BREAKING
Top Ad
සමාලාප

‘Colombo Literary Festival 2026’ කියන්නෙ පොත් ප්‍රදර්ශනයක් පමණක් ම නෙවෙයි (වීඩියෝ)

T

The Leader

July 12, 2026 • 4:49 AM

‘Colombo Literary Festival 2026’ කියන්නෙ පොත් ප්‍රදර්ශනයක් පමණක් ම නෙවෙයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සාහිත්‍ය ක්ෂේත්‍රය හා පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නවමංපෙත් සනිටුහන් කරමින් 2026 කොළඹ සාහිත සමය ‘Colombo Literary Festival 2026’ ජූලි මස 24 දින සිට 29 වන දක්වා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ ආර්කේඩ් පරිශ්‍රයේදී පැවැත්වේ.
  • දවස් හයක් පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මෙම උළෙල පැවැත්වෙන අතර, මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පොත් ප්‍රකාශන ආයතන පහක් විසිනි.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේදී අපගෙ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ට නිසි නියෝජනයක් ලබා දී ඇත.
  • ශ්‍රී ලංකාවේ සියලු සමාජ ස්ථර නියෝජනය කරන පුළුල් පාඨක සමාජයක් මෙයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය සාමාන්‍ය පොත් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගිය සුවිශේෂි සාහිත්‍ය උළෙලකි.

දවස් හයක් පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මෙම උළෙල පැවැත්වෙන අතර, මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පොත් ප්‍රකාශන ආයතන පහක් විසිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේදී අපගෙ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ට නිසි නියෝජනයක් ලබා දී ඇත.

clf 39ut94
මෙම උළෙල පැවැත්වෙන්නේ මහජනයාට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන Colombo Arcade පරිශ්‍රයේ දී ය. ශ්‍රී ලංකාවේ සියලු සමාජ ස්ථර නියෝජනය කරන පුළුල් පාඨක සමාජයක් මෙයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සාහිත්‍ය උළලේ දී දේශීය හා විදේශීය සාහිත්‍යධරයින් ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් යුතුව විවිධ සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙහි දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය සාහිත්‍යයේ නවින ප්‍රවණතා සහ අනාගත දිශානති සාකච්ඡාවට බඳුන් කෙරේ.

මෙම සාහිත්‍යයේ උළෙලේ සුවිශේෂිතා :-

■ විවිධ සාහිත්‍ය මාතෘකා යටතේ කෙරෙන විද්වත් සංවාද සහ සම්මන්ත්‍රණ

■ දේශීය හා විදේශීය පොතපත එකම වහලක් යටින් මිලදී ගැනීමේ අවස්ථාව

■ උසස් සංගීතය රසවිඳිය හැකි සංගීත සන්ධ්‍යාවන්

ඉතින් මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව මෙම සාහිත්‍ය උලෙල වෙනුවෙන් වෙන් කිරීමට අපි තීරණය කළෙමු.

මතු පළ වන්නේ මෙම උලෙළෙහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ප්‍රදීප් සමරනායක සහ Curator (කියුරේටර් /අභිරක්ෂක) ලෙස කටයුතු කරන අනෝමා රාජකරුණා‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කල සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...