BREAKING
Top Ad
සමාලාප

IMF යනවා වෙනුවට ණය නොගෙවා ඉන්න පුළුවන් - මහාචාර්ය අර්ජුන පරාක්‍රම

T

The Leader

December 13, 2022 • 11:22 AM

IMF යනවා වෙනුවට ණය නොගෙවා ඉන්න පුළුවන් - මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයත් සමග ලාංකීය සමාජයේ හටගත් කම්පණය යොදාගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය
  • ඔහු පවසන්නේ, ශිෂ්‍ය නායකයින් දෙදෙනා ත්‍රස්ත මර්දන නීතිය (PTA) යටතේ රඳවාගනු ලැබීම සැබෑ ප්‍රශ්න යටපත් කිරීම පිණිස ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ ක්‍රියාවක් (diverting tactic) බවය.
  • මොකක්ද ඒකෙන් වෙන්නේ?," ඔහු ප්‍රශ්න කළේය.
  • පහසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් නොකරන්නේ නම් ණය ගෙවීමට සූදානම් නොමැති බව ණයකරුවන්ට දැනුම්දීම එවැනි එක් විකල්පයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පශ්චාත්-අරගල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරමින් සිටින නව ලිබරල් (neo liberal) වැඩසටහන සහ එහි භයානක ප්‍රතිවිපාක පිළිබඳව ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙක් දැඩි අනතුරු ඇඟවීමක් කරයි.  

පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පෙන්වාදෙන පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අත්අඩංගුවට ගැනීම, එම නව ලිබරල් වැඩසටහන ගැන අවධානය වෙනතකට යොමුකිරීමේ "ජවනිකාවකි."


සුනාමි ව්‍යසනයෙන් අනතුරුව මුහුදුබඩ වාසය කළ ධීවර පවුල් පලවා හැරීම පිණිස පාලකයින් මේ හා සමාන අන්දමින් සමාජය වෙලාගත් කම්පණය යොදාගත් (after shock emotion) බව සිහිපත්කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන පරාක්‍රම, ශිෂ්‍ය නායකයින් දඩයමට එරෙහිව සටන් කරන අතරම නව ලිබරල් තර්ජනයට එරෙහිවද සටන්කිරීම පිණිස ශ්‍රම විභාජනයක අවශ්‍යතාව අවධාරණය කරයි.



ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඒ අදහස් දැක්වූයේ "Sandeshaya by Saroj" (සරෝජ් සමග සංදේශය) යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින්.

ඔහු පවසන්නේ, ශිෂ්‍ය නායකයින් දෙදෙනා ත්‍රස්ත මර්දන නීතිය (PTA) යටතේ රඳවාගනු ලැබීම සැබෑ ප්‍රශ්න යටපත් කිරීම පිණිස ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ ක්‍රියාවක් (diverting tactic) බවය.  



"ආණ්ඩුවට ඕන වසන්තලාගේ ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලය වගේ අවුස්සා අවුස්සා ඉන්න. ඒකත් හරියට විකාර රූපී නාට්‍යයක් වගේනේ. ඔලුව වහගෙන ගෙනියනවා. මොකක්ද ඒකෙන් වෙන්නේ?," ඔහු ප්‍රශ්න කළේය.

අරගලය සහ දරුණු ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය විසින් දියත්කරමින් සිටින නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව ද මහාචාර්යවරයා දීර්ඝ විග්‍රහයක යෙදුණේය.



ණය ගෙවන්න එපා !

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර පැතීම හෝ රාජ්‍ය සම්පත් විකුණා දැමීම බව ජනාධිපතිවරයා සහ ඇතැම් ආර්ථික විශේෂඥයින් පෙන්වාදීමට උත්සහ කරන නමුත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි තවත් ඕනෑ තරම් විකල්ප පවතී.

පහසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් නොකරන්නේ නම් ණය ගෙවීමට සූදානම් නොමැති බව ණයකරුවන්ට දැනුම්දීම එවැනි එක් විකල්පයකි.

"පෞද්ගලික ආයතනවලින් ගන්න ණය මම නම් කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න. අපි දන්නවා බ්ලැක් රොක් වගේ ආයතන රටවල් පවා කාබාසිනියා කරපු ආයතන."



ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියදී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධුරය දැරූ මේ වසරේ ජනවාරි මාසයේ රුපියල් මිලියන 500ක බැඳුම්කර ණයක් ගෙවීමට ක්‍රියා කළේ ඒ ණය ලබා දී තිබුනේ රාජපක්ෂ පාලනයේ හිතවතුන් විසින් වීම හේතුවෙන් බවද මහාචාර්ය පරාක්‍රම පෙන්වා දුන්නේය.

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...