BREAKING
Top Ad
සමාලාප

Manoja Fernando : 'මට නිදහසක් දැනෙනවා ලොකූ කුණු ගොඩකින් බේරුනා වගේ' - (වීඩියෝ)

T

The Leader

December 21, 2024 • 6:09 AM

Manoja Fernando : 'මට නිදහසක් දැනෙනවා ලොකූ කුණු ගොඩකින් බේරුනා වගේ' - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනෝජා ප්‍රනාන්දු නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් දක්‍ෂතා පෙන්වන ලද රංගන ශිල්පිණියක්.
  • මම හිතනවා ඒක ලස්සනට සිද්ධවෙයි කියලා.
  • Manoja- පොදු ජනතාව සම්බන්ධයෙන් මම දන්නවා දැං ඔය අහන්න යන්නෙ මොකද්ද කියලා ...මෙහෙමයි නිදහසේ ජීවත්වෙනවා කියන කොට ඇත්තටම මට ඇත්තටම නිදහසක් දැනෙනවා පුද්ගලයෙක් හැටියට වගේම රටේ පුරවැසියෙක් විදහට.
  • මම ඇතුළු ලංකාවේ පුරවැසියෝ ලොකූ කුණු ගොඩකින් බේරුණා වගේ කියලා නිදහස් හැගීමක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය කාලයේ ජාතික ජනබලවේගයේ දේශපාලනය නියෝජනය කරමින් ඊට සහයෝගය දැක්වූ කලාකාරිනියන් අතරින් මනෝජාට තිබුනේ විශේෂ අවදානයක්. ඊට හේතුව ඇය නූතන පරම්පරාවේ සිට රටේ අනාගතය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනික වේදිකාවට ගොඩ වීම ඇය බාරගත් අභියෝගයක් නිසා.


manoja 240613 ඇය නූතන පරම්පරාවේ සිට රටේ අනාගතය වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනික වේදිකාවට ගොඩ වීම ඇය බාරගත් අභියෝගයක් නිසා.


ඇය පසුගිය දිනක MirrorArts Youtube නාලිකාව සමග සාකච්ජාවකට එක්ව සිටියා.

 Mirrorarts-
ඉතින් කොහොමද කියලා අහන්නෙ නැතුව මේ විදිහට අහන්නම්....දැං නිදහසේ ජීවත්වෙන්න පුලුවන්ද ?


Manoja-

මං කොහොමත් නිදහසේ ජීවත්වෙන්න උත්සාහකරන කෙනෙක්.  නිදහස කියන එක තියෙන්නෙ මං හිතන්නෙ අපේ ජීවන රටාවක් එක්ක.ඒක අපේ පුද්ගලික ජීවිතෙත් එක්ක බැඳිච්ච දෙයක්. පුද්ගලික නිදහස කියන එක. මම උපරීම නිදහසේ ජීවත්වෙන්න ට්‍රයි කරනවා ඒක හොයනවා මම. හොයාගන්න උත්සාහ කරනවා.


Mirrorts -
ඒ ඔයා කියන්නේ පෞද්ගලිකව ඔයානේ? රටක් හැටියට පොදු ජනතාව සම්බන්ධයෙන් ඔයාට කොහොමද දැනෙන්නෙ?

 

Sri Lankan Parliament Complexඅපි එක තැනක් සුද්ද කළා අපි සියලු දෙනාගේම සහයෝගයෙන්. ඉතුරු ටික අපි බලමු. මම හිතනවා ඒක ලස්සනට සිද්ධවෙයි කියලා.

Manoja-

පොදු ජනතාව සම්බන්ධයෙන් මම දන්නවා දැං ඔය අහන්න යන්නෙ මොකද්ද කියලා ...මෙහෙමයි නිදහසේ ජීවත්වෙනවා කියන කොට ඇත්තටම මට ඇත්තටම නිදහසක් දැනෙනවා පුද්ගලයෙක් හැටියට වගේම රටේ පුරවැසියෙක් විදහට. මට නිදහසක් දැනෙනවා නිකං ලොකූ කුණුගොඩකින් බේරුණා වගේ. මම ඇතුළු ලංකාවේ පුරවැසියෝ ලොකූ කුණු ගොඩකින් බේරුණා වගේ කියලා නිදහස් හැගීමක් තියෙනවා. .ඒක හරි. නමුත් අපි පටන් ගත්තා විතරනේ . ඒක කාලෙන් කාලෙට ගලාගෙන යාවි. අපි එක තැනක් සුද්ද කළා අපි සියලු දෙනාගේම සහයෝගයෙන්. ඉතුරු ටික අපි බලමු. මම හිතනවා ඒක ලස්සනට සිද්ධවෙයි කියලා.


මනෝජා ඉතාමත්ම බලාපොරොත්තු සහගත ලෙස කතා කළා. ඇයගේ පියා 88-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙක්ව සිටි බවත් මනෝජා පැවසුවා.  ඒ වගේම මෙම සාකච්ජාවේදී පරම්පරා අතර ගැටුම මෙන්ම සමාජ මාධ්‍ය තුළ කලාවට සම්බන්ධ අයගේ ලීක් වීඩියෝ පැමිණිමේ සිද්ධි පිළිබඳවත් සාකච්ජා කළා.

මෙහි සම්පූර්ණ වීඩියෝව පහත


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...