BREAKING
Top Ad
සමාලාප

පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ - සේපාලි මායාදුන්නේ (වීඩියෝ)

T

The Leader

February 1, 2026 • 4:45 AM

පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ - සේපාලි මායාදුන්නේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස් ජීවියා බිහි වීමේ විද්‍යාත්මක පදනමට අනුව එය පරිණාමයේ දිගුවකි. ඒ දිගුවේ ආරම්භය ප්‍රාථමික තත්ත්වයේ ද ප්‍රාථමික තත්ත්වයකි. එතැන් සිට මේ දක්වා විකාශනය වූ මිනිසා කාලයා ගේ ඇවෑමෙන් විවිධ ජාති, කුල, ආගමික යනාදි බෙදීම්වලට ලක් විය.
  • නමුත් මෙය ගැටලුවක් වන්නේ ම තමන් උසස් යැයි සම්මත කුලයක යැයි ඇතැම් පිරිසක් පවසන බැවිනි; එහෙත් එම පුද්ගලයා උසස් බවත් අනෙකා පහත් බවත් පවසන්නට, පිළිගන්නට හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කරන්නට එම පුද්ගලයෝ අසමත් වෙති.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට කී ප්‍රබල සමාජ සාධකය සිය නිර්මාණ කෞෂල්‍ය භාවිත කරමින් නිෂේධනය කිරීමට සමත් සාහිත්‍ය කෘතියක නිර්මාණකාරිණිය යි; ඇය නමින් සේපාලී මායාදුන්නේ ය; කෘතිය ''රාජ වල්ලිය'' යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මිනිසකු ගේ සමේ පැහැය වෙනස් වන්නට හේතුව පාරිසරික සහ දේශගුණික තත්ත්වය යැයි විශ්වාස කළ හැකි වුව ද මිනිසකු ජාති, කුල සහ ආගමික වශයෙන් බෙදී වෙන් වූයේ ඇයි ද යන්න තවමත් විසඳී නොමැති ගැටලුවකි.

නමුත් මෙය ගැටලුවක් වන්නේ ම තමන් උසස් යැයි සම්මත කුලයක යැයි ඇතැම් පිරිසක් පවසන බැවිනි; එහෙත් එම පුද්ගලයා උසස් බවත් අනෙකා පහත් බවත් පවසන්නට, පිළිගන්නට හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කරන්නට එම පුද්ගලයෝ අසමත් වෙති.

එහෙත් මෙහි අනෙක් පස...? එනම් අපි කිසිවකු කිසිවකුට වඩා උසස් යැයි හෝ කිසිවකු කිසිවකුට වඩා පහත් යැයි පැවසීම අර්ථ විරහිත යැයි ස්ඵුට කිරීමට නම් අවශ්‍ය තරම් සාධක පවතී; එහෙත් එය පවා පිළිගන්නට බොහෝ පිරිස් මැළිවෙති; යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් එලෙස මැළි වුව ද ඒ යථාර්ථය මැනවින් ස්ඵුට කරන්නට සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන පිරිස් සමත්ව සිටිති. ඒ ඉතිහාසයෙන් උකහා ගන්නා සාක්ෂි ද සහිතව ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට කී ප්‍රබල සමාජ සාධකය සිය නිර්මාණ කෞෂල්‍ය භාවිත කරමින් නිෂේධනය කිරීමට සමත් සාහිත්‍ය කෘතියක නිර්මාණකාරිණිය යි; ඇය නමින් සේපාලී මායාදුන්නේ ය; කෘතිය ''රාජ වල්ලිය'' යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සේපාලි මායාදුන්නේ සිය අභිනව ප්‍රබන්ධ කෘතිය වන ''රාජ වල්ලිය'' පිළිබදව කළ සම්පූර්ණ සාකාච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...