එය බොහෝ ප්‍රශ්න නිර්මාණ කරනවා. එකම දේ තමයි එහි නිත්‍ය අවස්ථා නැහැ. හැම පුද්ගලයකු ම විවිධ අවධිවල විවිධ අවස්ථා පසු කරයි. මොකද හැම අයකු ම විවිධ තත්ත්වයෙන් බොහෝ ජීවිත එකතු කරගෙන සිටිනවා.
ඉතින් එය අවබෝධය ලබාගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි. එය ඔබ ගේ අනාගත මාවතේ හැඩයේ තත්ත්වයේ ප්‍රශ්නයක්. මොකද දෙදෙනකු ගේ මාවත එකක් වෙන්නේ නැහැ. ඇයි මම මේ දේ යළි යළිත් කියන්නේ...? එය අධිවේගී මාර්ගයක් නෙවෙයි; අඩි පාරක් ද නෙවෙයි; පෙර නිමාකර ඇති දෙයක් ද නෙවෙයි. ඔබට එය පෙර හොයාගන්න නැහැ. එය මතින් ඔබ ඇවිදින්න නැහැ. ඔබ ඇවිද එය හදන්න ඕන. ඔබ ඇවිද... ඇවිද එය හදන්න ඕන.''
ඕෂෝ ස්වයං ලිඛිත චරිතාපදානය: පිටුව 103: පරිවර්තනය ජනජීව වේහැල්ල: කවිවර ප්‍රකාශන
ඔබ ඕෂෝ ගේ දේශනා අනන්තවත් කියවා ඇති; විවිධ පර්වර්තකයින් සිංහල භාෂාවට පරිවර්තනය කළ දේශන කියවා ඇති. එහෙත් ඔබට මෙතුවක් කල් ඕෂෝ ගේ ස්වයං ලිඛිත චරිතාපදානය සිංහල භාෂාවෙන් කියවන්න අවස්ථාව ලැබුණෙ නැහැ. හැබැයි දැන් ඔබට ඒ අවස්ථාව ලැබිල තියෙනවා.
ඒ තමයි ජනජීව වේහැල්ල විසින් පරිවර්තිත 'ඕෂෝ ස්වයං ලිඛිත චරිතාපදානය' කෘතිය.
ජනජීව මීට පෙරත් ලෝකයේ සුවිශේෂ චරිත කිහිපයක් ම සිංහල බසට පරිවර්තනය කළා. ඒවා පිළිවෙළින් ලිව්වොත්: 'සත්සර විප්ලවවාදියා', 'බොබ්මාර්ලේ, 'මාතෘ භූමියට කිරි දුන් මව්වරු' (වියට්නාම් ගරිල්ලාවරියන්ගේ මතක), 'රෙගී රජු සමග මගේ ජීවිතය' (බොබ්මාර්ලේ ගේ බිරිඳ විසින් ලියන ලද්දක්), 'ටානියා, චේගුවේරා ගේ රහස් ඔත්තුකාරිය' සහ 'සද්ගුරු සංවාද 01 සහ 02'
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කෘති පරිවර්තනය කළ ජනජිව වේහැල්ල.
මතු පළ වන්නේ ඔහු, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)




