අද MirrorArts සමග සාකච්ජාවට එක්වන නිර්මාණකරුවාත් නිදහස පිළිබඳ වඩාත් සංවේදී අයෙක්.
සිනමාව පිළිබඳ සිහින දකින බොහෝ තරුණ තරුණියන් අතර අමල් අල්විස් තම සිනමාව පිළිබඳ සිහින දකින්නේ කුඩා කාලයේ සිටමයි.
අමල්, සහාය අධ්‍යක්‍ෂකවරයෙක් ලෙසත්, සංස්කාරකවරයෙක් ලෙසත් කටයුතු කළ කෙනෙක්.
අමල් අල්විස් ගේ ප්‍රථම සිනමා නිර්මාණය Swan By The Sea. "ඔබේ ඇය, ඇගේ ඔහු ".
MirrorArts-
මනුෂ්‍යයෙකුට නිර්මාණ ශිල්පියෙකුට නිදහස කොයිතරම් වටිනවද තමන්ගේ පරිකල්පන ශක්තිය ගොඩ නගාගන්න?
Amal -
නිදහස තමයි නිර්මාණයකට වටින්නේ සෑහෙන්ඩ. මම නිදහස කියන එකෙන් අදහස් කරන්නේ මානසික නිදහස කියන කාරණයයි. අපිට නිදහස ඕනේ හැම දෙයක්ම කරන්න කියන එක ට වැඩිය මානසික නිදහස තුළින් පරිකල්පන ශක්තිය වර්ධණය කරගෙන ඒ වර්ධණය කරගන්නා දේ තුලින් නිර්මාණයකට ගෙන ඒමට තියෙන නිදහස ගැන තමයි මම නිදහස කියන එක අර්ථ ගන්වන්නේ. අදහස් කරන්නෙ.
අපි දැන් චිත්‍රපට ගත්තොත් ඕනෑම චිත්‍රපටයක් කරන්න නිදහස තියෙන්න ඕනේ කියන එක තුළ දෙපැත්තක් තියෙනවා. වාරණය කියලනේ චිත්‍රපට වලට එන්නේ...වාරණය කියන එක හරි පරිස්සමෙන් හිතන්න ඕනේ. වාරණය වැඩිවෙන තරමට පරිකල්පන ශක්තිය වර්ධනය කරගත් කෙනාට හොඳ නිර්මාණයක් බිහි වෙනවා. වාරණය තුළින් රිංගන්න හදනවා නේ. වෙන වෙන පැතිවලට හිතනවා. හොඳම උදාහරණය තමයි ඉරාණ සිනමාව . ඕනෑම සිනමාව හදාරණ කෙනෙකුට ඉරාණ සිනමාව කරන්න සිහිනයක් තියෙනවා. ඔවුන්ට සංස්කෘතික ආගමික සීමාවන් වැඩිම තිබෙන රටක්. කොහොමද එවන් සිනමා නිර් මාණ බිහිවෙන්නේ කියලා හිතනකොට අර වාරණයන් නිසාම තමයි. ඒක හොඳ පැත්තටත් එනවා. අපි මේ නිදහසේ පෙන්වන දේවල් ඒ අයට පෙන්වන්න බැහැ. ඒ ගොල්ලො ඒක ජය අරගෙන තියෙනවා.
මම හිතන්නෙ වාරණය කියන එකත් අවශ්‍යයි. නිදහස කියන එක රටක් තුළ තියෙද්දි ඒ රටේ නීති රීති, දේශපාලනික පසුබිම, ආගමික පසුබිම, සමාජීය පසුබිම, සංස්කෘතික පසුබිම මෙන්න මේ ව්‍යවස්ථාපිත දේවල් එක්කනේ . රටක පෙන්වා දී තිබෙනවා මෙන්න මේ දේවල් සඳහා මෙන්න මේ ආකාරයේ නිදහසක් තියෙනවා කියලා.නිර්මාණ කරුවෙකුට මෙන්න මේ තරම් දුරක් යන්න පුලුවන් කියලා. මානසික නිදහස තමයි මට නොම්බර එක කියලා මම හිතනවා. මානසික නිදහස කෙනෙකුට තියෙනවනම් ... තියෙනවනම් නෙමෙයි අපි හදාගන්න ඕනේ ..මානසික නිදහස හදාගන්න එකත් එක උපක්‍රමයක් තමයි.
MirrorArts-
අමල්ගේ පළමු සිනමා නිර්මාණය මේවනවිට නිර්මාණය කර අවසන්. සිනමාව සහ කලාව සම්බන්ධ පසුබිමක් ඔබට තියනවා. ඔබ වැපිරූ අස්වැන්න නෙලමින් සිටින කාලයක් මේ. අමල් අපි ඒ පසුබිම ගැන කතාකරමු.
Amal -
මට පොඩිකාලේ සිටම සිහිනයක් තිබුනා. මගේ අම්මටයි තාත්ටයි හොඳ රසිකත්වයක් තිබුනා. ගෙදර අහන සිංදු බලන නාට්‍ය චිත්‍රපට. මට පෙළඹවීම එන්න ඇත්තේ එතැනින්. මට ගෙදරින් බලපෑම් කළේ නැහැ. මට නිදහස තිබුනා. මම දේවල් ගැන හොයනවා. මම පාසල් යන කාලයේ අහවල් දේ කරනවා කියලා පැහැදිළි අදහසක් තිබුනෙ නැහැ. මම ඉසිපතන විද්‍යාලයේ උසස්පෙළ හදාරලා ඉන්නකොට තමයි ටෙලිවීව් එකේ පාඨමාලාවක් තියෙනවා දැකලා අයැදුම් කළේ. මට ටෙලිවීව් එක හරහා හොඳ අධ්‍යක්‍ෂවරු මුණගැසුනා. ඒ අය නිර්මාණයක් ගොඩ නගන විදිහ හසුරවන විදිහ පිළිබඳ ව මම ඔලුවට දාගත්තා.
අමල් අල්විස් සිය පළමු යූ ටියුබ් සාකච්ජාව කරනු ලැබූවේ MirrorArts සමගයි. ඔහු සිය සිනමාව පිළිබඳ ව දකින ලද සිහිනය පිළිබඳ කරනු ලබන අදහස් දැක්වීම සිනමාවට ප්‍රවිශ්ට වීමට සිටින බොහෝ තරුණ තරුණියන්ට වැදගත් වේවි.
අමල් සමග කරන ලද සම්පූර්ණ කතාබහ පහත විඩියෝවෙන් නරඹන්න ඔබට පුලුවන්.



