BREAKING
Top Ad
සමාලාප

පිරිමින් ගෙ වම් පස ඉල ඇටයක් අඩු වුණ විදිය දන්නව ද...?

T

The Leader

March 22, 2026 • 3:10 AM

පිරිමින් ගෙ වම් පස ඉල ඇටයක් අඩු වුණ විදිය දන්නව ද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔයාල දන්නව ද ලිලිත් කියන්නෙ කවු ද කියල...?
  • අදටත් යම් මතයක් තියෙනවා පුරුෂයින් ගේ වම්පස ඉල ඇටයක් අඩුයි කියල.
  • ඒ, ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය වන ''ලිලිත්ලා'' කෘතිය ඇතුළෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලිලිත් කියන්නෙ ලෝකයේ පළමු කාන්තාව; තව විදියකින් කියනවා නම් ආදම් ගේ පළමු බිරිඳ. නමුත් බොහෝ දෙනෙක් ලිලිත් පිළිබඳව කතා කරන්නෙ නැහැ. ඒකට හේතුව තමයි ලිලිත් තමන් ගෙ අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටීම හේතුවෙන් ම ඇය ආදම් ගෙන් පවා ප්‍රතික්ෂේප වීම. ඒ විතරක් නෙවෙයි ඇය ආදම් අත් හැර යනවා. මොකද පුරාණෝක්තිවලට අනුව ආදම් සහ ලිලිත් මවන්නෙ එකට. මෙන්න මේ නිසා ම තමයි ලිලිත් එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙ.

ලිලිත් ආදම් අත්හැර ගියාට පස්සෙ තමයි ආදම් එයාගෙ වම් ඉල ඇටයකින් ඒව මවන්නෙ.

අදටත් යම් මතයක් තියෙනවා පුරුෂයින් ගේ වම්පස ඉල ඇටයක් අඩුයි කියල.

634388832 1426884165776492 7394508060599711693 nමම මේ ලියපු කතාව පුරාණෝක්තියක් වුනත් මෙතැන් සිට කියන්න හදන්නෙ පුරාණෝක්තියක් නෙවෙයි; වර්තමාන කතාවක්. ඒ වර්තමාන කතාව තමයි ''ලිලිත්ලා'' පිළිබඳ කතාව. මේ කතාව ලිව්වෙ කෘතහස්ත පරිවර්තිකාවක, කිවිඳියක සහ විදර්ශන සාහිත්‍ය ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ ගයනි ගුරුගේ ලේඛිකාව. ඒ, ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය වන ''ලිලිත්ලා'' කෘතිය ඇතුළෙ.

ඉති ඒ නිසා අද අපි තීරණය කළා The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාවට ''ලිලිත්ලා'' ලියපු ගයනි ගුරුගේව කැඳවාගෙන එන්න.

මතු පළවන්නේ ගයනි ගුරුගේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ''ලිලිත්ලා'' පිළිබඳව කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...