The Leader News
BREAKING
උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●රාජ්‍ය වෙබ් අඩවි 85කට සයිබර් තර්ජනයක්: පද්ධති යාවත්කාලීන කිරීම ඇරඹෙයි●ඩිජිටල් පිම්ම මැද බැංකු-භාණ්ඩාගාරය සයිබර් අනතුරක●චෝදනා 50ක් මැද කථානායක පුටුව දෙදරුම් කයි: ආණ්ඩුව සහ විපක්ෂය හරි හරියට ගැටෙයි●ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහයට එරෙහිව හෙට වරෙන්තු ඉල්ලයි●පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●
Top Ad
සමාලාප

'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )

T

The Leader Desk

March 9, 2026 • 6:22 AM

'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • American Library Association (ALA) සංවිධානයේ නව යොවුන් පුස්තකාල සංවිධානය (YALSA) නව යොවුන් විදියට නිර්වචනය කරල තියෙන්නෙ වයස අවුරුදු දොළහෙ ඉඳල දහඅට දක්වා වයසේ පසුවන දරුවන්.
  • සමන් කුමාර, කමල් පෙරේරා, ප්‍රියාන් ආර්.
  • මාර්ටින් වික්‍රමසිංහ ගේ ''මඩොල් දූව'' සහ ''අපේ ගම'' යොවුන් නවකතා ද්විත්වයේ සිට මැතක් වෙන තුරු ම පැවතියේ වීරයෙක්, වීරවරියක් හෝ මෙබඳු කණ්ඩායමක ගේ වීර වික්‍රමාන්විත ක්‍රියාදාමයකින් පිරුණු කතන්දර සහිත යොවුන් නවකතා.
අකුරු ප්‍රමාණය (Font Size):
American Library Association (ALA) සංවිධානයේ නව යොවුන් පුස්තකාල සංවිධානය (YALSA) නව යොවුන් විදියට නිර්වචනය කරල තියෙන්නෙ වයස අවුරුදු දොළහෙ ඉඳල දහඅට දක්වා වයසේ පසුවන දරුවන්.
 
මාර්ටින් වික්‍රමසිංහ ගේ ''මඩොල් දූව'' සහ ''අපේ ගම'' යොවුන් නවකතා ද්විත්වයේ සිට මැතක් වෙන තුරු ම පැවතියේ වීරයෙක්, වීරවරියක් හෝ මෙබඳු කණ්ඩායමක ගේ වීර වික්‍රමාන්විත ක්‍රියාදාමයකින් පිරුණු කතන්දර සහිත යොවුන් නවකතා. නමුත්: ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර, කමල් පෙරේරා, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර යන අය  ගේ  යොවුන් නවකතා හුදෙක් එතෙක් පැවති වීර චරිත හඳුන්වා දීම වෙනුවට: මෙරට පැවති, පවතින සහ අනාගතයේ දී සිදුවිය හැකි යැයි උපකල්පනය කළ කෙරෙන සමාජානුභූති සහිත යොවුන් නවකතා පාඨක ප්‍රජාව අතට පත්වුණා. ඒ කතා බොහොමයක් යොවුන් පාඨක ප්‍රජාවට පමණක් සීමා නොවුණ යොවුන් ප්‍රබන්ධ.
 
kumaThe Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද සම්බන්ධ වෙන්නෙත් යට කියපු සාම්ප්‍රදායික යොවුන් සාහිත්‍ය සම්ප්‍රදායෙන් බැහැර වූ, යම් අතීතකාමී අනුභූතියක් සහිත වුව ද යොවුන් පාඨක ප්‍රජාවට පමණක් වෙන් නොවූ, වැඩිහිටි පිරිසට ද කියවා රසවිඳිය හැකි යොවුන් ප්‍රබන්ධයක් රචනා කළ නිමල් ජයරත්න ලේඛකයා.
 
ඔහු මීට පෙර: ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහ හතරක්, පරිවර්තන කාව්‍ය සංග්‍රහයක්, පරිවර්තන කෙටිකතා සංග්‍රහයක්, පරිවර්තන නවකතාවක් සහ සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් පාඨක සමාජයට මුදාහළ ලේඛකයෙක්; අද ඔහු ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්බන්ධ වෙන්නේ ඔහුගේ අභිනව කෘතිය වන ''කුමාරොන්දය'' යොවුන් නවකතාව සමග යි.
 
මතු පළ වන්නේ නිමල් ජයරත්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ග විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...