BREAKING
Top Ad
සමාලාප

Buddhadasa Vithanaarachchi | 'වර්තමානයේ රගපානවා කියන්නේ කරලා පෙන්වන එක' (වීඩියෝ)

T

The Leader

January 13, 2025 • 1:06 AM

Buddhadasa Vithanaarachchi | 'වර්තමානයේ රගපානවා කියන්නේ කරලා පෙන්වන එක' (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියක් සමාජ දේශපාලන ක්‍රියාධරයෙක් සහ ප්‍රකට කලාකරුවෙක් වූ බුද්ධදාස විතානආරච්චි පසුගිය කාලයේ ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීන් සමග මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකිරීමට විදෙස්ගතව සිට ලංකාවට පැමිණියා.
  • කලාකරුවා කියන වචනෙ අද බොහෝ දෙනා සුලබව බාවිතා කරනවා පාවිච්චි කරනවා.
  •   ශිල්පීයත්වය ඉක්මවා ගිහිල්ලා මුලු මහත් ජාතියේම නියෝජිතයෝ තානාපතිවරු වගේ පත්වන අය ඉන්නවනේ.
  • අපි නිදර්ශණයක් විදිහට ගත්තොත් පැරණි සම්භාව්‍ය ශිල්පියෙක් ලෙසින් අමරදේව මාස්ටර් වැනි අය තමයි රටක ජාතික කලාකරුවො කියලා සත්‍යවශයෙන්ම ප්‍රකාශ කරන්න පුලුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ වනවිට යලිත් විදේශගත වී සිටිනවා.

කෙසේවුවත් බුද්ධදාස විතානආරච්චි පසුගිය දා MirrorArts YouTube නාලිකාව සමග සංවාදයකට එකතුවුනා.

MirrorArts -
කලාකරුවන් වැහි වැහැපු රටක සැබෑ කලාකරුවන් යනු කව් ද ?


Buddhadasa Vithanaarachchi  -

ආරම්භයටම අපූරු ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. කලාකරුවා කියන වචනෙ අද බොහෝ දෙනා සුලබව බාවිතා කරනවා පාවිච්චි කරනවා. නමුත් කලාකරුවා කියන්නෙ කව්ද? කලාකරුවා කියන එක ඒ තරම් සැහැල්ලු වෙන්න හේතුව තමයි කලාව මොකද්ද ? කලාවේ බාවිතාව මොකද්ද කියන එක පිළිබඳව පොදු සමාජයටත් පැහැදිලි නිර්වචනයක් නැහැ.

වෙසක් එකට ඔලු බක්කො නටවන කට්ටියත් කලාකරුවො වශයෙන් සමහර අය හඳුන්වනවා. කලාවන්ට සම්බන්ධ අය කලාකරුවො වෙනවා වෙන්න පුලුවන්. නමුත් ජාතියක සැබෑ කලාකරුවා කියන්නේ මුලු මහත් ජාතියේම ගෞරවයට, ආදරයට, සම්භාවනාවට පාත‍්‍රවූ පුද්ගලයෝ තමා සැබෑ කලාකරුවො. යම් කලාවක නියතු කෙනෙකුට කලාකරුවෙක් කියලා කියන්න බැරි කමක් නැහැ. වැඩි දෙනෙක් ඉන්නේ ශිල්පීන් නේ.

 

ශිල්පීයත්වය ඉක්මවා ගිහිල්ලා මුලු මහත් ජාතියේම නියෝජිතයෝ තානාපතිවරු වගේ පත්වන අය ඉන්නවනේ. අපි නිදර්ශණයක් විදිහට ගත්තොත් පැරණි සම්භාව්‍ය ශිල්පියෙක් ලෙසින් අමරදේව මාස්ටර් වැනි අය තමයි රටක ජාතික කලාකරුවො කියලා සත්‍යවශයෙන්ම ප්‍රකාශ කරන්න පුලුවන්. නමුත් පොදුවේ කලාවේ නියතු අය කලාකරුවො කියලා කියනවා. ඒකට එක එක්කෙනා එක එක නිර්වචන සපයනවා. ඒත් යථාතත්වයේ අරවගේ නිර්වචන තියෙනවා.

MirrorArts -

ඒ විදිහට ඇහුවේ වර්තමානය වනවිට ටෙලි නාට්‍ය තුළ යම් යම් චිත්‍රපටවල ත්‍රී විලර් රියැදුරෙකු ලෙස හෝ කුමක් හෝ පෙනී සිටීමකින් පසු ඔහුන් නලු නිළියන් යැයි හඳුන්වනවා. ඔවුන්ව අවතක්සේරු කරනවා නෙමේ, මාධ්‍ය තුළ වුනත් සමහර පුවත් වාර්ථා කරනවා ටෙලි නාට්‍ය නිළියක්, නලුවෙක් අහවල් වංචාව කරලා, අහවල් හොර කම කරලා වගේ. එහෙම වුනහම වෙන්නේ සමස්ථ රංගන ක්ෂේත්‍රයේ වෘත්තීකයින්ට ම ඒ අවමානය බලපානවා... 


Buddhadasa Vithanaarachchi -

ඇත්ත. ඒක තමයි පැහැදිළි කරගන්න ඕන රගපෑම කියන එක වෙනස්, චරිත නිරූපණය කියන එක වෙනස්, රූපණ කලාවේ ඉන්නේ රූපණ බාවිතයේ ඉන්නෙ සැබෑ රූපණ ශිල්පීන්. රගපානවා කියන්නේ කරලා පෙන්වන එකනේ. එහෙම කරන අය තමා වැඩිය ඉන්නෙ. ඒ අය රූපණවේදය පිළිබඳ හැදෑරීමක් අධ්‍යනයක් අභ්‍යාසයක් නැති අය. ඒක හැමකෙනෙකුටමත් නැහැ.

බුද්ධදාස විතානආරච්චි සමග කළ සම්පූර්ණ සාකච්ජාව මතු දැක්වෙන වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි. කාලාකරුවන්, රංගවේධීන් පිළිබඳ මෙන්ම සැබෑ කලාකරුවෙකුගේ සමාජ කාර් ය භාරය පිළිබඳවත් වැදගත් කරුණු රැසක් මේ සාකච්ජාවේදී ඔබට නරඹන්න, අසන්න පුලුවන් .


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...