ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වසර පන්සියයක් හෝ ඊට වැඩි කාලයක් ඇය ව වන්දනාමාන කර ඇත; ඇය අදටත් එසේ ම ය. මේ සම්බන්ධයෙන් දිගු විස්තරයක් අන්තර්ගත කෘතිය වන The Cult of Goddess Pattini යනු පත්තිනි වන්දනාව සහ දකුණු ආසියාවේ සංස්කෘතිය තුළ එහි ඓතිහාසික, සමාජ විද්‍යාත්මක සහ මනෝ විශ්ලේෂණාත්මක භූමිකාව පිළිබඳ ගණනාත් ඔබේසේකර ගේ පුළුල් අධ්‍යයනයේ කූටප්‍රාප්තිය යි.
මෙම කූටප්‍රාප්තික කෘතිය වඩා විශ්ලේෂණාත්මකව කියවා ගන්නට නම් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මූලාසන මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා විසින් රචිත ''ගණනාත් ඔබේසේකර ගේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ - මානව විද්‍යාත්මක ප්‍රති පරික්ෂාවක්'' නමැති කෘතිය ද කියවිය යුතු ම ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ පත්තිනි කෘතිය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක් අන්තර්ගත ''ගණනාත් ඔබේසේකර ගේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ - මානව විද්‍යාත්මක ප්‍රති පරික්ෂාවක්'' කෘතිය රචනා කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මූලාසන මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා ය.
මතු පළ වන්නේ ඔහු The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)




