BREAKING
Top Ad
සමාලාප

මම ගයන ගීතවලින් රසාස්වාදයක් ලබනවා නම් සතුටුයි - (ක්‍රිස්ටිනා බණ්ඩාර)

T

The Leader

November 26, 2023 • 7:38 AM

මම ගයන ගීතවලින්  රසාස්වාදයක් ලබනවා නම් සතුටුයි - (ක්‍රිස්ටිනා බණ්ඩාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලෙන් කාලෙට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය අය බිහි වෙනවා. මේ කාලයේ සංගීත ක්ෂේත්‍රයේ වැඩි කතාබහක් ඇති වී තිබෙන්නේ ක්‍රිස්ටිනා බණ්ඩාරගේ
  • ප්‍රශ්නය : ක්‍රිස්ටිනා කාලෙකට කලිනුත් සින්දු කියලා තියෙනවා, දැන් තමයි මේ තරම් ඔබ ගැන කතා වෙන්න පටන් ගෙන තියෙන්නේ, ඇත්තටම මේ මොකක් ද වුණේ?
  • ක්‍රිස්ටිනා : ඇත්තටම කිවුවොත් ක්‍රිස්ටිනා කියන්නෙත් මේ රටේ සාමාන්‍යය පුරවැසියෙක්.
  • එහෙම කියලා මාස අටක් වගේ කාලයක් ඇතුළත අපි බැන්දා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගායනය ගැන. ඇය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගිටාර් වාදකයකු වන මහින්ද බණ්ඩාර සහ ජනප්‍රිය ගායිකාවක් වන ධම්මිකා වල්පොලගෙ දෙවන පුතුගේ ආදරණීය බිරිඳයි. ක්‍රිස්ටිනා බණ්ඩාර සිය නැන්දණියගේ “දූවිල්ලෙන් වත්සුණු තවරා..” ගීතය හරි අපූරුවට ගායනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගියා. ඒ නිසාම ක්‍රිස්ටිනා බණ්ඩාර මේ දිනවල අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. රසඳුන මේ කතාබහ ක්‍රිස්ටිනා බණ්ඩාර සමඟින්…..


ප්‍රශ්නය :
මේ දවස්වල හරි ජනප්‍රියයි නේද?


ක්‍රිස්ටිනා
මම දන්නේ නැහැ. හැබැයි මට හැමෝම වගේ කියනවා මම දැන් ජනප්‍රිය වෙලා කියලා.


ප්‍රශ්නය :
ක්‍රිස්ටිනා කාලෙකට කලිනුත් සින්දු කියලා තියෙනවා, දැන් තමයි මේ තරම් ඔබ ගැන කතා වෙන්න පටන් ගෙන තියෙන්නේ, ඇත්තටම මේ මොකක් ද වුණේ?

ක්‍රිස්ටිනා :
ගිය අවුරුද්දේ දෙසැම්බර්වල ගෙදර පොඩි සාදයක් වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තිබ්බා මගේ ෆෝන් එකේ. මම ඒක මගේ ටික්ටොක් එකවුන්ට් එකට දැම්මා. මම දැම්ම ඒ වීඩියෝ එකේ අම්මයි මමයි ආච්චියි තුන්දෙනාම ඉන්නවා. මම අම්මගේ “දූවිල්ලෙන් වත්සුණු තවරා..” ගීතය ගායනා කරනවා ආච්චි ඒක දිහා බලන් ඉන්නවා. ඒක වයිරල් වුණා. ඒකත් එක්ක හැමෝම හොයන්න ගත්තා මම කවුද කියලා. ඊට පස්සේ “වැහිදිය මහ” සින්දුවේ කවර් එකක් කළා. දැන් ඒකත් හැම තැනම වයිරල් වෙලා තියෙනවා. හැම පේජ් එකකින්ම දාලා තියෙනවා. ආයේ ආයේ මට එවනවා.


ප්‍රශ්නය :
ක්‍රිස්ටිනා කියන්නේ ඇත්තටම කවුද?


