BREAKING
Top Ad
සමාලාප

ප්‍රේමයට 'නියම් - අනියම්' භේදයක් නැහැ - කුමාරි දසනායක (වීඩියෝ)

T

The Leader

June 14, 2026 • 3:31 AM

ප්‍රේමයට 'නියම් - අනියම්' භේදයක් නැහැ - කුමාරි දසනායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''සීගිරි ගී යනු ලාංකේය පද්‍ය සම්ප්‍රදායේ හමුවන පැරණිතම මෙන් ම වටිනා ම ගී සමුහය යි. පොදුවේ ගත් කල සීගිරි ගී බොහොමයක් කෙටි ආකෘතියකින් සමන්විත වීම මෙම ගී සමූහයේ ඇති විශේෂත්වය යි.''
  • ''මෙකත තමලවන් නොබිණි සෙනෙ(හ නැ)ත්තී හිම(බියො) සෙනහැත ද උන්නහ (සි)ත තද සෙ(යින්)'' සීගිරි පද්‍යාවලිය: නන්දසේන මුදියන්සේ: පිටුව 480: එස්.
  • ගොඩගේ සහ සහෝදරයෝ: 2004 (දෙවන මුද්‍රණය) මෙම රචනය ඉතා කෙටි ය; එහෙත් මෙහි අරුත: ගැඹුරු ය; දිගු ය.
  • ලිවීමට අදහස් කරන ලියවිල්ලට ප්‍රථම මෙහි සරල අර්ථය ද අදාළ කෘතියෙහි සඳහන් ආකාරයට ම උපුටා ගන්නේ කෙටි කවි පිළිබඳ පාඨක අවධානය යොමු කරනු පිණිස ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙටි කවි ලකුණ: අපරැක්කේ සුදම්ම හිමි: පිටුව 87: සන්ථව ප්‍රකාශන: 2019

යට උපුටනය ගන්නේ සිංහල කෙටි කවිය පිළිබඳ ඉතිහාසය පිළිබඳ අංශු මාත්‍රයක් සිහි කිරීම පිණිස ය. මතු පළ වන්නේ එම උපුටනය සාක්ෂාත් කරගත හැකි උදාහරණයකි.

''මෙකත තමලවන් නොබිණි සෙනෙ(හ නැ)ත්තී

හිම(බියො) සෙනහැත ද උන්නහ (සි)ත තද සෙ(යින්)''

සීගිරි පද්‍යාවලිය: නන්දසේන මුදියන්සේ: පිටුව 480: එස්. ගොඩගේ සහ සහෝදරයෝ: 2004 (දෙවන මුද්‍රණය)

මෙම රචනය ඉතා කෙටි ය; එහෙත් මෙහි අරුත: ගැඹුරු ය; දිගු ය.

ලිවීමට අදහස් කරන ලියවිල්ලට ප්‍රථම මෙහි සරල අර්ථය ද අදාළ කෘතියෙහි සඳහන් ආකාරයට ම උපුටා ගන්නේ කෙටි කවි පිළිබඳ පාඨක අවධානය යොමු කරනු පිණිස ය.

''තඹවන් තොල් ඇති, සෙනෙහෙ නැති මේ කාන්තා තොමෝ නොබිණුවාය

සෙනෙහ ඇත ද සිත තද අයුරින් කාන්තාවෝ සිටියාහුය''

මෙම වදන් වුව ද විසංයෝජනයට ලක් කළ විට මීටත් වඩා දිගු අරුතක් මතු කරගත හැකි ය. නමුදු මේ ඒ සඳහා ඉඩ හසර වෙන් කළ නොහැකි අවස්ථාවක් වන හෙයින් අදාළ ප්‍රස්තුතයට පිවිසෙමු; ඒ, ඊට අදාළ සුදුසු ම කෙටි කවියක් ද උපුටා දක්වමිනි.

''ඉඩෝර දවස්

තිබුණා

නාය යන්නට

ඔන්න මෙන්නව''

trackමේ කුමාරි දසනායක කිවිඳිය සිය අභිනව කාව්‍ය සංග්‍රහය වන ''Track පැනපු කවි හිතක්'' කෘතියෙහි අන්තර්ගත කර ඇති කෙටි කවියකි. මෙහි අන්තර්ගත වචන ප්‍රමාණය හතකි; නමුත් මෙහි අරුත විග්‍රහ කරන්නේ නම් ඒ වෙනුවෙන් පිටු දෙක තුනක් වුව ද වෙන් කළ හැකි ය. ඒ, මෙම පද රචනය එතරම් ම ප්‍රබල යටි අරුතක් සහිත වීම හේතුවෙනි.

මේ පෙරවදන සටහන් කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට සඳහන් කළ කිවිඳිය බැවිනි.

ඇය කෙටි කවියට කෙතරම් සමකත්කම් දක්වන්නියක් ද යන්න මතු පළ වන සාකච්ඡාව නැරඹීමෙන් ඔබට පසක් කරගත හැකි ය.

සටහන - ජයසිරි අලවත්ත

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...