BREAKING
Top Ad
සමාලාප

Chamila Peiris : මම 88-89 කාලේ ජවිපෙට එකතුවුන කෙනෙක් (වීඩියෝ)

T

The Leader

December 22, 2024 • 2:01 AM

Chamila Peiris : මම 88-89 කාලේ ජවිපෙට එකතුවුන කෙනෙක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චමිලා පීරිස් වේදිකාවේ, පුංචි තිරයේ සිනමාවේ සිය රංගන ප්‍රථිභාව විදහා දැක්වූ විශිෂ්ට රංගන ශිල්පිණියකි.
  • චමිලා පීරිස් ප්‍රගතිශීලී අදහස් ඇති රංගන ශිල්පිණියකි.
  • 88- 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව සිටි චමිලා, මෙවර ජාතික ජනබල මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන වේදිකාවේ කැපීපෙණුන කලාකාරිණියක් ද විය.
  •   Mirrorarts youtube නාලිකාව සමග සාකච්ජාවකට එකතුවූ චමිලා ඇගේ ජීවිතය පිළිබඳ අත්දැකීම් බොදා හදාගනු ලැබුවේ මෙලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
චමිලා සිය රංගන පෞරුෂය ගොඩ නගාගන්නේම විවිධ චරිත රංගනය තුළින්මය. 


සෝමලතා සුබසිංහ රංගකලා ආයතනයෙන් ඇය වැඩිදුරටත් රංගනය හදාරමින් 'බර්නාඩාගේ සිපිරිගෙය' වේදිකා නාට්‍යයෙන් වේදිකාවට ප්‍රවිශ්ටවිය. අනතුරුව ලින්ටන් සේමගේගේ 'මගේ වම් අත' සිනමා නිර්මාණයෙන් සිනමාවටත්, තිස්ස අබේසේකරයන්ගේ 'වණසරණ' ටෙලි නාට්‍යයේ රංගනයට දායක වෙමින් ටෙලිනාට්‍ය රංගනයටද දායක විය.

චමිලා පීරිස් ප්‍රගතිශීලී අදහස් ඇති රංගන ශිල්පිණියකි. 88- 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව සිටි චමිලා, මෙවර ජාතික ජනබල මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන වේදිකාවේ කැපීපෙණුන කලාකාරිණියක් ද විය.  

Mirrorarts youtube නාලිකාව සමග සාකච්ජාවකට එකතුවූ චමිලා ඇගේ ජීවිතය පිළිබඳ අත්දැකීම් බොදා හදාගනු ලැබුවේ මෙලෙසිනි.


Mirrorarts - 
ජාතික ලැයිස්තුවේ නම තිබුනා. මොකද වුනේ?


Chamila-

ජාතික ලයිස්තුවේ 29දෙනෙක් හිටියා ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තවේ. මම හිටියේ 19වෙනියට. අපි ලිස්ට්එක අනුවම තමයි ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තුව තිබුනේ. මම 19 ට හිටියත් අපිට 18යි හම්බුනේ. අපි බලාපොරොත්තුවුනේ නැහැ එච්චර අවංකවම. 13ත් 15ත් අතර තමයි අපි ට විශ්වාසයක් තිබුනේ. ඉතිං 18ක් ලැබීම ලොකු දෙයක්. 19වෙනියට මම හිටපු නිසා මට ඇතුලට යන්න වුනේ නැහැ. අපි අම්පාරෙන් ගත්ත නිසා 18 ගියෙත් නැහැ. 17 ගියෙත් නැහැ. ඒක අපි දැනුවත්වම එකගතාවයකින් සහ කැමැත්තෙන් ඉදිරිපත්වුන විශේෂ අවස්ථාවක්.

මම එහෙම දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන්න දේශපාලනය කරන්න කියන ප්ලෑන් එකක්වත් අදහසක්වත් තිබුන කෙනෙක් නෙමෙයි. එහෙමත් නොතිබිලා මාව ජාතික ලයිස්තුවට ඉදිරිපත්කරපු එක ගැන මාව විශ්වාස කරපු එක මගේ ජීවිතයේ පොඩි ස්ථානයක් මට. එක්ස්පීරියන්ස් එකක්. ඒක තමා ඇත්ත.

