BREAKING
Top Ad
සමාලාප

මචං - EP-04 | අපි ඇඟිල්ල දික්කරන්න ආස ජාතියක් - (මිහිර සිරිතිලක)

T

The Leader

December 1, 2022 • 1:45 AM

මචං - EP-04 | අපි ඇඟිල්ල දික්කරන්න ආස ජාතියක් - (මිහිර සිරිතිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක් ගොඩනැගීම සඳහා සුදුසු නිශ්චිත වැඩපිළිවෙලක් සකසා ගෙන එය ක්‍රියාත්මක කිරීම හැර මැකියාවෙලිගේ කුමාරයා ග්‍රන්ථයේ සිට ප්ලේටෝගේ
  • දැන උගත් පිරිස එකතු වෙලා පොදු අදහසක් ගේන්න ඕන."     "මේ රට ඇතුලේ මට නම් පේන්න නෑ, එක අදහසක් තියන චිත්‍රයක්.
  • මොනවද ළමයින්ට පෙන්නපු නාට්‍ය කියලා.
  • ඇත්ත, අදටත් 56 බිහිවෙච්ච මනමේ තමයි අපි නාට්‍යක් ලෙස සළකන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
රිපබ්ලික් ග්‍රන්ථය දක්වාත්, සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන් අතරත් රටක් පාලනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් විවිධ අදහස්  සියල්ල යොදා රටක් කරවිය නොහැකි බව දක්ෂ රංගන ශිල්පියකු වන මිහිර සිරිතිලක පවසයි.
 
 
රටටම නැගිටීමට පුළුවන් එක්  පැහැදිළි චිත්‍රයක් අවශ්‍ය නමුත් දැනට ඇත්තේ එක් එක් පාර්ශව හිතූ හිතූසේ පාට, පැන්සල් ඉරි ඇඳ බොඳකල චිත්‍රයක් බවත් ඔහු පෙන්වාදෙයි. 
 
 
මිහිර සිරිතිලක මේ බව සදහන් කර සිටියේ Chatham Street Tv යූටියුබ් නාලිකාව වෙනුවෙන් ශානුක කරුණාරත්න මෙහෙයවන "මචං" වැඩසටහනට එක්වෙමිනි.
 
 
" අපි ඉගෙනගෙන තියෙන්නේ එක බලවේගයක් තවත් බලවේගයක ගැටීමෙන් අලුත් බලවේගයක් බිහිවෙන්නේ කියලා. දැන් අපේ රටේ අලුත් බලවේග කීයක් හැදිලා තියෙනවද ? ඒ කියන්නේ හැපිලා වැඩියි. මේ සමාජය ගැටිලා වැඩියි. ඒ නිසා ඔලුවේ ඔලුවේ තියන අදහස් ක්‍රියාත්මක කිරීම නෙවෙයි වෙන්න ඕන. දැන උගත් පිරිස එකතු වෙලා පොදු අදහසක් ගේන්න ඕන."
 
 
"මේ රට ඇතුලේ මට නම් පේන්න නෑ, එක අදහසක් තියන චිත්‍රයක්. මේ තියන එක ක්ලියර් නෑ. තීන්ත වේලෙන්න කලින් සමාජයට චිත්‍රය ගෙනාවේ. ඒ නිසා මිනිස්සු අතපත ගානකොට පාට කලවම් වෙලා. දැන් ඔරෝජිනල් අයිඩියා එක ගෙනාපු අයවත් දන්නේ නෑ."
 
 
මෙහිදී ඔහු නාට්‍ය කලාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
 
 
" මෑතක මගේ පොතක් එළිදක්වන එකකට කට්ටිය එකතු වුනාම එතන ගුරුවරු ටිකක් හිටියා. මම ඒ ගොල්ලන්ගෙන් ඇහුවා, දැන් අපි එකට ග්‍රාමා ස්කුල් එකේ ඉඳලා දැන් ගුරුවරු වෙලා ඉන්නේ. මොනවද ළමයින්ට පෙන්නපු නාට්‍ය කියලා. අදටත් පෙන්නන්නේ මනමේ, සිංහබාහු. මම ඇහුවා ඇයි අලුත් නාට්‍ය පෙන්නන්නේ නැත්තේ කියලා. ළමයි අලුත් නාට්‍ය බලල විභාගයට අලුත් දෙයක් ලිව්වොත්, ලකුණු නෑ. බලන අය දන්නේ විෂය නිර්දේශය විතරනේ. මේ ළමයා අලුත් නාට්‍යකින් උත්තරක් ලිව්වොත්, ඒ ළමයා ෆේල් වෙන්න පුළුවන්නේ.ඔන්න උත්තරේ. ඇත්ත, අදටත් 56 බිහිවෙච්ච මනමේ තමයි අපි නාට්‍යක් ලෙස සළකන්නේ. එතනින් මෙහා නව ප්‍රවණතා ඇවිල්ලා තියෙනවා. නව අධ්‍යක්ෂවරුන්ගේ අලුත් චින්තනය, මේ දැන් මේ මොහොතට ගැලපෙන නාට්‍ය කලාවක් මේ රටේ මේ මොහොතේ පණ ගැහෙමින් තියෙනවා. ඒක ඔය විෂය නිර්දේශ හදන අයට අහුවෙලා නෑ."
 
 
මිහිර සිරිතිලක සමඟ ශානුක කරුණාරත්න සිදුකළ "මචං " සම්මුඛ සාකච්ඡාව පහත සබැඳියෙන්.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...