BREAKING
Top Ad
සමාලාප

'මේක එක රැයක කතාවක්' - සුනිලා ජයන්ති බාලසූරිය (වීඩියෝ)

T

The Leader

July 5, 2026 • 1:33 AM

'මේක එක රැයක කතාවක්' - සුනිලා ජයන්ති බාලසූරිය (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ අපි ජීවත් වෙන්නෙ මොන තරම් දියුණු සමාජයක වුනත් අපි බොහෝ දෙනෙක් අතීතයට කැමතියි; අතීතය සිහිපත් කරන්න කැමතියි.
  • ''ගමට විදුලි එළිය ලැබුණට පස්සෙ ලාම්පු එළියෙන් ලැබුණ ඒ අපූර්වත්වය ගමෙන් ඈතට යන්න ගියා.'' ඇත්තට ගත්තොත් ලාම්පු එළියෙන් කිසිම අපූර්වත්වයක් ලැබුණෙත් නැහැ; ලැබෙන්නෙත් නැහැ.
  • මේකට කියන්නෙ ''අතීත කාමය'' එහෙමත් නැති නම් ''අතීතයට ඇති කැමැත්ත'' කියල.
  • යට සඳහන් කරපු අතීත කාමය පදනම් කරගෙන ලේඛක ලේඛිකාවො ඇති තරම් සාහිත්‍ය නිර්මාණ කරල තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතීතයේ අපි වින්දෙ අනන්ත අප්‍රමාණ දුක් වෙන්න පුළුවන්; නමුත් අපි ඒවා සිහිපත් කරන්නෙ හරි ම සතුටින්.

මේ ඒකට හොඳ උදාහරණයක්...

''ගමට විදුලි එළිය ලැබුණට පස්සෙ ලාම්පු එළියෙන් ලැබුණ ඒ අපූර්වත්වය ගමෙන් ඈතට යන්න ගියා.''

ඇත්තට ගත්තොත් ලාම්පු එළියෙන් කිසිම අපූර්වත්වයක් ලැබුණෙත් නැහැ; ලැබෙන්නෙත් නැහැ. නමුත් අපි අතීතය සිහිපත් කරද්දි කියන්නෙ එහෙම යි. මේකට කියන්නෙ ''අතීත කාමය'' එහෙමත් නැති නම් ''අතීතයට ඇති කැමැත්ත'' කියල.

යට සඳහන් කරපු අතීත කාමය පදනම් කරගෙන ලේඛක ලේඛිකාවො ඇති තරම් සාහිත්‍ය නිර්මාණ කරල තියෙනවා. හැබැයි ඒ බහුතරයක් 'මුල, මැද සහ අග' ආකෘතියෙන් ලියවුණ සාහිත්‍ය ප්‍රබන්ධ.

අද අපි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව වෙන් කරන්නෙ අතීත කාමය වුව ද වෙනත් ආකෘතියකින් ඉදිරිපත් කරපු කෘතියක් පිළිබඳව යි. කෘතිය ''හීන එක්ක හිනාවෙන්න''; ලේඛිකාව සුනිලා ජයන්ති බාලසූරිය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සමග සුනිලා ජයන්ති බාලසූරිය ලේඛිකාව සිය අතීතකාමී කෘතිය පිළිබඳව කළ කතාබහ යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...