BREAKING
Top Ad
සමාලාප

'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)

T

The Leader

March 1, 2026 • 4:03 AM

'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස් සමාජයේ ජීවත් වන අප තිරස්චීන ලෙස ජීවත් වීම අත් හැර මනුෂ්‍යයකු ලෙස ජීවත් වීමට වඩාත් උත්සුක වුව ද ඇතැම් විට තමන් ද නොදැනුවත් ව තමා තුළ සිටින අමනුෂ්‍ය ජීවියා අවදි වන්නට පිළිවන.
  • මිනිසකු හට කෙතෙරම් ආචාරධර්ම කියා දුන්න ද එම පුද්ගලයා තුළ ආචාරධර්ම පිහිටන්නේ තමා සමාජයෙන් උකහාගත් දෑ අනුව ය; තමා වෙසෙන පරිසරය සහ සමාජ තත්ත්වය අනුව ය.
  • කෙතරම් ආචාරධාර්මික පුද්ගලයකු වුව ද ඇතැම් විට එම ආචාරධර්ම කඩ කරන අවස්ථා ද දැකිය හැකි ය; ඒ ඇතැම් විට එබඳු ආචාධර්ම රැකීම තම පැවැත්මට බාධා වන බැවින් විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


යට කී අමනුෂ්‍ය ජීවියා අවදි නොවන්නට නම් අප ප්‍රගුණ කළ යුතු කිසියම් චර්යාධර්ම පද්ධතියක් පවතී. මෙය බොහෝ විට හඳුන්වන්නේ 'ආචාරධර්ම' යනුවෙනි.

මිනිසකු හට කෙතෙරම් ආචාරධර්ම කියා දුන්න ද එම පුද්ගලයා තුළ ආචාරධර්ම පිහිටන්නේ තමා සමාජයෙන් උකහාගත් දෑ අනුව ය; තමා වෙසෙන පරිසරය සහ සමාජ තත්ත්වය අනුව ය.

කෙතරම් ආචාරධාර්මික පුද්ගලයකු වුව ද ඇතැම් විට එම ආචාරධර්ම කඩ කරන අවස්ථා ද දැකිය හැකි ය; ඒ ඇතැම් විට එබඳු ආචාධර්ම රැකීම තම පැවැත්මට බාධා වන බැවින් විය හැකි ය.

අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක්වන්නේ යට කී මිනිස් ආචාරධර්ම පද්ධතිය යනු කුමක් ද, ඒවා රැක ගත යුත්තේ කෙසේ ද සහ වර්ධනය කර ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ඔබව දැනුවත් කළ හැකි මනෝවිද්‍යා උපදේශිකාවකි; ඒ නර්මදා වික්‍රමආරච්චි ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...