BREAKING
Top Ad
සමාලාප

දීපචෙල්වන් ගේ අත් දැකීම් ලිවීම ඔහු ගේ අයිතියක් - තිස්ස නිහාල් වික්‍රමසිංහ (වීඩියෝ)

T

The Leader

April 26, 2026 • 3:43 AM

දීපචෙල්වන් ගේ අත් දැකීම් ලිවීම ඔහු ගේ අයිතියක් - තිස්ස නිහාල් වික්‍රමසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරන බහුතරයක් සිද්ධි සහ චරිත ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතයේ කෙදිනක, කොතැනක හෝ අත්විඳ ඇති හෝ අනෙකකු ගේ අත්දැකීමක් තම අත්දැකීමක් ලෙස භාවිත කර ඉදිරිපත් කිරීමකි.
  • එලෙස විවිධ සිද්ධි සහ චරිත පාදක කරගනිමින් නිර්මාණ කිරීමේ දී අදාළ අනුභූති කවියක් හෝ කෙටිකතාවක් තුළින් ඉදිරිපත් කිරීම නවකතාවක් තුළින් ඉදිරිපත් කිරීම තරම් සරල නොවේ.
  • යට කී ආකාරයේ හොඳ පරිකල්පන ශක්තියකින් මෙන් ම ඉවසීමකින් කළ නිර්මාණ කිහිපයක් අන්තර්ගත කෙටිකතා සංග්‍රහයක් ලෙස තිස්ස නිහාල් වික්‍රමසිංහ ගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගමන් මල්ල'' කෙටිකතා සංග්‍රහය හැඳින්විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇතැම් විට නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව වෙත ඉදිරිපත් කරන චරිතය, තමා අත්දුටු චරිත කිහිපයක ම එකතුවක් විය හැකි ය; සිද්ධි ද එසේ විය හැකි ය.

එලෙස විවිධ සිද්ධි සහ චරිත පාදක කරගනිමින් නිර්මාණ කිරීමේ දී අදාළ අනුභූති කවියක් හෝ කෙටිකතාවක් තුළින් ඉදිරිපත් කිරීම නවකතාවක් තුළින් ඉදිරිපත් කිරීම තරම් සරල නොවේ. ඒ සඳහා නිර්මාණකරුවාට හෝ නිර්මාණකාරියට ඉතා හොඳ පරිකල්පන ශක්තියක් මෙන් ම ඉවසීමක් ද තිබිය යුතු ය.

යට කී ආකාරයේ හොඳ පරිකල්පන ශක්තියකින් මෙන් ම ඉවසීමකින් කළ නිර්මාණ කිහිපයක් අන්තර්ගත කෙටිකතා සංග්‍රහයක් ලෙස තිස්ස නිහාල් වික්‍රමසිංහ ගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගමන් මල්ල'' කෙටිකතා සංග්‍රහය හැඳින්විය හැකි ය.

මතු පළ වන්නේ තිස්ස නිහාල් වික්‍රමසිංහ සිය අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගමන් මල්ල'' පිළිබඳ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...