The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
සමාලාප

'ආරියා' කියන්නෙ සැලසුම් සහගත නවකතාවක් - දීප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)

T

The Leader Desk

August 3, 2026 • 10:35 AM

'ආරියා' කියන්නෙ සැලසුම් සහගත නවකතාවක් - දීප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන්නේ නම්: උතුරු නැගෙනහිර පැවති යුද්ධය පිළිබඳ දකුණේ ලේඛක ලෙිඛිකාවන් ලියන විට ඒය වඩාත් නැඹුරු වූයේ සිංහල බෞද්ධයා ගේ ජයග්‍රහණය පාර්ශ්වයේ සිට ය.
  • කැරැල්ල, 87-89 කැරැල්ල පිළිබඳ ලියැවුණ සාහිත්‍ය පොත පත ලිවීමේ දී වඩ වඩාත් නැඹුරු වී තිබුණේ රාජ්‍ය භිෂණත්වය සහ ''දකුණෙහි'' කැරලිකරුවන් ගේ කැපවීම පිළිබඳව ය.
  • යට සඳහන් තත්ත්වය අනුව දකුණේ ජනතාවට උතුරු නැගෙනහිර පුද්ගලයා ගේ වේදනාව නොදැනුණා මෙන් ම උතුරු නැගෙනහිර ජනතාවට දකුණෙහි පුද්ගලයා ගේ වේදනාව නොදැනුණි.
  • මෙය තරමක් සංකීර්ණ කටයුත්තකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන්නේ නම්: උතුරු නැගෙනහිර පැවති යුද්ධය පිළිබඳ දකුණේ ලේඛක ලෙිඛිකාවන් ලියන විට ඒය වඩාත් නැඹුරු වූයේ සිංහල බෞද්ධයා ගේ ජයග්‍රහණය පාර්ශ්වයේ සිට ය. 71 කැරැල්ල, 87-89 කැරැල්ල පිළිබඳ ලියැවුණ සාහිත්‍ය පොත පත ලිවීමේ දී වඩ වඩාත් නැඹුරු වී තිබුණේ රාජ්‍ය භිෂණත්වය සහ ''දකුණෙහි'' කැරලිකරුවන් ගේ කැපවීම පිළිබඳව ය.

යට සඳහන් තත්ත්වය අනුව දකුණේ ජනතාවට උතුරු නැගෙනහිර පුද්ගලයා ගේ වේදනාව නොදැනුණා මෙන් ම උතුරු නැගෙනහිර ජනතාවට දකුණෙහි පුද්ගලයා ගේ වේදනාව නොදැනුණි. සාහිත්‍ය රචනාවක දී කතුවරයා ගේ හෝ කතුවරිය ගේ අභිමතය පමණක් ම මත ප්‍රබන්ධ රචනා කිරීමේ දී මේ අභාග්‍යසම්පන්න තත්ත්වය වැළැක්විය නොහැකි ය.
 
මෙය තව දුරටත් විග්‍රහ කරන්නේ නම් සාහිත්‍යකරණයේ දී සංස්කාරකවරයකු ගේ හෝ මැදිහත්කරුවකු ගේ අධීක්ෂණයට සාහිත්‍ය කෘතිය ලක් නොවන විට මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය උදා වේ. මෙය තරමක් සංකීර්ණ කටයුත්තකි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළ අද සාකච්ඡාවට බඳුන් කරන්නේ යට කී ආකාරයට, සංස්කාරකවරයකු ගේ මෙන් ම මැදිහත්කරුවකු ගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශයට පත් කෙරුණ ඉංග්‍රිසි නවකතාවක සිංහල පරිවර්තනය පිළිබඳව ය.
 
කෘතියෙහි පළමු කතුවරිය NAZANINE HOZAR (නෙසනීන් හෝසර්) ය; කෘතිය නම් කර ඇත්තේ 'Aria' ('ආරියා') යන මැයෙනි; පරිවර්තනය නිමල් සෝමරත්න ය. කෘතිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පරිවර්තක නිමල් සෝමරත්න මෙන් ම සමබිම පක්ෂයේ නායක මෙන් ම සාහිත්‍ය කලා විචාරකයකු වන දීප්ති කුමාර ගුණරත්න සහභාගි වූහ.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග: නිමල් සෝමරත්න සහ දීප්ති කුමාර ගුණරත්න කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ආරියා' කියන්නෙ සැලසුම් සහගත නවකතාවක් - දීප්ති කුමාර ගුණරත්න (වීඩියෝ) | The Leader