තවත් පැත්තකින් ගත්ත ම කිසියම් පුද්ගලයෙක් පිරිමියෙක් විදියට ඉපදුණාට ඔහුගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය කාන්තාවකගේ ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. එතන දි ඒ පුද්ගලයා නිරන්තරයෙන් ම උත්සාහ කරන්නෙ කාන්තාවක් විදියට හැසිරෙන්න; ජීවත් වෙන්න.
එතනදි අපි ඇයට හෝ ඔහුට සමච්චල් කරන එක සාධාරණ ද...? නැහැ... කිසි සේත් ම නනැහැ... අපි කරන්න ඕනේ ඒ පුද්ගලයාගේ අනන්‍යතාවට ගැළපෙන විදියට ජීවත්වීමට අවශ්‍ය වට පිටාව හදල දෙන එක.
මෙන්න මෙතනදි සාහිත්‍ය කලා යනාදි නිර්මාණකරුවන් වෙත කිසියම් වගකීමක් පැවරෙනවා; ඒ වගකීම තමයි ඒ ඒ පුද්ගලයින්ගේ අනන්‍යතාවට ගැළපෙන පරිදි ඔවුන්ට ජීවත් වීමට ඉඩ සැලසිය යුතුයි කියන අදහස සමාජ ගතකරන එක.
අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ සිය දක්ෂතාව උපයෝගි කරගෙන යට කී වගකීම ඉටු කරපු ලේඛකයෙක්.
ඔහු තමයි මංජු නැදගමුව.
මම එහෙම කියන්නෙ ඇයි කියල දැනගන්න නම්, අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වෙන මංජු නැදගමුව ගෙ සාකච්ඡාව අන්තර්ගත මේ විඩියෝව නරඹන්න
(සටහන - ජයසිරි අලවත්ත)




