The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
සමාලාප

මම Magnolia – The Vintage Beauty ලියන්නෙ ම මානසික විශාදයට ඔසුවක් විදියට - ලක්නා දුලංජලී රණසිංහ (වීඩියෝ)

T

The Leader Desk

July 19, 2026 • 6:35 AM

මම Magnolia – The Vintage Beauty ලියන්නෙ ම මානසික විශාදයට ඔසුවක් විදියට - ලක්නා දුලංජලී රණසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මල ලොව පුරා විශේෂ 200කට අධික ප්‍රමාණයක් පවතින බවත්, විශාල, අලංකාර සහ සුවඳවත් මල් සහිත මෙම ශාකය උදාරත්වය, පවිත්‍රත්වය සහ වාසනාව සංකේතවත් කරන බවත් සදහන් වෙනවා.
  • කෙටියෙන්ම කීවොත් සාරවත් මිදි අස්වනු නෙළන කාලයට යෙදෙන වින්දෙමියා කියන ලතින් වචනයෙන් (Vindemia = Vintage) අපිට වින්ටේජ් වචනය ලැබුණ බව ඒ පිළිතුරෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා.
  • ඇත්තට ම එහෙම ලියන්න හේතුවක් තියෙනවා; විශේෂ හේතුවක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම මල ලොව පුරා විශේෂ 200කට අධික ප්‍රමාණයක් පවතින බවත්, විශාල, අලංකාර සහ සුවඳවත් මල් සහිත මෙම ශාකය උදාරත්වය, පවිත්‍රත්වය සහ වාසනාව සංකේතවත් කරන බවත් සදහන් වෙනවා.

ඊළඟට Vintage (වින්ටේජ්) කියන වචනයේ අරුත සෙව්ව ම අපිට හමුවෙන පිළිතුර වෙන්නෙ සාරවත් මිදි අස්වනු නෙළන කාලය යනුවෙන්. කෙටියෙන්ම කීවොත් සාරවත් මිදි අස්වනු නෙළන කාලයට යෙදෙන වින්දෙමියා කියන ලතින් වචනයෙන් (Vindemia = Vintage) අපිට වින්ටේජ් වචනය ලැබුණ බව ඒ පිළිතුරෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා. තවත් පසෙකින් වින්ටේජ් වයින් විදිහට අපි අදහස් කරන්නෙත් සාරවත් ම මිදි අස්වනුවලින් නිෂ්පාදනය කරපු වයින්.

මේක කියවන පාඨක ප්‍රජාව කල්පනා කරයි ඇයි මම මේ Magnolia සහ Vintage යන වචන දෙක ගැන ලියන්නෙ කියල.

656793807 122204253440574071 7317950046406505256 nඇත්තට ම එහෙම ලියන්න හේතුවක් තියෙනවා; විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි Magnolia – The Vintage Beauty (මැග්නෝලියා - වින්ටේජ් සුන්දරිය) නමැති, පද්‍ය මෙන් ම ගද්‍ය නිර්මාණ ද අන්තර්ගත සාහිත්‍ය කෘතිය.

මේ කෘතිය සාමාන්‍ය පද්‍ය කෘතියකට වඩා බෙහෙවින් ම වෙනස්. ඒ වෙනස හරියට ම දැනගන්න නම්, The Leader TV අද ඔබට ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග රැඳෙන්න ම වෙනවා.

මේ කෘතිය රචනා කරල තියෙන්නෙ ලක්නා දුලංජලී රණසිංහ; මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය, Magnolia – The Vintage Beauty (මැග්නෝලියා - වින්ටේජ් සුන්දරිය) නමැති කෘතිය අලළා කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...