BREAKING
Top Ad
සමාලාප

'ලෝකයේ ම, දේශපාලන බල තුලනයෙ දි පළමු ගොදුර බවට පත් වෙන්නෙ ස්ත්‍රීන් සහ දරුවන්' - අනුරාධා නිල්මිණි (වීඩියෝ)

T

The Leader

February 15, 2026 • 2:12 AM

'ලෝකයේ ම, දේශපාලන බල තුලනයෙ දි පළමු ගොදුර බවට පත් වෙන්නෙ ස්ත්‍රීන් සහ දරුවන්' - අනුරාධා නිල්මිණි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීගිරිය කිව්වම අපිට එක පැහැර ම සිහියට නැගෙන්නෙ සීගිරි බිතු සිතුවම්; ඊළඟ සීගිරි කුරුටු ගී.
  • මගේ පුද්ගලික අදහස නම් කවි යනුවෙන් හඳුන්වන එක වඩාත් සුදුසු බවයි; ඒ වගේ ම මේ කවි (සොයා ගත්) බොහොමයක් නිදහස් ආරෙ කවි.
  • මහාචාර්ය පරණවිතාන කවි 685ක් සොයාගෙන, ඒ කවි 'Sigiri Graffitti' මැයෙන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කළා.
  • අනතුරුව 1963 වසරෙ දි මහාචාර්ය නන්දසේන මුදියන්සේ ඒ කෘතිය සම්පූර්ණයෙන් ම සිංහල භාෂාවට පරිවර්තනය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සීගිරි කුරුටු ගී වගේ ම සීගිරි කවි කියලත් කියනවා. මගේ පුද්ගලික අදහස නම් කවි යනුවෙන් හඳුන්වන එක වඩාත් සුදුසු බවයි; ඒ වගේ ම මේ කවි (සොයා ගත්) බොහොමයක් නිදහස් ආරෙ කවි.

මහාචාර්ය පරණවිතාන කවි 685ක් සොයාගෙන, ඒ කවි 'Sigiri Graffitti' මැයෙන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කළා. ඒ, 1956 වසරෙදි. අනතුරුව 1963 වසරෙ දි මහාචාර්ය නන්දසේන මුදියන්සේ ඒ කෘතිය සම්පූර්ණයෙන් ම සිංහල භාෂාවට පරිවර්තනය කරනවා. ඉන් පසුව තවත් කිහිප දෙනෙක් ම ඒ ගීත 685 අතුරෙන් ගීත කිහිපය බැගින් අරගෙන විවිධ අර්ථකතන දෙමින් විවරණය කරනවා.

muuduමේ වන විට යට සඳහන් සියලුම කෘතිවල පැවති සාම්ප්‍රදායික ඉමට වඩා සපුරා ම වෙනස් ඉමකින් සීගිරි ගී හෙවත් කවි පිළිබඳ සිය නිර්මාණාත්මක ඇස යොමු කරන්න සම්මානනීය කිවිඳියක වන අනුරාධා නිල්මිණි සමත් වෙලා තියෙනවා. ඒ, දැනට සොයාගෙන තිබෙන කවි 685 අතුරින් කවි 100ක් තෝරාගෙන එම කවිවලට පිළිතුරු කවි රචනා කරන්න.

මේ වැඩේ අමුතු ම සහ වෙනස් ම රහක් තියෙන වැඩක්. ඉතිං මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාවට එකතු කරගත්තේ අනුරාධා නිල්මිණි. ඒ, ඇගේ මේ අලුත්ම ප්‍රවේශය වෙන ''මුහුලු මුක්තක (සියක් සීගිරි පිළිවදන් ගී)'' කෘතිය පිළිබඳ සාකච්ඡා කරන්න.

මතු පළ වන්නේThe Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අනුරාධා නිල්මිනි කිවිඳිය කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත සාකච්ඡාව.

සටහන - ජයසිරි අලවත්ත

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...