BREAKING
Top Ad
සමාලාප

යම් යම් අඩු පාඩු තිබුණත් 71 සහ 87 -89 කැරලි දෙක ම සාධාරණයි - රඹුක්කන රුවන් සුදස්සන

T

The Leader

April 5, 2026 • 4:22 AM

යම් යම් අඩු පාඩු තිබුණත් 71 සහ 87 -89 කැරලි දෙක ම සාධාරණයි - රඹුක්කන රුවන් සුදස්සන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අප්‍රියෙල් පස්වන දා ය; අප්‍රියෙල් පස්වන දා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතු දිනයකි.
  • අද රන් අකුරෙන් ලියවිය යුතු යැයි මා කියන්නේ 1971 අප්‍රියෙල් පස්වන දා සිහිපත් කරමිනි.
  • අපි 1948 වසරේ දී නිදහස ලැබුවා නම් 1971 අප්‍රියෙල් පස්වන දා සිදුවීම බ්‍රිතාන්‍යයේ මහ රැජිනට එරෙහිව ගැසූ කැරැල්ලක් වන්නේ කෙසේ දැයි කිසිවකු කල්පනා කරන්නට, ප්‍රශ්න කරන්නට හැකි ය.
  • ඒ බව පවසන්නේ අන් කිසිවකු නොව රාජ්‍යය ම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් එම දිනය ඇතැම් අය ලියන්නේ කළු අකුරෙනි. එය සාපේක්ෂය. අද රන් අකුරෙන් ලියවිය යුතු යැයි මා කියන්නේ 1971 අප්‍රියෙල් පස්වන දා සිහිපත් කරමිනි.

1971 අප්‍රියෙල් පස්වන දා යනු 1818 වසරේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගැසූ කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යයේ මහ රැජිනට එරෙහිව ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව කැරැල්ලක් දියත් කළ පළමු දිනය වන බැවිනි.

අපි 1948 වසරේ දී නිදහස ලැබුවා නම් 1971 අප්‍රියෙල් පස්වන දා සිදුවීම බ්‍රිතාන්‍යයේ මහ රැජිනට එරෙහිව ගැසූ කැරැල්ලක් වන්නේ කෙසේ දැයි කිසිවකු කල්පනා කරන්නට, ප්‍රශ්න කරන්නට හැකි ය. ඒ බව පවසන්නේ අන් කිසිවකු නොව රාජ්‍යය ම ය. එනම් 71 කැරැල්ලට සම්බන්ධ වූවන්ට එරෙහිව නඩු පවරන්නේ රැජින ගේ ආණ්ඩුවට එරෙහිව නැගි සිටීම යන හේතුව පාදක කරගනිමිනි.

එසේ නම් අපි පූර්ණ නිදහස ලැබුවේ කවදා ද යන්න ඊළඟට පැන නගින ප්‍රශ්නය යි. ඔවු... ඇත්ත වශයෙන් ම අපි පූර්ණ නිදහස ලැබුවේ 1972 මැයි 22වන දා ය; ශ්‍රී ලංකාව ජනරජයක් වූයේ එදින ය.

මේ ලියවිල්ල 71 කැරැල්ල පිළිබඳව හෝ ශ්‍රී ලංකාව ජනරජයක් විම පිළිබදව නොවේ.

එසේ නම් කුමක් ද යන්න දැන් ඔබට සිතෙනු නොඅනුමාන ය; එයට හේතුව මෙයයි.

එනම් 1971 පැන නැගි අරගලය සහ අනතුරුව 1987 – 89 කාලය තුළ මෙරට නැවත පැන නැගි සන්නද්ධ අරගලය පිළිබඳ න්‍යායාත්මක කෘති සහ ප්‍රබන්ධ කෘති මෙන් ම සජීවී අත්දැකකීම් සහිත කෘති ගණනාවක් පළ වී තිබේ.

මෙම පූර්විකාව සටහන් කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන ලේඛකයා ගේ කෘතියක් සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවෙහි ප්‍රවේශයක් වශයෙනි.

ලේඛකයා රඹුක්කන රුවන් සුදස්සන ය; කෘතිය ''අඳුරුම අඳුරු රැය'' ය.

මෙම කෘතියට පාදක වන්නේ එහි කථකයාගේ පියා 71 කැරැල්ලේ දී ඝාතනය විමත් සමග ය; ඉක්බිති 87-89 වකවානුවෙහි කථකයා මුහුණ පාන සිද්ධි ගණනාවක් කෘතිය පුරා ම විදාරණය කෙරේ.

මතු පළ වන්නේ රඹුක්කන රුවන් සුදස්සන සිය ''අඳුරුම අඳුරු රැය'' කෘතිය පිළිබඳව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...