එහෙත් අප කියවූ, කියවා රස විඳි බොහෝ සෝවියට් සාහිත්‍ය නිර්මාණවල හිමිකරුවන් ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය ගොඩනැගීමෙන් ඉක්බිති ව පවා රාජ උදහසට ලක් වූ බව ද නොරහසකි.
ඉසාක් බාබෙල්
ඉසාක් බාබෙල් යනු ද සෝවියට් සමූහ ආණ්ඩුව පිහිටුවීමට මූලිකත්වය දුන් වී. අයි. ලෙනින් ගේ අභාවයෙන් ඉක්බිති ජෝෂප් ස්ටාලින් ගේ උදහසට ලක් වූ ලේඛකයෙකි. ඒහි අවසන් ප්‍රතිඵලය වූයේ වයස අවුරුදු හතළිස් හයේ දී බාබෙල්, ස්ටාලින් ගේ මැර හමුදාව විසින් ඝාතනයට ලක් කරනු ලැබීම ය. එම ලේඛකයා කෙබඳු නිර්මාණකරුවෙක් ද යන්න හඳුනාගැනීම සඳහා වෙනත් සාක්ෂි අනවැසි තරම් ය.
නමුත් මෙතෙක් ඉෂාක් බාබෙල් ගේ නිර්මාණ ද්විත්වයක් සිංහළ භාෂාවට පරිවර්තනය කර තිබුණේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය ජිනදාස දනන්සූරිය පමණි
මේ වන විට එම අඩුපාඩුව පිරිමසා ලමින්, අපට සිටින කෘතහස්ත පරිවර්තකයකු වන මනෝ ප්‍රනාන්දු ඉසාක් බාබෙල් ගේ කෙටිකතා විස්සක් සිංහල භාෂාවට පරිවර්තනය කර කෘතියක් ලෙස නිකුත් කර ඇත.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක්වන්නේ ඉසාක් බාබෙල් ගේ තොරාගත් කෙටිකතා එකතුව සිංහල භාෂාවට පරිවර්තනය කළ මනෝ ප්‍රනාන්දු ය.
මතු පළ වන්නේ ඔහු The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)




