BREAKING
Top Ad
සමාලාප

මම, කවිය ඉල්ලා සිටින භාෂාව භාවිත කරන්න උත්සාහ කළා - රුවනි සිසිජා

T

The Leader

December 14, 2025 • 4:17 AM

මම, කවිය ඉල්ලා සිටින භාෂාව භාවිත කරන්න උත්සාහ කළා - රුවනි සිසිජා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවියකු/ කිවිඳියක යනු නිරන්තරයෙන් ම භාෂාවේ පවතින ව්‍යංජනා ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට දක්ෂතා දක්වන පුද්ගලයෙක්. කවියා/කිවිඳිය තමන් භාවිතයට ගන්නා සෑම වචනයක ම පවතින වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ මතුකර ගැනීමට උත්සහ දරනවා.
  • අන්න එතනදි තමයි මම යට සඳහන් කරපු  වචන සංඝටනය වඩා වැදගත් වෙන්නෙ.
  • මොකද අපි දන්නවා කවියා/ කිවිඳිය යොදා ගන්නේ සමාජයේ ම පවතින භාෂාව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේ ම ව්‍යංගාර්ථ බවින් පරිපුර්ණ වුණ භාෂාවක් භාෂාවක් භාවිත කළ පමණින් ම කවියක් චමත්කාර ජනක වෙන්නෙ නැහැ. එතනදි පද සංඝටනයත් ඉතා ම වැදගත්.

මම විශ්වාස කරන්නෙ කවියකු ගේ/ කිවිඳියක ගේ විශේෂත්වය රඳා පවතින්නේ ඔහු/ඇය සතුව පවතින වාග් කෝෂයෙහි විශාලත්වය මත නෙවෙයි කියලයි. අන්න එතනදි තමයි මම යට සඳහන් කරපු  වචන සංඝටනය වඩා වැදගත් වෙන්නෙ. මොකද අපි දන්නවා කවියා/ කිවිඳිය යොදා ගන්නේ සමාජයේ ම පවතින භාෂාව. නමුත් විශේෂත්වය වෙන්නෙ කවියා/ කිවිඳිය ඒ භාෂාව විශේෂ ආකාරයට ගොනු කරන එකයි.

මොන තරම් භාෂා ප්‍රවීණත්වයක් තිබුණත්, තමන් ගේ වාග් කෝෂය මොන තරම් පොහොසත් වුණත් යට කියපු විදියට තමන් සතුව පවතින භාෂා ශක්‍යතාව පිළිවෙළට ගොනු කරගන්න අපොහොසත් නම් ඔහු/ඇය පබඳින කවි සාර්ථක වෙන්නෙ නැහැ.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මෙන්න මේ යට සඳහන් කරපු ආකාරයට තමන් දන්නා භාෂාව කවියට සුදුසු විදියට ගොනු කරන්න හැකියාව පවතින කිවිඳියක්.‍

 

533234158 24276341198652106 2951439670957893692 n

ඇය නමින් රුවනි සිසිජා; ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ඇය නම් කරල තියෙන්නෙ ''වයින් කළ විට ඈ නටන්නී'' යන මැයෙන්.

මතු පළ වන්නේ එම කාව්‍ය සංග්‍රහය පිළිබඳව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව ඇය සමග කළ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...