BREAKING
Top Ad
සමාලාප

සතුටට යන ගමනෙත් අපිට දුක තමයි හම්බවෙන්නේ | Dilshan Pathiratne (Mirror Arts වීඩියෝවක්)

T

The Leader

March 13, 2025 • 1:59 AM

සතුටට යන ගමනෙත් අපිට දුක තමයි හම්බවෙන්නේ | Dilshan Pathiratne (Mirror Arts වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධාර්ථ කුමාරයෙකි. ඔහු පිළිබඳ ලියන්නට ඔහුගේ චරිත කතාව ලියන්නට බොහෝ දෙනෙක් යළි යළිත් සිතනු නියතය.
  • නීතිඥවරයෙකු වන ඔහු ගීත රචකයෙකු ලෙසත්, ටෙලි නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් තම අනන්‍යතාව කලා ක්‍ෂෙත‍්‍රය තුළ  පැළපදියම් කරගෙන තිබේ.
  • එමෙන්ම ඔහු දේශකයෙකු ලෙස ද බොහෝ දෙනාගේ අවදානයට පාත‍්‍ර වී සිටී.
  • මේ දිනවල විකාශය  වන 'රාග' සහ 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍ය දෙකෙහිම තේමා ගීතය ලියා ඇත්තේද ඩිල්ෂාන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිද්ධාර්ථ කුමාරයාගේ චරිත කතාවට නව අර්ථයක් එක්කරමින් 'දඩම්බරයා' නවකතාව ලියන්නට ඩිල්ෂාන් පතිරත්න ට හැකිවිය.

නීතිඥවරයෙකු වන ඔහු ගීත රචකයෙකු ලෙසත්, ටෙලි නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් තම අනන්‍යතාව කලා ක්‍ෂෙත‍්‍රය තුළ  පැළපදියම් කරගෙන තිබේ. එමෙන්ම ඔහු දේශකයෙකු ලෙස ද බොහෝ දෙනාගේ අවදානයට පාත‍්‍ර වී සිටී.

ඩිල්ෂාන් ගේ ජනප්‍රිය ගීත අතර සමන් ලෙනින් ගායනා කළ 'අමුඩය' ගීතයත් 'සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැහැ' ගීතය මෙන්ම ඔහු 'පිහිතුඩින් හදවතේ සියුම් තැන ආදරය' ලියන්නට ද සමත් ව තිබේ.

මේ දිනවල විකාශය  වන 'රාග' සහ 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍ය දෙකෙහිම තේමා ගීතය ලියා ඇත්තේද ඩිල්ෂාන්ය.

MirrorArts සාකච්ජාවට ඔහු එක්කරගනු ලැබුයේ ඔහුගේ නිර්මාණ ජීවිතය පිළිබඳවත් ඔහු පිළිබඳවත් කතා කරන්නටය.

මේ ඔහු සමග කළ සාකච්ජාවයි.

MirrorArts  -
ඔබේ නිර්මාණතුළින් අපිට බොහෝ විට කියවගන්න පුලුවන් වෙන්නේ ප්‍රේමය එහෙම නැතිනම් ආදරය. ඔබට අනුව ප්‍රේමය වනාහි කුමක්ද ?


Dilshan -

විවිධයි. ඒකාකාරි නැහැ.විවිධ ආකෘතිවල විග්‍රහ වෙන්නෙම විවිධ විදිහට දැනෙන නිසානේ. මට එක එක රසවලින් ප්‍රේමය දැනිලා තියෙනවා. මම කියවපු පරණ පොතක තිබුනා ඒක මේ ඉන්දියාණු මූලාශ්‍රයක ප්‍රේමයට ලස්සන විග්‍රහයක් දීලා තිබුනා රාවණා ව ආදේශ කරලා. මම ඒක තදින් විශ්වාසකරන එකක්. ඒකෙ තිබුනා රාවණාගෙ මූණු දහයට නම් දහයක්. මූඩ්ස් දහයක් දුන්නා කාම, ක්‍රෝධ, මෝහ, මද, මාන, බුද්ධිය, චිත්ත, මානස, මාත්සර්්‍යය, අහංකාරය කියන ඔය දහය . ඔය දහය ඇතුළෙ ලව් කියලා මූඩ් එකක් නැහැ. ෆියර් කියලා මූඩ් එකකුත් නැහැ. ඒ රචකයා ඒක විශ්ලේෂණය කරලා තියෙනවා හරි ලස්සනට... ආදරය කියන්නේ මේ මූඩ් දහයට.

