BREAKING
Top Ad
සමාලාප

රට හදන්න නම් සමස්ත පද්ධතිය ම වෙනස් කළ යුතුයි - මො. ල. සෙනවිරත්න (වීඩියෝ)

T

The Leader

December 28, 2025 • 4:48 AM

රට හදන්න නම් සමස්ත පද්ධතිය ම වෙනස් කළ යුතුයි - මො. ල. සෙනවිරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක නීතියක් පවතින්නේ සහ ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාව කරන වැරැදි වැළැක්වීමට හෝ අවම කිරීම සඳහා ය.
  • මෙබඳු සැකකරුවන්ට හෝ සැකකාරියන්ට පවතින නීතියට අනුව අධිකරණය: ඇතැම් අයට ඇප නියම කරයි; ඇතැම් අය දින 14ක් රක්ෂිත බන්ධනාගාර (රිමාන්ඩ්) ගත කරයි; ඇතැම් අය නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
  • ඒ සඳහා පුරවැසියකු ලෙස මැදිහත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව තමන්ට හැකි පමණින් දායක විය හැකි මට්ටමින් රචනා වූ කෘතියක් සහ කතුවරයෙක් අපට මුණ ගැසුණි.
  • සෙනෙවිරත්න ය; ඔහු විසින් රචිත කෘතිය නම් කර ඇත්තේ   ''සිපීර්'' යන්වෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එලෙස පවතින නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අවම පද්ධති ත්‍රිත්වයක් එකම දාමයක් ලෙස පවතී. ඒ: පොලිසිය, අධිකරණය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යි.

පුද්ගලයකු අධිකරණ තීන්දුවකින් වැරැදිකරුවකු හෝ වැරැදිකාරියක වන තුරු ඔහු හෝ ඇය සැකකරුවෙක් හෝ සැකකාරියක පමණි. මෙබඳු සැකකරුවන්ට හෝ සැකකාරියන්ට පවතින නීතියට අනුව අධිකරණය: ඇතැම් අයට ඇප නියම කරයි; ඇතැම් අය දින 14ක් රක්ෂිත බන්ධනාගාර (රිමාන්ඩ්) ගත කරයි; ඇතැම් අය නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

වැරැදිකරුවකු හෝ වැරැදිකාරියක වුව ද නොවූව ද බොහෝ විට පුද්ගලයකු ගේ ජීවිතයේ අසීරු ම අවධිය වන්නේ මෙකී රක්ෂිත බන්ධනාගාර ගත වන සමය යි.

බහුතරයකට එසේ වුව ද නිලය, මුදල් බලය, දේශපාලන බලය යනාදි බල කේන්ද්‍රීය පුද්ගලයින් ඒ අසීරු ම අවධිය පවා සුඛෝපභෝගි ලෙස ගත කරයි; වෙනසකට පවතින්නේ බාහිර සමාජය සමග සජිවී ඇසුරක් පැවැත්වීමට නොහැකි වීම පමණි; නමුත් මේ වන විට පවතින තාක්ෂණික ක්‍රම ද උපයෝගි කරගනිමින් ඔවුන් සමස්ත ලෝකය සමග ම සම්බන්ධතා පවත්වයි.

WhatsApp Image 2025 06 13 at 2.53.45 PMපොලිසියෙන් ඇරඹී අධිකරණය හරහා බන්ධනාගාරය තෙක් දිවෙන මෙම චක්‍රයෙහි පවත්නා අති දුෂ්කර දිවි පෙවෙත සහ රාජ්‍ය පද්ධතියේ පවත්නා දුර්වලතාව හේතුවෙන් අන්ත අසරණභාවයට පත්වන මිනිස්සු පිළිබඳ රාජ්‍යයේ අවධානය අනිවාර්යයෙන් ම යොමු විය යුතු ය.

ඒ සඳහා පුරවැසියකු ලෙස මැදිහත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව තමන්ට හැකි පමණින් දායක විය හැකි මට්ටමින් රචනා වූ කෘතියක් සහ කතුවරයෙක් අපට මුණ ගැසුණි. ඒ කතුවරයා නම් සම්මානිත කවර නිර්මාණ ශිල්පියකු, මාධ්‍යවේදියකු මෙන් ම කවියකු ද වන මො. ල. සෙනෙවිරත්න ය; ඔහු විසින් රචිත කෘතිය නම් කර ඇත්තේ   ''සිපීර්'' යන්වෙනි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ එම කතුවරයා ය; ඒ, සිපීර් කෘතිය සහ එය රචනා කිරීමට හේතුපාදක වූ කරුණු සහ එහි අරමුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.

මතු පළ වන්නේ මො. ල. සෙනවිරත්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පුර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...