American Library Association (ALA) සංවිධානයේ නව යොවුන් පුස්තකාල සංවිධානය (YALSA) නව යොවුන් විදියට නිර්වචනය කරල තියෙන්නෙ වයස අවුරුදු දොළහෙ ඉඳල දහඅට දක්වා වයසේ පසුවන දරුවන්.
මාර්ටින් වික්‍රමසිංහ ගේ ''මඩොල් දූව'' සහ ''අපේ ගම'' යොවුන් නවකතා ද්විත්වයේ සිට මැතක් වෙන තුරු ම පැවතියේ වීරයෙක්, වීරවරියක් හෝ මෙබඳු කණ්ඩායමක ගේ වීර වික්‍රමාන්විත ක්‍රියාදාමයකින් පිරුණු කතන්දර සහිත යොවුන් නවකතා. නමුත්: ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර, කමල් පෙරේරා, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර යන අය ගේ යොවුන් නවකතා හුදෙක් එතෙක් පැවති වීර චරිත හඳුන්වා දීම වෙනුවට: මෙරට පැවති, පවතින සහ අනාගතයේ දී සිදුවිය හැකි යැයි උපකල්පනය කළ කෙරෙන සමාජානුභූති සහිත යොවුන් නවකතා පාඨක ප්‍රජාව අතට පත්වුණා. ඒ කතා බොහොමයක් යොවුන් පාඨක ප්‍රජාවට පමණක් සීමා නොවුණ යොවුන් ප්‍රබන්ධ.
ඔහු මීට පෙර: ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහ හතරක්, පරිවර්තන කාව්‍ය සංග්‍රහයක්, පරිවර්තන කෙටිකතා සංග්‍රහයක්, පරිවර්තන නවකතාවක් සහ සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් පාඨක සමාජයට මුදාහළ ලේඛකයෙක්; අද ඔහු ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්බන්ධ වෙන්නේ ඔහුගේ අභිනව කෘතිය වන ''කුමාරොන්දය'' යොවුන් නවකතාව සමග යි.
මතු පළ වන්නේ නිමල් ජයරත්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ග විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
(සටහන - ජයසිරි අලවත්ත)




