BREAKING
Top Ad
සමාලාප

'ජර්මනිය පරාජය වුණේ සීතල නිසා ම නෙවෙයි' - චාමර සුමනපාල (වීඩියෝ)

T

The Leader

April 12, 2026 • 3:38 AM

'ජර්මනිය පරාජය වුණේ සීතල නිසා ම නෙවෙයි' - චාමර සුමනපාල (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දන්නවා දැනට ලෝකයේ ලෝක යුද්ධ දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ යුද්ධ දෙක පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වනවා.
  • මේ යුද්ධය 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවතුණා.
  • මේ වෙනුවෙන් යුරෝපීය මිලියන 76ක් වැය වෙලා තියෙනවා.
  • මිලියන 70 කට වඩා වැඩි හමුදා සාමාජිකයින් ප්‍රමාණයක ගෙ ජීවිත හානි වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමු ලෝක යුද්ධයේ මිත්‍ර පිලෙහි රටවල් විදියට හැඳින්නුවෙ: මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ ඇමෙරිකාව. අනෙක් පිල හැඳින්නුවෙ මධ්‍යම බලවතුන් ගේ පිල කියල. ඒ පිලට අයත් වුණේ ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව. අවසානයේ මිත්‍ර පිල කියන රටවල් ජය ගන්නවා.

මේ යුද්ධය 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවතුණා. මේ වෙනුවෙන් යුරෝපීය මිලියන 76ක් වැය වෙලා තියෙනවා. මිලියන 70 කට වඩා වැඩි හමුදා සාමාජිකයින් ප්‍රමාණයක ගෙ ජීවිත හානි වෙලා තියෙනවා.

ඊළගට 1939 යළිත් දෙවන ලෝක යුද්ධයක් ආරම්භ වෙනවා. මේ යුද්ධය 1945 අගෝස්තු දක්වා... ඒ කියන්නෙ අවුරුදු හයක් පවතිනවා. මේ යුද්ධය ආරම්භ වෙන්නෙ පළමු ලෝක යුද්ධයට වඩා වෙනස් ආකාරයකට. ඒ කියන්නෙ තනි පුද්ගලයකු ගෙ බලකාමය නිසා. ඒ පුද්ගලය තමයි හිට්ලර්.

මේ යුද්ධෙදිත් මිතුරු පිල සහ සතුරු පිල කියල කොටස් දෙකකට බෙදෙනවා. මිතුරු පිල තමයි: ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, ප්‍රංශය සහ චීනය. සතුරු පිල - ජර්මනිය, ජපානය, ඉතාලිය හංගේරියාව සහ රුමේනියාව.

මේ යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය ඇතුළු සතුරු පිල සම්පූර්ණයෙන් ම පරාජයට පත් වෙලා.

මෙතන දි සෝවියට් රුසියාව බරපතළ විදියට මේ යුද්ධයට මැදිහත් වෙනවා. ඒ, හිට්ලර්ගෙ ම වුවමනාවට. අවසන හිට්ලර් පරාජයට පත් වෙන්නෙත් මේ යුද්ධයට රුසියාව මැදිහත් කරගත්තු නිසා ම යි. භාවිත භාෂාවෙන් කියනවා නම් හිට්ලර් ඉල්ලගෙන කෑව කිව්වත් වැරැදි නෑ.

අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ මෙන්න මේ දෙවන ලෝක යුද්ධයේ දී රුසියාව කොහොම ද ජර්මනිය පරාජය කරන්නෙ කියන සිද්ධි මාලාව රචනා කරපු ලේඛකයෙක්.

ඔහු නමින් චාමර සුමනපාල; කෘතිය නම් කරල තියෙන්නෙ ''දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ.'' යනුවෙන්.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග චාමර සුමනපාල කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...