BREAKING
Top Ad
සමාලාප

මචං : EP-03 | වම ඇයි මැද පන්තියට බය? - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader

November 24, 2022 • 11:03 AM

මචං : EP-03 | වම ඇයි මැද පන්තියට බය? - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයවැය හමුවේ තීරණාත්මක වන අදායම් සහ වියදම් අතර වන පරතරය පියවා ගැනීම සම්බන්ධව ලංකාවේ
  • ඔහු සඳහන් කරන්නේ අයවැය පරතරය පියවාගැනීම සම්බන්ධ කාරණය තේරුම් ගත යුතුව ඇත්තේ ගෝලීය ආර්ථිකය මත පදනම්ව බවයි.
  • මෙහිදී අදහස් දැක්වූ ඔහු මීට පෙර ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ලෙස හැදින්වුණු තම පක්ෂයේ නම සමබිම ලෙස වෙනස් කිරීම ගැනත් අදහස් දැක්වීය.
  • ඒ සම්බන්ධයෙන් දීප්ති කුමාර ගුණරත්න පවසා සිටියේ, නිර්ධන පන්තිය මෙහෙයවන පක්ෂය ලෙස ලෙනින්ගේ හැඳින්වීම අනුව "පෙරටුගාමී පක්ෂය" ලෙස තම පක්ෂය ලියාපදිංචි කළ නමුත්, එම නම පසුව කුමාර් ගුණරත්නම් විසින් සොරකම් කළ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික විශේෂඥයන් මෙන්ම බුද්ධිමතුන් බොහෝ විට අවධානය යොමුකර සිටින්නේ රට අභ්‍යන්තරයේ ආර්ථික ප්‍රශ්න සහ ජාතික ආර්ථිකය මත පදනම්ව වුවත් එය නිවැරදි නොවන බව සමබිම පක්ෂයේ ප්‍රධාන ලේකම් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කරයි.

ඔහු සඳහන් කරන්නේ අයවැය පරතරය පියවාගැනීම සම්බන්ධ කාරණය තේරුම් ගත යුතුව ඇත්තේ ගෝලීය ආර්ථිකය මත පදනම්ව බවයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ Chatham Street Journal යු ටියුබ් නාලිකාව වෙනුවෙන් ශානුක කරුණාරත්න සිදුකරන "මචං" වැඩසටහන සමඟ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ඔහු මීට පෙර ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ලෙස හැදින්වුණු තම පක්ෂයේ නම සමබිම ලෙස වෙනස් කිරීම ගැනත් අදහස් දැක්වීය.

ඒ සම්බන්ධයෙන් දීප්ති කුමාර ගුණරත්න පවසා සිටියේ, නිර්ධන පන්තිය මෙහෙයවන පක්ෂය ලෙස ලෙනින්ගේ හැඳින්වීම අනුව "පෙරටුගාමී පක්ෂය" ලෙස තම පක්ෂය ලියාපදිංචි කළ නමුත්, එම නම පසුව කුමාර් ගුණරත්නම් විසින් සොරකම් කළ බවය.

ඒ සඳහා එවකට මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වූ මහින්ද දේශප්‍රියගේ ක්‍රියාකලාපය බලපෑ බවත් ඔහු පැවසීය.


"බෝල්ෂෙවික් නායක ලෙනින්ගේ අදහස අනුව නිර්ධන පන්තිය මෙහෙයවන පක්ෂය, ඉදිරියෙන් සිට ඔවුන්ට මග පෙන්වන පක්ෂය කියන අදහස තමයි  "පෙරටුගාමී" කියලා අපි ගත්තේ. ඒ නම කුමාර් ගුණරත්නම් හොරකං කළා. අපේ නම තමයි 2009 ඉඳලා දිගටම තිබුනේ. 2011 දී ජවිපෙ කැඩුනට පස්සේ ඒ අය ගත්තේ. දැනටත් සමහරු හිතන්නේ මමත් පෙරටුගාමී කියලා. එක වගේ නම් දෙකක් තියනකොට ප්‍රශ්න නිසා අපි විරෝධය දැක්වුවා. නමුත්  මැතිවරණ කොමිසමේ එවකට ප්‍රධානියා වුණු මහින්ද දේශප්‍රිය හිතුවේ මම කරන දේශපාලනය බොළඳයි කුමාර් තමයි බරපතළයි කියලා. පස්සේ අපි අපේ පක්ෂයේ නම සමබිම ලෙස වෙනස් කරගත්තා "



එසේම, වමේ පක්ෂ අතර ඇති  බෙදීම්, ලංකාවේ වම මැද  බය , ලාභ ලබන බව පැවසෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආන්දෝලනාත්මක කරුණු රැසක් මෙම වැඩසටහනට එක්වෙමින් දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...