BREAKING
Top Ad
සමාලාප

Niranjani Shanmugaraja : කාන්තාවන්ට ජයගන්න අවශ්‍ය පළමු කාරණය තමයි ගැහැනුකම (වීඩියෝ)

T

The Leader

December 29, 2024 • 6:05 AM

Niranjani Shanmugaraja : කාන්තාවන්ට ජයගන්න අවශ්‍ය පළමු කාරණය තමයි ගැහැනුකම  (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නුවර ඉපැදීම ප්‍රශ්නයක් වුන නිරංජණී ප්‍රාදේශීය වාදය නිසා දැඩි පීඩාවට පත් කලා ශිල්පිණියකි.
  • ඒ අතර නිරංජණී ද එලෙස බොහෝ දෙනෙක්ගෙ ආදරය සහ ගෞරවය දිනාගත් කලා ශිල්පිණියක්.
  • එය ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ද වන බව ඇය පැවසුවා.
  • මතු සඳහන් වන්නේ ඇය සමග කරන ලද සාකච්ජාවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දමිළ සමාජය තුළ ඇති කුල පීඩනය නිසා විශාල මානසික ප්‍රශ්න තුළින් ජීවිතය ශක්තිමත් කරගත් නිරංජණී වර්තමානය වන විට ලාංකේය සිනමාව, වේදිකාව සහ ටෙලිවිෂන් මාධ්‍ය තුළ සිය අනන්‍යතාව ගොඩ නගාගෙන සිටි. ජාත්‍යන්තර සම්මානයෙන් ද රංගනය උදෙසා සම්මානයට පාත‍්‍ර වූ නිරංජණී දේශීය සම්මාන තුළින්ද සිය රංගනය උදෙසා ඇගයීම් ලද්දියක්.

ලංකා ඉතිහාසයේ සිට වර්තමානය තෙක්ම දමිළ විද්වතුන්, කලා ශිල්පීන්, රංගන වේදිනියන්, සාහිත්‍යවේදීන් ලාංකේය කලා කෙත පෝෂණය කරන්නට සිය ජීවිතය, කාලය, ශ්‍රමය, දැණුම කැපකරනු ලැබුවා. අදටත් අපි ඒ සියල්ලන්ටම අපේ ගරුත්වය සහ ආදරය පුදකරණු ලබනවා.

ඒ අතර නිරංජණී ද එලෙස බොහෝ දෙනෙක්ගෙ ආදරය සහ ගෞරවය දිනාගත් කලා ශිල්පිණියක්.

MirrorArts Youtube නාලිකාව ඇයට ආරාධනා කළා සාකච්ජාවක් සඳහා. එයට විශේෂ හේතුවකුත් තිබුනා. ඊට මූලික වූ හේතුව වූයේ ඇය සිය ජීවිතයේ පළමු වතාවට මුද්‍රානාටකයකට සම්බන්ධවීම. චන්දන වික්‍රමසිංහ විසින් ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමග එක්ව නිර් මාණය කරන කුවේණී මුද්‍රානාට්‍යයේ කුවේණීගේ චරිතය සඳහා රංගනයෙන් මෙන්ම නර්ථනයෙන් ද දායක වන්නේ  නිරංජණී. එය ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ද වන බව ඇය පැවසුවා.

මතු සඳහන් වන්නේ ඇය සමග කරන ලද සාකච්ජාවයි.

MirrorArts-
මොකද්ද මේ කුවේණී


Niranjani -
ඒක එක තියටර් ඇක්ට් එකක්. ඒක තියටර්  ආර්ට් එකක්. එක අංශයක් ඇතුලත ගොනුකරගන්න අමාරුයි. රංගනය නර්ථනය මෙන්ම බොහෝ දේ ඒ තුළ තියෙනවා. චන්දන වික්‍රමසිංහ වෙනම හැඩයක් මානයක් දීලා තියෙනවා කුවේනි බැලේ එකට. ඇවිල්ලා බැලුවොත් තේරෙයි.

MirrorArts - 
ලංකාවේ කාන්තාවෝ ගැන ඔයාට මොනවගේ අදහසක්ද තියෙන්නේ.


