BREAKING
Top Ad
සමාලාප

'රන්සුනු' කියන්නෙ පුද්ගලයා තුළ සිටින නිර්මාණකරුවා අවදි කරවන බලවේගයක් - සුමුදු චතුරාණි ජයවර්ධන

T

The Leader

December 7, 2025 • 2:18 AM

'රන්සුනු' කියන්නෙ පුද්ගලයා තුළ සිටින නිර්මාණකරුවා අවදි කරවන බලවේගයක් - සුමුදු චතුරාණි ජයවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ලේඛක කාර්ය හුදෙක් ශිල්පයක් හෝ ජීවනෝපායක් පමණක් ලෙස ගණන් ගැනීම අතිශය සාවද්‍ය ය. ලේඛන කාර්ය යනු නිර්මාණය සඳහා ඇතුළතින් පැන නගින උද්වේගයේ බාහිර ප්‍රකාශනයකි.''
  • ආශාව ඇති කර ගත හැකිය; ප්‍රතිභාව ඇති විය යුතුය.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් රන්සුනු කෘතියේ කතුවරිය වන සුමුදු චතුරාණි ජයවර්ධන ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කොන්සටන්ටැයින් පවුස්තවුස්කි: රන් රෝස: පිටුව 30: පරිවර්තනය - ආරියවංශ රණවිර: සාර ප්‍රකාශන: 1990

 

b.67 500x768
''රන් රෝස'' යනු සාහිතය කලා නිර්මාණ කර්තව්‍යයෙහි සෑම අස්සක් මුල්ලක් ම ආවරණය කෙරෙන, එහි නියැළෙන ඔ්නැම පුද්ගලයකු ගේ නිර්මාණාත්මක හැකියාව අවදි කරගත හැකි ආකාරයේ අත් පොතකි. නමුත් මේ කතාව එම කෘතිය පිළිබඳව නොවේ. එය කියවීමෙන් ලද උත්තේජනයෙන් ලියැවුණ වෙනත් කෘතියක් සහ එම කෘතියේ ලේඛිකාව පිළිබඳ කතාවයි.

නමින් සුමුදු චතුරාණි ජයවර්ධන වන ඇය: මාධ්‍යවේදිනියකි; ලේඛිකාවකි; රූපවාහිනී සම්ප්‍රවේශිකාවක මෙන් ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිදයාලයේ බාහිර කථිකාචාරයවරියකි.

ransunu''කෙනෙකුට නිර්මාණයක් කරන්නට අධික ආශාවක් තිබිය හැකි ය. එහෙත් ඒ ආශාව ප්‍රතිභාව නම් නොවේ. ආශාව ඇති කර ගත හැකිය; ප්‍රතිභාව ඇති විය යුතුය. නිර්මාණයක් කිරීමෙන් ලැබෙන ප්‍රශංසාව, කිර්තිය, ධනය ආදිය නිසා නිසා ආශාව වර්ධනය විය හැකිය. එහෙත් ප්‍රතිභාව වැඩෙන්නේ සතතාභ්‍යාසය හා ව්‍යුත්පත්තියය හේතු කර ගෙනය.''

සුමුදු චතුරාණි ජයවර්ධන: රන්සුනු: පිටුව 139: swan books: 2024

යට දක්වා ඇති කොන්සටන්ටැයින් පවුස්තවුස්කි ගේ ප්‍රකාශයත්, සුමුදු චතුරාණි ගේ ප්‍රකාශයත් නිර්මාණකරණයේ නියැළෙන අය වෙත කදිම ආදර්ශයක් සපයන බව නිසැක ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් රන්සුනු කෘතියේ කතුවරිය වන සුමුදු චතුරාණි ජයවර්ධන ය.

මතු පළ වන්නේ ඇය The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව ය.

සැලකිය යුතු යි: කෘති ද්විත්මයෙන් ම උපුටා ගත් කොටස්වල අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම එම කෘතිවල අන්තර්ගත පරිදි ම ය

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...