ක්‍රිස්ටිනා :
ඇත්තටම කිවුවොත් ක්‍රිස්ටිනා කියන්නෙත් මේ රටේ සාමාන්‍යය පුරවැසියෙක්. මගේ තාත්තා ටැන්සානියානු ජාතිකයෙක්. ඒ කියන්නේ අප්‍රිකානු ජාතිකයෙක්. මගේ අම්මා ශ්‍රී ලාංකික කාන්තාවක්. තාත්තා නැති වුණාට පස්සේ අපි ලංකාවට ආවා. මම පාසල් ගියේ ලංකාවේ.
image eea0d12436
ප්‍රශ්නය :
ඉගෙන ගත්ත පාසල?


ක්‍රිස්ටිනා :
ශාන්ත මාටින් ඩි පෝරස් පාසල වෙන්නප්පුව සහ නුවර හිල්වුඩ් විද්‍යාලයෙන් මම ඉගෙන ගත්තා.

ප්‍රශ්නය :
පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ළැදි කෙනෙක් ද?


ක්‍රිස්ටිනා :
ඔව්. මගේ අම්මා කියන විදිහට මම හරි ඉක්මනින් සින්දු අල්ලගන්නවා. ගොඩක්ම හින්දි සින්දුවලට තමයි කැමති. හින්දි සින්දුවක කොටසක් ඇහුණත් ඒක වාහනේ යද්දී වීදුරුව පාත් කරගෙන කෑ ගහලා හයියෙන් කියනවලු. බස් එකක ගියත් එහෙමලු. සමහර වෙලාවට පාරේ එක්කන් යන්න බැරි තරම් මම හයියෙන් සින්දු කියනවලු.


ප්‍රශ්නය :
ක්‍රිස්ටිනාගේ ජීවිතේ වෙනස් වෙන තැනක්නේ තිසර බණ්ඩාර හමුවීම, කොහොමද ඒ හමුව සිද්ද වුණේ?


ක්‍රිස්ටිනා :
මම ඒ කාලේ වොයිස් ට්‍රේනින් ගියා කිර්ති පැස්කුවල් මහතාගේ. ඔය යන අතරේ තමා අපි දෙන්නා හමු වෙන්නේ. ඒ හමුවෙලත් අපි අතරේ මුකුත් කතා බහක් තිබ්බේ නැහැ. බලනකොට අපි දෙන්නා ෆේස්බුක් එකෙත් යාළුවො වෙලා ඉඳලා තියෙනවා. එක දවසක් මම මොකක් හරි පණිවිඩයකට තිසරට මැසේජ් එකක් දැම්මා. ඒ කතා බහ අපි හිතන්නේ නැති විදිහට ටිකක් දුරදිග ගියා. පැය හයක් හතක් වගේ කාලයක් අපි කතා කළා. ඒ කතා බහෙන් දවස් දෙක තුනකට පස්සේ අපි හම්බුණා. ඒ හම්බුණාම තිසර කිවුවා මම බඳින්නමයි අහන්නේ කැමතිද කියලා. මම කිවුවා අපි ආශ්‍රය කරලා බලමු කියලා. එහෙම කියලා මාස අටක් වගේ කාලයක් ඇතුළත අපි බැන්දා.

Krstina Bandara 1
ප්‍රශ්නය :
යාළුවෙද්දි දැනගෙන හිටියද තිසර කාගේ කවුද කියලා?


