BREAKING
Top Ad
සමාලාප

Gayathri Khemadasa : ඊගෝ එක කුඩුපට්ටම් කරලා කූණු බාල්දියට දාන්න තාත්තා අපි හරිම තැනට ඇරියා

T

The Leader

January 29, 2025 • 5:51 AM

Gayathri Khemadasa : ඊගෝ එක කුඩුපට්ටම් කරලා කූණු බාල්දියට දාන්න තාත්තා අපි හරිම තැනට ඇරියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගේ ගමන් මග යමින් ලාංකේය සිනමා සංගීතයේ කේමදාස ලකුණ සනිටුහන් කරන ගයත්‍රී කේමදාස මේ වනවිට ලංකාවේ සිටින වෘත්තීය මට්ටමේ පළමු සංගීත අධ්‍යක්‍ෂවරියයි.
  • කොළඹ කාන්තා විද්‍යාලයෙත්, චෙක් රිපබ්ලික් ජනරජයේ Prague Conservatory සහ Masaryk University හි සංගීතය හදාරා ඇති ගයත්‍රී මෙවර MirrorArts You Tube නාලිකාව වෙනුවෙන් කතාබහට එක්විය.
  • ගයත්‍රී ඔයා කොහොමද ගයත්‍රී කේමදාස ලෙස ස්වාධීන ව ගොඩ නැගුනේ?
  • අපි දෙන්නම ගියේ ප්‍රාග් චෙක් රිපබ්ලික් වලට.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය, 'පූලාම් දේවි', 'කූඩුකල සියොතුන්' වැනි සංගීතමය නිර්මාණ කරමින්, මෙරට සිනමා නිර්මාණ කිහිපයකටම සංගීත නිර්මාණයෙන් දායක වෙමින් ජාත්‍යන්තර සම්මානයට මෙන්ම මෙරට දී ද විවිධ සිනමා සම්මාන උළෙලයන්හි සම්මානයට පාත්‍ර වූවා ය.

නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තන්හා රතී රගා' සිනමා නිර්මාණය, සරත් කොතලාවක සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ''ද නිව්ස් පේපර්'' චිත්‍රපටය වෙනුවෙන් ඇය සම්මානයට පාත්‍රවූවා ය. එමෙන්ම ඇය ජාත්‍යන්තර සංගීත සංධ්වනි වෙනුවෙන් තම සංගීත දායකත්වය සැපයූ, ජාත්‍යන්තර අවධානය දිනූ එකම ශ්‍රී ලාංකීය සංගීතඥවරියයි. ගයත්‍රී සිය පියා මෙන්ම සෘජුය. පියාගේ විශිෂ්ටත්වය වෙත ඇය ගමන් කරමින් සිටින්නී ය.

කොළඹ කාන්තා විද්‍යාලයෙත්, චෙක් රිපබ්ලික් ජනරජයේ Prague Conservatory සහ Masaryk University හි සංගීතය හදාරා ඇති ගයත්‍රී මෙවර MirrorArts You Tube නාලිකාව වෙනුවෙන් කතාබහට එක්විය.


MirrorArts- 
කුඩා කාලයේ සිටම ගයත්‍රී තුළ තිබුනේ කේමදාසයන්ගේ ගතිගුණ අදහස්. ගයත්‍රී ඔයා කොහොමද ගයත්‍රී කේමදාස ලෙස ස්වාධීන ව ගොඩ නැගුනේ?


Gayathri-  
''ගොඩක් වෙලාවක් අරං උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක් කියලා හිතනවා අපි පොඩි කාලේ තාත්තව දැක්කකෙ හරිම ස්වාධීන චරිතයක් විදිහට. මමයි අක්කයි දෙන්නම තාත්තා වගේ ස්වාධීනව හිතන්න, අසාධාරණයක් දැක්කම කාටහෝ තමන්ට පමණක් නෙමේ අනිත් අය වෙනුවෙනුත් කතාකරන්න  පෙලඹුනා. ඉතින් ඒ වගේ පරිසරයක තමයි හැදුනේ. අනිත් අතට කියන්න ඕනේ තාත්තා අපිව හරිම පරිස්සමින් බලාගත්තා. එයා අපිට කොයිතරම් ආදරේද කිව්වොත් ගෙවල් ලග තියෙන කඩේකටවත් අපිව අරින්නෙ නැහැ.

ඒ වගේම අපි ඉස්කෝලෙ යනකොට කිසිම දවසක අපිට වෙලා නැහැ තාත්තා නැතුව අපිට වෙන කෙනෙක් එක්ක ඉස්කෝලෙ යන්න. අම්මා එක්කවත් අරින්නෙ නැහැ තාත්තම තමයි අපිට ගෙනියන්නෙ. ඒ වගේ හරිම ආරක්‍ෂාකාරී පරිසරයක තමයි අපිව හැදුවේ. තාත්තා අපිව ස්වාධීන චින්තනය හෝ ස්වාධීන ව හිතන්න පුරුදු කරාට අනිත් පැත්තෙන් අපිව හැදුවේ අපිව බදාගෙන. හරි බයයි අපිව සමාජයත් එක්ක මුහු කරන්න.

