BREAKING
Top Ad
සමාලාප

'මම ලිව්වෙ මහපොළොවෙ පය ගහපු අය ගෙ කතන්දර' - සමන් බණ්ඩාර ලංසකාර (වීඩියෝ)

T

The Leader

July 26, 2026 • 1:43 AM

'මම ලිව්වෙ මහපොළොවෙ පය ගහපු අය ගෙ කතන්දර' - සමන් බණ්ඩාර ලංසකාර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කෙටිකතාව නමැති සාහිත්‍යාංගය මේ වන විට පවතින්නේ බොහෝ දියුණු සහ නව්‍ය තත්ත්වයක ය. එනම්: කතාවේ ආඛ්‍යානය, ආකෘතිය, සන්දර්භ යනාදි සියල්ල නව්‍යකරණය වී තිබේ.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මතු සඳහන් කළ ආකාරයේ කෙටිකතාකරුවෙකි.
  • ඔහුගේ බොහෝ කෙටිකතා නූතන ලේඛක ලේඛිකාවන් ගේ කෙටිකතා සමග සමපාත නොවුණ ද, ඔහු ම පවසන පරිදි ඒ කෙටිකතා මහපොළොවේ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කර ඇති, පාඨක ප්‍රජාව කිසියම් කම්පනයකට පත්කරන්නට, කතාව කියවා අවසානයේ කිසියම් තිගැස්මකට ලක් කරන්නට සමත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක සාහිත්‍ය ප්‍රවණතාව එසේ වුව ද ලාංකීය කෙටිකතා කලාව වෙනසකට බඳුන් වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි.

අජිත් තිලකසේන, සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර ගේ සිට ආරම්භ වූ කෙටිකතා කලාවේ වෙනස මේ වන විට: ගුණසිරි සිල්වා, නිස්සංක විජයමාන්න, එරික් ඉලයප්පාරච්චි, ගුණරත්න වික්‍රමගේ, ලියනගේ අමරකීර්ති, අනුරසිරි හෙට්ටිගේ, ප්‍රින්ස් සේනාධීර, ප්‍රභාත් ජයසිංහ, සුනිල් වික්‍රමසිංහ, අනිල් හේරත්, තිළිනා වීරසිංහ, තරංගා රණසිංහ, ඉමාලි ප්‍රේමතිලක, කාංචනා ප්‍රියකාන්ත, අනුරාධා නිල්මිණි, ගයනි ගුරුගේ යනාදි ලේඛක ලේඛිකාවන් වෙනස් මගකට හරවා ඇත.

එබඳු ඉතා සුළු පිරිසක් කෙටිකතා කලාවේ නව ඉම් ස්පර්ශ කරද්දී තවමත්: මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, ඇරැව්වල නන්දිමිත්‍ර, කරුණා පෙරේරා, පියසිලි විජේමාන්න යනාදි ලේඛක ලේඛිකාවන් ගේ මග අනුගමනය කරමින් සිටිති.

එබඳු ලේඛක ලේඛිකාවෝ කෙටිකතාවේ නව මං ස්පර්ශ නොළ ද, ඔවුන් ගේ බොහෝ කෙටිකතා පාඨක ප්‍රජාව වෙත කිසියම් නවමු අත්දැකීමක් ලබා දෙන්නට සමත් වන අවස්ථා බහුල ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මතු සඳහන් කළ ආකාරයේ කෙටිකතාකරුවෙකි. ඔහුගේ බොහෝ කෙටිකතා නූතන ලේඛක ලේඛිකාවන් ගේ කෙටිකතා සමග සමපාත නොවුණ ද, ඔහු ම පවසන පරිදි ඒ කෙටිකතා මහපොළොවේ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කර ඇති, පාඨක ප්‍රජාව කිසියම් කම්පනයකට පත්කරන්නට, කතාව කියවා අවසානයේ කිසියම් තිගැස්මකට ලක් කරන්නට සමත්ව ඇත.

ඔහු නමින් සමන් බණ්ඩාර ලංසකාර ය. ඔහුගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය ''ජීවදාන පින්කම'' ය.

මතු පළ වන්නේ සමන් ලංසකාර, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...