Niranjani -

ලංකාවේ කාන්තාවන් ශක්තිමත් කාන්තාවන් සහ ගොඩක් තැන්වලදී තීරණය ගත්ත පාර්ශවය කව්ද කියලා ඇහුවොත් ඒ කාන්තාවන්.හොඳම උදාහරණයක් ලෙස ගත්තොත් අපේ රටේ ජනගහනය ගත්තොත් වැඩිම ඉන්නෙ කාන්තාවන්. ලංකාව ඇතුළෙ ජන්ද දායකයන් ගෙ ප්‍රථිශතය ගත්තත් කාන්තාවන් වැඩිවෙන්න පුලුවන්.රටේ අනාගතය වුනත් තීරණය කරන ශක්තිය කාන්තාවන් ගාව තියෙන රටක තමයි අපි ජීවත්වෙන්නෙ.

හැබැයි මම අනිත් පැත්තෙන් දකින දේ තමයි තමන්ට තියෙන ශක්තිය හැකියාව අඳුනගන්න බැරි පිරිසක් විදිහටත් මම කාන්තාවන්ව දකිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාව ඇතුළෙ දියුණුව උදෙසා වුනත් ගාමන්ට් සෙක්ටර් තුළ කාන්තාවන් වැඩියෙන් ඉන්නවා. පිටරට යන කාන්තාවන්.. මම ඇත්තටම ඒ වෘත්තියට කැමති නැහැ...හේතුව තමා කාන්තාවන්ට ඊට වඩා අපේ රටේ අවස්ථාවන් අපේ රටේ බිහිකරානම් ඒ කාන්තාවන් අපේ රටේ ශක්තිමත් කාන්තාවන් වෙයි.

කොහොම බැලුවත් කාන්තාවන් මේ රටේ ආර්ථිකයට ලබා දෙන පිටුවහල ඉතාමත් ඉහළයි. වතුකරේ ගත්තත් ක්ෂේත්‍රය ඇතුලෙත් වැඩි පුරම නියෝජනය කරන්නේ  කාන්තාවන්. ලංකාවේ ආර්ථිකය ඇතුළෙත් වැඩපුරම බලවත් කාන්තාවන් වුනත් සමාජයේ යම්කිසි හේතුවක් නිසා හෝ නැතිනම් ඒ බව පිළිගන්න අකමැති නිසා හෝ කාන්තාවන් අවතක්සේරුවට ලක්වෙන අවස්ථා බොහොමයක් දැකලා තියෙනවා.ලෝකේ ශක්තිමත්ම ජනාධිපතිණිය අපිට ඉඳලා තියෙනවා. ජනාධිපතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. ලෝකෙ පළමු අගමැතිනිය අපේ රටේ බිහි වෙනවා..මේ වගේ ඉතිහාසගත වෙච්ච කාන්තාවන් අපේ රටේ බිහි වෙලා තියෙනවා.

හැබැයි මම හැම තිස්සෙම දකින දෙයක් තමයි ...මම කියන්නේ නැහැ කාන්තාවන් දරදඩුවිය යුතුයි කියලා කාන්තාවන් කව්රුත් කියනදේ අහන්නැතුව ඉන්න ඕනේ කියන එක නෙමේ... කාන්තාවන් ජයගන්න අවශ්‍ය පළවෙනිම කාරණය තමයි ගැහැනුකම තියෙන්න ඕනේ..ඒක මම විශ්වාස කරනවා.ඒ ආශීර්වාදය කාන්තාවන්ට හිමි දෙයක්.ඒ ගෑනුකම. ඒක රැකගෙන තමන්ට ලැබිලා තියෙන යම්කිසි  ආශීර්වාදයක් හෝ හැකියාවක් බාවිතා කරන්න උත්සාහ දරන්න. ඒක තමා මගේ රටේ ඉන්න කාන්තාවන්ට කියන්න කැමති දේ.

නිරංජණී කාන්තාවන්ගේ ශක්තිමත් භාවය පිළිබඳ අදහස් ඉතාමත් පැහැදිළිව ප්‍රකාශ කළා. ඇය ගැහැනියක් ලෙස ඉතාමත් ශක්තිමත් මානසිකත්වයක සිටියා. ඇය සමාජ ක්‍රියාකාරිණියක් ලෙසත් මේ වනවිට ත් යම් වැඩ කොටසක් කරමින් සිටිනවා.

නිරංජණීගේ ඒ සම්පූර්ණ සාකච්ජාව ඔබ නැරඹිය යුතුමයි....


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...