BREAKING
Top Ad
සමාලාප

කවිය කියන්නෙ රිද්මයානුකූල රසවත් වැකියක් - නන්දනී රත්නායක (වීඩියෝ)

T

The Leader

May 17, 2026 • 3:43 AM

කවිය කියන්නෙ රිද්මයානුකූල රසවත් වැකියක් - නන්දනී රත්නායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳැස් කවිය කියන්නෙ විශේෂිත ශබ්ද නීති, මාත්‍රා (ගුරු - ලඝු) ක්‍රම සහ විරිත් රටා අනුගමනය කරමින් රචනා කරන පද්‍ය වර්ගයක්.
  • ඇතැම් නිදහස් කාව්‍ය රචනා කරන පුද්ගලයින් පවා සඳැස් කවියක් ලියද්දි එහි අන්තර්ගත විය යුතු යැයි සැලකෙන කාව්‍ය ලක්ෂණ රකින්නට උපරිමයෙන් ම උත්සාහ කරනවා.
  • එම කෘතිය තුළ අන්තර්ගත බහුතරයක් නිර්මාණ අයත්වන්නේ නිදහස් ආරට; නමුත් එම කවි තුළ පවා කිසියම් ධ්වනියක්, රිද්මයක් සහිත  නිර්මාණ පවතිනවා.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ කාව්‍ය සංග්‍රහය රචනා කළ නන්දනී රත්නායක කිවිදිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවායේ අර්ථය මෙන් ම නාද රටාව ද එකසේ කැපී පෙනෙන පරිදි නිර්මාණය විය යුතුයි කියල මතයක් තිබෙනවා.

සඳැස් කවියට එහෙම වුණාට නිසඳැස් කවිය හෙවත් නිදහස් කවියට එහෙම නීති රීති නැහැ. නමුත් ඒ කවිවල වුණත් ලියන පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ම කිසියම් රිද්මයක් ගැබ් විය හැකියි.

ඇතැම් නිදහස් කාව්‍ය රචනා කරන පුද්ගලයින් පවා සඳැස් කවියක් ලියද්දි එහි අන්තර්ගත විය යුතු යැයි සැලකෙන කාව්‍ය ලක්ෂණ රකින්නට උපරිමයෙන් ම උත්සාහ කරනවා. ඒ සඳහා මෑතක මා දුටු හොඳම උදාහරණය නන්දනී රත්නායක කිවිඳිය ගේ 'ඒ රෝස පැහැති ෆයිල් කවරය' කාව්‍ය සංග්‍රහය යි.

එම කෘතිය තුළ අන්තර්ගත බහුතරයක් නිර්මාණ අයත්වන්නේ නිදහස් ආරට; නමුත් එම කවි තුළ පවා කිසියම් ධ්වනියක්, රිද්මයක් සහිත  නිර්මාණ පවතිනවා. ඒ සමග ම ඇය එහි අන්තර්ගත කරන 'තවත් එක් කතාවක්' නමැති කවි පංතිය සඳැස් කවි ආරෙන් ලියුවක්. එහි දී ඇය සඳැස් කවියෙහි අන්තර්ගත විය යුතු යැයි සැලකෙන සියලු ලක්ෂණ අන්තර්ගත කරන්නට සමත්ව තිබෙනවා.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ කාව්‍ය සංග්‍රහය රචනා කළ නන්දනී රත්නායක කිවිදිය යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...