දී දකුණු කොරියාවේ 2018 ක්‍රියාත්මක කළ මයි බජට් කියන වෙබ් අඩවි ආකෘතිය ආදර්ශයක් කරගත්තා. එහිදී දකුණු කොරියානු ජනතාවට සිය යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ විදියට අපට පුළුවන් වටිනා ජාත්‍යන්තර පියවර අපේ රටට දේශීයකරණය කරගන්න. අවසාන වශයෙන් මේ සියලු දේ රටේ ආණ්ඩුකරණයට ප්‍රජාතන්ත්‍රවාදය දියුණුවට විශාල සහයෝගයක්.
(සංවාද සටහන : ගිම්හාන් ද සිල්වා)
සබැඳි පුවත් :
2026 අයවැයට යෝජනා ඉදිරිපත් කරන්න වෙරිටේ වෙතින් අලුත් වැඩක්