Mirrorarts -
චමිලා එක තැනක ප්‍රකාශ කරලා තිබුනා ජාතික ජනබලවේගය ඇගේ දේශපාලන ආගම නොවන බව. එහෙයින් චමිලා ගැතිනොවී ඉදිරියේදීත් පොදු ජනතාව සමග අවශ්‍ය මොහොතේ පෙනී සිටිවියැයි බලාපොරොත්තුවෙනවා. අපේ මොහොතේ බලා පොරොත්තු ඉෂ්ට වෙලා තියෙන මොහොතක් ඒ මොහොත පිළිබඳව ඔබට මේ මොහොතේ දැනෙන්නෙ මොනවද?


Chamila -
මම 88-89 කාලේ ජනතා විමුක්ති පෙරමුණට එකතුවුන කෙනෙක්. ඉතාම යෞව්වන කාලේ දේශපාලනය ගැන  දෙයක් නොදන්න කාලේ මට අවස්ථාව ලැබුනා පවුල් කිහිපයක් ඇසුරු කරන්න මගේ සමීප මිත්‍රයෝ හරහා. මම පන්ති පවත්වන තැන්වලට ගිහිං ඒවා අහගෙන ඉන්නවා. ඉස්සර ඒවා හරිම රහසිගතව පවත්වන්නේ. ඇත්තටම දැන් බලනකොට චිත්‍රපටි වගේ. හොරෙන් එනවා හොරෙන් යනවා...කව්රුත් කතාකරන්නෙ නැහැ. හරි අමුතුයි. 

ඒ කාලේ මට අවුරුදු 18ක් විතර ඇති වයස. ඉස්සෙල්ලාම දෙන්නෙ පොත් කියවන්න. කියෙව්වෙම රුසියානු පොත්. ලෙනින් සහ මාක්ස් ගැන අපි කියෙව්වා. සමාජවාදය පිළිබඳ වචනය තිබුනට ඒ පිළිබඳව හොයන්න පුදුම විදිහට උනන්දුවක් ඇතිවුනා. එහෙම ඇවිල්ලා තමයි මේ වෙනස වෙන්න දායකත්වය දෙන්න හිතුවෙ.

මොකද මම විශ්වාසකරනවා ලෝකයේ හොඳම තැනක් කියලා එකක් නැහැ. දැනට තියෙන හොඳම තැන, දැනට තියෙන නරක අඩුම තැන තමයි හිටගත යුත්තෙ කියලා මම විශ්වාස කරා. මට දැනට තිබුන හොඳම තැන, දැනට තියෙන හොඳම තැනට මම සම්බන්ධවුනා.  මීට වඩා හොඳ තැනක් තිබුනොත් මම එයට සම්බන්ධවෙනවා. මම විශ්වාස කරනවා ජාතික ජනබලවේගයේ තියෙන ප්‍රතිපත්ති ඒගොල්ලන්ගෙ තියෙන විශ්වාසයන් කැපකිරීම් සහ ඒකායන බලාපොරොත්තුව මේ සමාජය වෙනස් කරන්න සමාජයේ මිනිස්සු සතුටින් තියන්න කියන. ඒ සඳහා අතිමහත් බහුතර ජනතාව ජන්දෙ  දුන්නා.

මේ මොහොත වනවිට බලාගෙන ඉන්නවා අපිත් උදව්කරලා ගෙනාව ආණ්ඩුවක්. තාමත් විශ්වාසය තියාගෙන ඉන්නවා ඒ ගොල්ලො වෙනසක් කරනවා කියලා අනිවාර්යයෙන්. හැබැයි, ආණ්ඩුවකට විතරක් මම හිතන්නෙ නැහැ මේ වෙනස කරන්න පුලුවන් කියලා .එතකොට අපි රංගන ශිල්පීන් කලාභාවිතා කරන්නන් විදිහට මිනිස්සුනගේ ආකල්ප වෙනස් කරන්න රසවින්දනය ඇති කරන්න, මිනිස්සු එක්ක සුහදසාකච්ජා කරන්න ඒ කොටස දැන් කරමින් ඉන්නවා නොපෙනෙන මානයේ.  එහෙම කරගෙන තවත් මේ ක්‍රමය හොඳ කරන්න මිනිස්සු සතුටින් තියන්න පොහොසත් රටක් නිර්මාණය කරන තවමත් විශ්වාස කරමින් සියයට සියයක් විශ්වාසයෙන් ඉන්නවා.

චමිලා සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව පහත.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...