BREAKING
Top Ad
සමාලාප

ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුවෙකුගේ නැගණියක් කතා කරයි

T

The Leader

May 16, 2019 • 2:42 AM

ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුවෙකුගේ නැගණියක් කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙකි.බලධාරීන් පවසන ආකාරයට සහ්රාන් හෂිම් මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා වේ.ඔහුගේ එම ක්‍රියාව නිසා මදානියා වික්ෂිප්ත වී සිටී.
  • ඊළඟට කුමක් වෙයි දැයි මට සිතා ගන්න බැහැ," ඇය පවසයි.
  • සැකකාරියක ලෙස නොසලකුවද පොලීසිය මේ වන විට ඇයගෙන් ප්‍රශ්න කර තිබේ.
  • ප්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් බව සැලකෙන ඇයගේ සොහොයුරා තවමත් ජීවතුන් අතර සිටීද නැත්ද යන්න අපැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වන විට එම ප්‍රහාර වලින් 250 දෙනෙකුට අධික පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. බොහෝ ප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ.
"සිද්ධ වෙලා තියෙන දේ භයානකයි. ඊළඟට කුමක් වෙයි දැයි මට සිතා ගන්න බැහැ," ඇය පවසයි.
සැකකාරියක ලෙස නොසලකුවද පොලීසිය මේ වන විට ඇයගෙන් ප්‍රශ්න කර තිබේ.
ප්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් බව සැලකෙන ඇයගේ සොහොයුරා තවමත් ජීවතුන් අතර සිටීද නැත්ද යන්න අපැහැදිලිය. එහෙත් ඔහු මියගොස් ඇති බව ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ පවසති.



"වික්ෂිප්ත වෙලා"

සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා මදානියා ය.
හතළිස් හැවිරිදි සහ්රාන් පවුලේ වැඩිමලාය.
දැඩි අව් රශ්මියෙන් කාත්තන්කුඩි නගරය වෙහෙසට පත්වී ඇති සෙයකි. එහි වෙසෙන බහුතරය මුස්ලිම් ජාතිකයින්ය.
මදානියා දෙස බොහෝදෙනා විමසිල්ලෙන් බලති. නමුත් එයට ඇය අකමැතිය. නමුත් ඇයට එයින් ගැලවී යා නොහැකි සෙයකි.
තම වැඩිමහල් සොහොයුරා වසර දෙකකින් පමණ තමාට කතා කර නොමැති බව ඇය කියයි.
එකිනෙකාට වෙනස් අදහස් ඇති මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකට පසුව පොලීසිය 2017දි සහ්රාන් අත්අඩංගුවට ගැනීමට සෙවීය. එතැන් සිට ඔහු සැඟවී ජීවත් වී තිබේ.
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රහාරකයින්ගේ යැයි සැලකෙන වීඩියෝවක් නිකුත් විය.
එහි සහ්රාන් හෂීම් ලෙස විශ්වාස කළ හැකි පුද්ගලයෙක් අයි එස් කණ්ඩායමේ නායක අබු බකර් අල්-බගාදි ට සහයෝගය දක්වනු පෙනේ.
එම වීඩියෝවේ මුහුණ ආවරණය නොකර සිටින්නේ ඔහු පමණය. එහි පුද්ගලයින් අට දෙනෙක් සිටින අතර අයි එස් සංවිධානය පවසා ඇත්තේ එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රහාර එල්ල කළ බවය.
ප්‍රහාර එල්ල කිරීමට 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකික කණ්ඩායමක් සහභාගී වී තිබෙන බව පොලීසිය පවසයි. ඉන් එක් අයෙකු කාන්තාවකි.


පොලීසිය පැවසුවේ ඔවුන් සියලු දෙනා "හොඳින් ඉගෙනගත් මධ්‍යම පාන්තිකයන්" බවය.

ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙකු එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ඇති අතර ප්‍රහාරකයින් අතර සිටි දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින ධනවත් කුළුබඩු ව්‍යාපාරිරකයෙකුගේ පුතුන්ය.
එක් අයෙකුගේ බිරිඳ පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කරන විට බෝම්බයක් පුපුරුවාගෙන දරු දෙදෙනා සමගම මරණයට පත්ව තිබේ.
පොලිස් නිලධාරීන් තිදෙනෙක්ද එහිදී මිය ගියහ.