ක්‍රිස්ටිනා :
මට එහෙම තේරුමක් තිබ්බේ නැහැ. මම අපේ පාසලේ සහ ගමේ පල්ලියේ ගීතිකා කණ්ඩායම්වල හිටියා. ඒ තැන්වල මම ආසාවෙන් ගයපු ගීතයක් නමෝ මරියනි. අපි යාළුවෙලා ටික දවසක් යද්දී තිසර මගෙන් ඇහුවා ආසම සින්දුව මොකක් ද කියලා. මම කිව්වේ “දූවිල්ලෙන් වත්සුණු තවරා..” ගීතය කියලා. එතකොට කිවුවා ඒක කියන්නේ මගේ අම්මනේ කියලා. මම කිවුවා නැහැ ඒක ෆිල්ම් සින්දුවක් කියලා. එතකොට කිවුවා හරි ඒ සින්දුව කියන්නේ අම්මා කියලා. මම බොරු කියන්න එපා කිවුවම මට ෆොටෝ පෙන්නුවා. ඒ වෙනකම් මම දැනගෙන හිටියෙ නැහැ ධම්මිකා බණ්ඩාර කියන්නේ තිසර බණ්ඩාරගේ අම්මා කියලා. ඊට පස්සේ තමයි දැන ගත්තේ අනේ මේ මම ආසම “නමෝ මරියනි” සින්දුව කියන ලතා වල්පොල නම් ජ්‍යොෂ්ඨ ගායිකාවගේ ෆැමිලි එකනේ කියලා.
image b1b75f9e1cමට ඒ ඔක්කොම සර්ප්‍රයිස් එකක් වගේ. මම ගෙදර ගිහින් අම්මට කිවුවා. අම්මා මම අර කතා කරන අයියා, ලතා වල්පොල කියන ජ්‍යොෂ්ඨ ගායිකාවගේ මුණුබුරෙක් කියලා. අම්මාත් ඒක කිවුවම සර්ප්‍රයිස්. මගේ අම්මාගේ පවුලේ හැමෝම වගේ ආච්චි අම්මගේ සින්දුවල‍ට මාර විදිහට ආසයි. මම මගේ අම්මගේ කටින් ලතා ආච්චි අම්මගේ සින්දු අහලා තියෙනවා. හැම තිස්සෙම මගේ කටේ තියෙන්නේ හින්දි සින්දු. මම තිසර බැඳලා ආවම තිසරගේ අම්මා කිවුවා පුතේ ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ. ඒ නිසා ඔයා ආච්චිගේ සින්දු බලා ගන්න කියලා. අම්මා අල්ලපු කාමරේ ඉඳන් ආච්චිගේ සින්දු අහනවා. ආච්චි පහළ කාමරේ ඉඳන් වෙන අයගේ සින්දු අහනවා. මම උඩ ඉඳන් හින්දි සින්දු අහනවා.
 


ප්‍රශ්නය :
ක්‍රිස්ටිනා මොනවද කරන්නේ?


ක්‍රිස්ටිනා :
මම හඬ කැවීම් කරනවා. වොයිස් ආර්ටිස් කෙනෙක් විදිහට නාළිකාවල වැඩ කරනවා. කන්ටෙන් ක්‍රියේටර් කෙනෙක් විදිහට සෝෂල් මීඩියාවල වැඩ 71494518 541306096412341 3909697472439517184 n
කරනවා. ඔන්ලයින් වර්කවුට් ක්ලාසස් කරනවා. Nonine Ceylon හි සන්නාම තානාපති කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ එක්කම සින්දු කියනවා.

ප්‍රශ්නය :
අලුත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?


ක්‍රිස්ටිනා :
ඇත්තම කතාව කිවුවොත් අප්පච්චි (මහින්ද බණ්ඩාර) මට වෙනම සින්දු වගයක් හදලා තියෙනවා. මගේ හස්බන්ඩ් වෙනම සින්දු වගයක් හදලා තියෙනවා.ජනප්‍රිය සින්දු ලියන අය ඒ ගීත ලියලා තියෙන්නේ. අප්පච්චි මට හැම තිස්සෙම කියන දෙයක් තමයි පුතේ අපි හැමදේම කරලා තියෙනවා ඔයාගේ උනන්දුව හරි අඩුයි කියන එක. ඒ නිසා ඒ දේවල් අලුතින් කරන්න ඉන්නවා. ඒ නිසා ඉස්සරහට අලුත් සින්දු ටිකක් අහන්න ලැබෙයි.

ප්‍රශ්නය :
ක්‍රිස්ටිනා වටේ දැන් ඉන්න ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ මොනවද?


ක්‍රිස්ටිනා :
මේ කාලේ මාව ජනප්‍රිය කරලා තියෙන නිසා පත්තර, ටීවී රේඩියෝවලින් ඇරියුම් බොහොමයක් ලැබෙනවා. ඒ මම බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි. ගොඩක් ස්තුතියි මේ හැමදේටම. මට හොඳ කියන නරක කියන හැමෝටම මම හරි ආදරෙයි. නරක කියන්න හරි වීඩියෝ එකක් බලන එකත් ලොකු දෙයක්. මටම අනන්‍ය වූ ගීත නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. මම ගයන ගීතවලින් යම් රසාස්වාදයක් ලබනවා නම් මම සතුටුයි.

 


(සටහන -අනුෂා රණසිංහ)
උපුටා ගැනීම : silumina.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...