කාම, ක්‍රෝධ, මෝහ, මද, මාන, බුද්ධිය, චිත්ත, මානස, මාත්සර්්‍යය , අහංකාරය ඔය දහයෙන් එක එක මූඩ්ස් එක එක වෙලාවට එළියට එනවා. ඕක අපි ආදරය කියලා විශ්වාස කරනවා. ඉතින් එහෙම ගත්තහම ආදරය මට විවිධා කාරයි. මගේ ආදරේත් එක එක වෙලාවට එක එක මූඩ්ස් එක දෙක ....ආදී වශයෙන්  

MirrorArts  -
ඒ ඔයාට ආදරේ දැනෙන විදිහ. ඒ අතර හුගක් අය කැමතියි ආදරය ආදරය කරන කෙනා තමන්ගේ බුක්තියට එහෙම නැතිනම් තමන්ට අයිති කරගන්න...ප්‍රේමයෙන් දිනාවා කියන්නේ ප්‍රේමයෙන් සතුටට පත්වුනා කියන්නේ තමන්ට අයිති කරගන්න පුලුවන් වුන නිසානේ . හැබැයි ලෝකයේ මේ තාක් වගේම ඔබත් මේ ලියලා තියෙන කාරණා ගත්තහම ප්‍රේමයේ සතුට ගැන ලියැවුන නිර්මාණ අතලොස්සයි තියෙන්නේ. හැබැයි වැඩිපුරම තියෙන්නේ ප්‍රේමයේ විරහව සම්බන්ධයෙන් වූ ලියැවිලි. මිනිස්සු විඳින්නේ විරහව. ඔබගේ නිර්මාණ වලටත් පාදකවෙලා තියෙන්නේ විරහව. මේක මොකද්ද?

Dilshan -

ඔව් මොකද්ද ඒකට කියන්නේ?... ලියන්න දැනෙන්න ඕනෙ , දැනෙන්න රිදෙන්න ඕනේ. එහෙමත් නැතිනම් සතුටෙන් ඉන්නකොට සතුට අකුරු වෙනවා අඩුයි. මටත් අඩුයි. ඒක මිනිස්සුන්ගෙ යැටි වෙන්න ඇති . සතුට අකුරු කරන්න තිබ්බනම් හොඳයි. සතුට අකුරු කරපු සිංදු ගමුකො ප්‍රේමය වේවා වෙනත් දෙයක් වේවා...අපි ඒක අහනවා සතුටුවෙනවා පොදුවේ. හැබැයි අපිට රිදුන වෙලාවකට අපි තනියම තමයි ඒ සිංදු වැඩිපුර අහන්නේ...ප්‍රේමය හෝ වෙනත් දෙයක් හෝ වේවා සතුට තියෙන තැන අපි ඒක පීණනවා. දුක තියෙනකොට අපි ඒකෙ කිමිදෙනවා. මමත් හිතනවා මට සතුට දැණුන විට මම පීනලා තියෙනවා. දුකක් දැණුනහම කිමිදිලා තියෙනවා. මම යටටම කිමිදිලා ඉන්නෙ. ඒ වේදනාව ස්පර්ශ කරමින් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම සතුට මතක නැහැනේ. මට මතක දුක. දැං ඒ දුකත් මට මතක නැහැ. නමුත් මට දුක හොඳට දැනිලා ඇති විඳලා ඇත. මං කරපු නිර්මාණ ගොඩක ඒ දුක වඩාත් සාර්ථකව එළියට ඇවිත් තියෙන්නෙ.  

MirrorArts-
අපි ප්‍රේමය  තුළ අත්පත් කරගෙන සතුටින් හිටියත් අපිට විරහ ගීතයක් ඇහෙන විට විඳවීමකුත් විදීමකුත් තියෙනවා. ඒ සමහරවිට අපේ අභයන්තරයේ ඇති කුමක් හෝ විය හැකිද ?

DilShan -
ඔව් මමත් හිතනවා අපිට වේදනාව ලගයි කියලා. ශාස්තෲන්වරුන්ගේ අදහස සියල්ල අවසානයේ දුකක් කියන එකත් එක්කම අපි දුකට ලගයි... කියලා මට හිතෙනවා. අපි දෙන්නටත් මේ වෙලාවේ දුක් වෙන්න ඕනේ තරම් නිමිති හදාගන්න පුලුවන්. දැන් කතාකරලා ටක් ගාලා හදාගන්න පුලුවන්. සතුට ටිකක් ආයාශයෙන් ගන්න ඕනේ. සතුටට ප්‍රොජෙක්ට් කරන්න ඕනේ.

සතුටට යන ගමනෙත් අපිට දුක තමයි හම්බවෙන්නේ නේද? මම ඒ නිස එකගයි. අපි සාමාන්‍යයි. අපි ඉතා ඉහළ බුද්ධි මට්ටම් වල ඉන්න මිනිස්සු නෙමෙයිනේ...මේ ඇවරේජ් මිනිහා එහෙම නැතිනම් කොමන් මෑන් කියන මිනිසා ට අපිට දුක ලගයි ... අපි දුකෙන්ම තමයි අපි සතුට හොයාගන්නේ . දුක අහමින් දුක විඳිමින් දුකෙන්ම සතුටක් ලබනවා. සිංදුවකුත් තියෙනවනේ 'දුකම මේ තරම් සතුටක්දෝ 'කියලා..

ඩිල්ෂාන් සමග කතාබහේදී දික්කසාද නීතිය තුළ මෙන්ම නීතයේදී සැවොම එක හා සමාන ද යන්න පිළබඳවත් නූතන සමාජය තුළ මිනිස් ජීවිත පිළිබඳ කතාබහකුත් සිදුවුනා. ඔහු සමග කළ රසවත් කතාබහ පහත විඩියෝවෙන් නරඹන්න.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...