තාත්තට වුන සමහර අරගල අපිව තාත්තගෙන් ඈත් කරන්න තමයි පොඩිකාලෙ ඉඳලා දැගලුවේ. අනිත් අතට එයා අපිව පොඩිකාලෙම ඇරියා වෙනත් රටකට අපිව ඉගෙන ගන්න කියලා. මට මතකයි අක්කගෙ යාලුවෙක් ජර්මණියේ එයාර්පෝර් එකේදී අක්කට අහම්බෙන් හම්බුවෙලා ඇහුවලු 'හානේ අනූපා තාත්තා ඔයාව එව්වද කියලා'. ඒකෙන් තේරෙනවා තාත්තා අපිව කොයිතරම් අල්ලගෙන හිටියද කියලා. කුඩාකාලෙ ඉදන් අපිත් එක්ක කතාකරනවා අපේ අදහස් වලට තැනක් දෙනවා. ඒ අදහස් දියුණු කරගන්න ඉඩ ලැබුනා කියලා හිතෙනවා පොඩිකාලෙම රට යවපු එකෙන්. මොකද එතැන බලාගන්න කව්රුවත් හිටියෙ නැහැ. අපි දෙන්නම ගියේ ප්‍රාග් චෙක් රිපබ්ලික් වලට. ඒක හාත්පසින්ම වෙනස් පරිසරයක්. ඒක ගැන මට දවසක් වුනත් කතා කරන්න පුලුවන්.''

MirrorArts- 
බොහෝවෙලාවට ගයත්‍රී බොහෝ දෙනක් පිටරට අධ්‍යාපනය වෙනුවෙන් යවන්නෙ ඒ කාලේ එංගලන්තයට අමෙරිකාවට ප්‍රංශයට වගේ. ඉන්දියාවට නෙමේනේ ඔබව සංගීතය හදාරන්නට පියා යවන්නේ. ඔහු පෙර දිග අපරදිග සංගීතයන් ඇසුරු කරපු කෙනෙක්. තාත්තා ඔයාලව චෙක් රිපබ්ලික් වලට යවන්න විශේෂ හේතුවක් තිබුනද?


Gayathri- 

'' හේතු කීපයක්ම තිබුනා. සංගීතමය පැත්තෙන් ගත්තොත් චෙක්, ඊස්ට් යුරොප් සහ වෙස්ට් යුරොප් මැද තියෙන රටක්. මේ දෙකේම ආභාෂය චෙක් තුළ තිබුනා. අපි එළියට බැස්සොත් හොඳ වයලීන වාදන ශිල්පියෙක්ගෙ වාදනයක් අහන්න පුලුවන්. සමහරවිට ඒ ශිල්පියා ප්‍රංශයෙන් වෙන්න පුලුවන්, රුසියාවෙන් වෙන්න පුලුවන්, ජර්මනියෙන් වෙන්න පුලවන්. ඔපෙරා එකකට ගියත් හොඳම ඔපෙරා කණ්ඩායම් එනවා. හොඳම සංධවනි , හොඳම ඔකෙස්ට්‍රා වගේ හොඳම සංකලනයක් තියෙන පොඩි රටක්.

අනිත් එක තමයි කොමියුනිස්ට ඇතුළෙ හැදුන රටක්. ඒ අයට ආසියාවේ අයට ගරුත්වයක් තිබුනෙ නැහැ. ඒක මගේ අත්දැකීමක් අනුවයි මම කියන්නෙ. සමහර අයට ඒක වෙනස් වෙන්න පුලුවන්. මම මුලින්ම ගියාමත් ඉස්කෝලෙට ළමයි මගේ ලග ඉඳගත්තෙ නැහැ. මාරම ෂොක් එකක් වුනා, මොකද මෙහෙදි හැදුන පරිසරයයි. තාත්තගෙ නමත් එක්ක හැදුන විදිහයි ....

මට දැන් හිතෙනවා තාත්තා අපිට කරපු හොඳ දෙයක් ඒක. මොකද කාටහරි ඊගෝ තියෙනවනම් ඒක කුඩු පට්ටම් කරලා සුණු විසුණු කරලා කුණු බාල්දියකට දාන්න පුලුවන්නම් තාත්තා අපිව හරිම තැනට ඇරියෙ. තාත්තා අසාධාරණකම් දැක්කහම හරියට කෑ ගහපු විතරක් නෙමේ 83 දි එළියට බැහැලා මිනිස්සුන්ට දේවල් කියලා දුන්නා.''

පියාගේ සංගීත අනන්‍යතාව සුරකිමින් ඇයගේ ස්වාධීන අනන්‍යතාව ගොඩ නගාගනිමින් ගයත්‍රී අද දවසේ ලංකාවේ නම ජාත්‍යන්තරය වෙතට ගෙනගොස් තිබෙනවා. ඇය අප රටේ සිටින වටිනා සංගීත අධ්‍යක්‍ෂවරියක්.


ඇය සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව පහත විඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි.





The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...