නතාව බිය පළ කරති

"මම ඔහු කරපු දේට සම්පුර්ණයෙන් ම විරුද්ධයි. ඔහු මගේ සොහොයුරා වුණත් මට මේක පිළිගන්න බැහැ. මම මින් පස්සේ ඔහු ගැන සොයන්නේ නැහැ."
එසේම ඇයගේ දෙමව්පියන් ප්‍රහාර සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන්ගේ නිවසෙන් අතුරුදන් වී තිබේ.
"ඒගොල්ලෝ ගැන කිසිම තොරතුරක් නැහැ," මදානියා පැවසීය.
"මම හිතන්නේ සහ්රාන් අම්මයි තාත්තයි එක්ක සම්බන්ධතා තියෙන්න ඇති."
පොලීසිය සහ්රාන්ගේ බාල සොහොයුරා ගැනද විමසිල්ලෙන් සිටිති. එහෙත් ඔහුද අතුරුදන්ය.
සහ්රාන් හෂීම් රැඩිකල් ඉස්ලාම් දේශකයෙකි. ඔහු ගැන මීට වසර කිහිපයකට පෙර සමාජ ගත වුයේ යුටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනෙකුත් ආගම අදහන්නන් නිගාවට ලක් කළ හෙයිනි.
ඔහුගේ එම ප්‍රකාශ සහිත වීඩියෝ ගැන අනෙකුත් මුස්ලිම් ජාතිකයෝ විරෝධය මතු කළහ.
සමහර මුස්ලිම් නායකයින් පැවසුවේ තමන් සහරාන් ගැන බලධාරීන්ට අනතුරු ඇඟවූ බවත් ඒවා නොසලකා හරින ලද බවය.
නමුත් සහ්රාන් ව සොයා ගැනීමට අපහසු වූ බව බලධාරීහු පැවසු බව සඳහන් වේ.
සහ්රාන් සහ අයි එස් කණ්ඩායම අතර ඍජු සම්බන්ධතා තිබුණේදැයි යන්න තවමත් අපැහැදිලිය,
පාස්කු ඉරුදින මඩකලපුවේ සිදුවූ ප්‍රහාරයෙන් 25කට අධික පිරිසක් මියගියහ. ඒ අතර කුඩා ළමුන් ද විය.



මෙම ප්‍රහාරයෙන් පසු වැඩිදෙනාගේ අවදානය කාත්තන්කුඩි ගම්මානය වෙත යොමු වුයේ එය සහ්රාන් ජීවත් වූ ප්‍රදේශය නිසාය.
සහ්රාන් ගැන කතා කිරීමට එම ගම්මානයේ බොහෝදෙනා අද වැඩි කැමැත්තක් නොදක්වති.
ඔහු ආරම්භයේදී ආගමික දේශනා කර ඇත්තේ මද වශයෙනි. නමුත් පසුකාලීනව දේශකයෙකු වශයෙන් සමහරු අතර ඔහු ප්‍රචලිත විය.
නමුත් ප්‍රධාන ඉස්ලාම් කණ්ඩායම් ඔහුට අනෙක් ප්‍රදේශ වල ආගමික දේශනා පැවැත්වීමට ඉඩ නොදුන්නේ සහ්රාන් අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බැවිණි.
ඔහු ජාතික තව්හිත් ජමාත් නමින් සංවිධානයක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටුවා ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.
එසේම මුහුදු වෙරල ආසන්නයේ දේවස්ථානයක් ගොඩනගා එහි ආගමික පන්ති පැවැත්වීම අරඹා තිබේ.
ඉන් පසු ඔහු තම රැඩිකල් අදහස් එම පන්තිවලට සහභාගී වන අය අතර ප්‍රචලිත කර ඇති බව පැවසේ.
සහ්රාන් සිදු කළ ක්‍රියාව නිසා අද කාත්තන්කුඩි ජනතාව පසුවන්නේ දැඩි බියෙනි. ඒ ඔවුන් පළි ගැනීම් වලට ලක් විය හැකි නිසාය.

"මම ඔහුගේ වැඩ ගැන දැනගත්තේ මාධ්‍යයෙන් . මම කිසි විටෙක හිතුවේ නැහැ ඔහු මෙවැනි දෙයක් කරයි කියලා," තම සොහොයුරා ගැන මදානියා පැවසුවේ එලෙසිනි.
BBC

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...