BREAKING
Top Ad
සමාලාප

අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)

T

The Leader

January 25, 2026 • 3:50 AM

අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සු ලෙස ඉපදෙන අපි ලෝකයට පේන්න මිනිස්සු විදියට ජීවත් වුණාට අපි අතර බොහෝ විට සැඟවිලා පවතින්නෙ මිනිස්කමට නිගා දෙන සිතතිවිලි, ක්‍රියාකාරකම්. ප්‍රශ්නය තියෙන්නෙ මම හෝ ඔබ ඒ තැන සිටගෙන සිටින අතර ම අනෙකා එසේ නොවිය යුතුයි කියල අදහසක් කරන එක.
  • එහෙම නම් අපි මේ තත්ත්වයෙන් මිදිලා මගේ නිදහස අනෙකාට ද ලබා දිය යුතුයි හෝ ඔහුට හෝ ඇයට ද එම නිදහස ම තිබිය යුතුයි, මා ඇගේ හෝ ඔහු ගේ නිදහසට බාධා නොකළ යුතුයි යන ස්ථාවරයට ඔබටත් මටත් පත් වෙන්න පුළුවන් නම් මම හිතන්නෙ ලෝකය මීට වඩා ලස්සන වේවි.
  • මෙන්න මේ නිසා ම මිනිස්සු මිනිස්සු අතර නොයෙක් ආකාරයේ ගැටුම් ඇති වෙනවා; හිත් රිදීම් ඇති වෙනවා; එක් මිනිසෙක්, තවත් මිනිසෙක් හෝ කණ්ඩායමක්, තවත් කණ්ඩායමක් අත්හරින තත්ත්වයට පත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙන්න මේ නිසා ම මිනිස්සු මිනිස්සු අතර නොයෙක් ආකාරයේ ගැටුම් ඇති වෙනවා; හිත් රිදීම් ඇති වෙනවා; එක් මිනිසෙක්, තවත් මිනිසෙක් හෝ කණ්ඩායමක්, තවත් කණ්ඩායමක් අත්හරින තත්ත්වයට පත් වෙනවා. එහෙමත් නැති නම් ඒ අනිකා ඉවත් කරන්න උත්සාහ කරනවා.

නමුත් තමන් රිසි සේ තමා ගේ නිදහස භුක්ති විඳිනවා; ඒ අතර අනෙකා ගේ නිදහසට බාධා පමුණුවනවා.

එහෙම නම් අපි මේ තත්ත්වයෙන් මිදිලා මගේ නිදහස අනෙකාට ද ලබා දිය යුතුයි හෝ ඔහුට හෝ ඇයට ද එම නිදහස ම තිබිය යුතුයි, මා ඇගේ හෝ ඔහු ගේ නිදහසට බාධා නොකළ යුතුයි යන ස්ථාවරයට ඔබටත් මටත් පත් වෙන්න පුළුවන් නම් මම හිතන්නෙ ලෝකය මීට වඩා ලස්සන වේවි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එකතු වෙන කැළුම් වැලිගම විසින් රචිත ''අසීමා'' කෘතිය තුළින් කතා කරන්නෙ යට සඳහන් කළ 'මා මගේ නිදහස භුක්ති විදිනවා මෙන් ම අනෙකා ගේ නිදහස භුක්ති විදිමට ද අවස්ථාව සැලසිය යුතුයි' යන සංකල්පය යි.

මතු පළ වන්නේ ස්වයං උපකාරක දේශකයකු මෙන් ම ප්‍රබන්ධකරුවකු ද වන කැළුම් වැලිගම The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...