BREAKING
Top Ad
සමාලාප

හැම හොඳ චිත්‍රපටියකටම අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙනවා | Janaki Wijerathne

T

The Leader

March 9, 2025 • 1:24 AM

හැම හොඳ චිත්‍රපටියකටම අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙනවා | Janaki Wijerathne

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය සිනමාවට අලුතෙන් එකතුවෙන අය ගැන කතාකරනකොට හුගක් වෙලාවට මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුවෙන්නේ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් ගැනයි.
  • පබ්ලිසිටි නැතුව නිෂ්පාදනය සඳහා පමණයි අපි කෝටි 10 වැය කළේ.
  •   MirrorArts- ඔව් ලංකාව වගේ රටක ඒවගේ ගානක් කියලා හිතනකොට ඒක ලොකු ගානක් .
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් 2025 වසරේ ලංකාවේ සිනමාවට අලුතෙන් එක්වුන නිෂ්පාදකවරියක් සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවදානය යොමුවෙනවා.


ඒ තමයි ලයිකා නිෂ්පාදන සමාගමේ උප සභාපතිනිය ජානකී විජේරත්න.

 MirrorArts මෙවර සාකච්ජාවට සම්බන්ධවුනේ ජානකී විජේරත්න. මේ වනවිට අතිසාර්ථකව තිරගතවන රාණී සිනමා නිර්මාණයේ නිෂ්පාදිකාව.

ඇය කුමන කටයුතුවල නිරත වුවද ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු තවමත් කරගෙනයන්නියක්. මේ වනවිට ශාස්ත්‍රපති උපාධියක් ලබා අනතුරුව පශ්චාත් උපාධියක් දක්වා ඇයගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට අපේක්‍ෂාවෙන් සිටියි.  

MirrorArts-
කොහොමද මේ දවස්වල රාණි චිත්‍රපටය. ආදායම් වාර්ථා අලුත් කරමින් මේ දිනවල තිරගත වෙනවා.

Janaki -

ඔව් මේ දිනවල අප බලාපොරොත්තු නොවුන ආකාරයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් අවදානය දිනාගනිමින් රාණි තිරගත වෙනවා.  අපි මුළ ඉඳන්ම සැළසුම් කළා .අපි මහන්සි වෙච්ච දේ ප්‍රතිපල අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ Bio Pic එකකට අපි කවුරුවත් හිතපු නැති ආකර්ශණයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ගැන මම පෞද්ගලිකව නෙමේ සිනමා කර්මාන්තයක් විදිහට අපි හැමෝටම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්... පැහැදිළි අනාගතයක් බලපොරොත්තු වෙන්න පුලුවන් කියලා හිතනවා.

MirrorArts-
ආදායමක් ලැබෙන්න නම් වියදමක් දරන්න වෙනවනේ. මොනවගේ නිෂ්පාදන වියදමක් ද මේ සිනමා නිර්මාණයට යෙදෙව්වේ?


Janaki-
මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට විතරක් අපි කෝටි දහයක් වගේ මුදලක් වියදම් කළා, Publicity වියදම් නැතුව. පබ්ලිසිටිවලට අපි Plan කරපු ගානට වඩා අපි එන්න එන්න බල බල ටිකක් වැඩි කරනවනෙ. පබ්ලිසිටි නැතුව නිෂ්පාදනය සඳහා පමණයි අපි කෝටි 10 වැය කළේ. ටිකක් වැඩියි නේද ගාන...
 
MirrorArts-
ඔව් ලංකාව වගේ රටක ඒවගේ ගානක් කියලා හිතනකොට ඒක ලොකු ගානක් . හිතන්න බැරි හීනයක් වගේ. හොඳයි එහෙම ලංකාවේ ඒ විදිහට චිත්‍රපයක් කරන්න මුදලක් වියදම් කරන්න පුලුවන්වෙන්නේ යම්කිසි විශ්වාසයක් එක්කනේ කරන්නෙ නේද ..ආයතනයක් විදිහට පෙරළා ඒ වියදම පියවා ගන්නවා කියන විශ්වාසයත් එක්කනේ නේද? ඒ විශ්වාසය තිබුනද මුලින් පටන් ගන්නකොට?


Janaki

විශ්වාසය කියන්නේ මෙහෙමයි. ඒක පොඩි Riskඑකක්. හේතුව ඔබ කිව්ව වගේ ලංකාවේ චිත්‍රපටවලට ලොකූ ගානක් එහෙම Invest කරන්නෙ නැහැ. මම මුළ ඉඳලම හිතපු දෙයක් තමයි ප්‍රමිතිය කියන එක හරිම වැදගත්. අපි ඒ තත්ත්වය Maintain කරොත් තමයි අපිට Return එකක් බලාපොරොත්තුවෙන්න පුලුවන්. එහෙම නැතුව අපිට Budget  එක අඩුවෙන් කියලා හිතලා කරන්න ගියොත් ඒක නිර්මාණයට කරන හානියක් කියලයි හිතෙන්නෙ. ඒක නිසා මම හැම තිස්සෙම අපේ සභාපතිතුමාත් එක්ක කතාකරලා කිව්වෙ ලංකාවේ සාමාන්‍ය චිත්‍රපට හැදෙනවට වඩා අපි තව step එකක් ඉස්සරහට තියලා මේක පටන් ගමු කියලා. එතකොට කැමරා එකේ ඉඳන් සවුන්ඩ් ඉඳන් අපි තියෙන Latest technology එක බාවිතා කළා. එහෙම කළේ මේ standard  එක Maintain කරන්න ඕන නිසා. ඉතින් ඒ Risk එකක් තියෙනවා. නමුත් ඒ Risk එකක් ගන්න ඕනේ වැඩිපුර ආදායමක් ලබන්න. ඉතින් බය නැතුව ඒක ගත්තා මම දන්නවා ලංකාවේ රසිකයෝ හරිම බුද්ධිමත්. අපි හොඳ දෙයක් කළොත් ඒ  standard  එක බලනවා. අද කාලෙ ඉන්න තරුණ පරම්පරාව හරියට standard එක Technology බලනවා. ඉතින් අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ Return එකක් ලැබෙනවා කියන විශ්වාසෙ තිබුනා.

ඇය සමග කරන ලද සම්පුර්ණ සාකච්ජාව පහත වීඩියෝවෙන් නරඹන්න.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...