BREAKING
Top Ad
සමාලාප

''දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි

T

The Leader

November 25, 2019 • 8:35 AM

 ''දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ('ලංකා' සති අන්ත පුවත්පත ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සමඟ පැවත්වූ සාකච්ඡාවකින් උපුටා ගැනිණ. )
  • මේ වාර්ගික ප්‍රතිඵලය 2005 විතර ඉඳලා දිගටම ලැබෙමින් තිබුණා.
  • 2010, 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට වඩා රාජපක්ෂ කඳවුරට ලැබුණු දෙමළ ජනයාගේ අඩු ඡන්ද ප්‍රමාණය ඒ ගැඹුර පෙන්නුම් කරනවා.
  • හැබැයි ගෝඨාභය කියන්නේ උතුර තුළ සිදුවුණු මිලිටරිකරණයේ ප්‍රධාන සංඥාව.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා :
නිර්මාල්, අවසන් වූ ජනාධිපතිවරණය හා එහි සමස්ත ප්‍රතිඵලය පිළිබඳව ඔබේ අදහස මොකක් ද?

නිර්මාල් රන්ජිත් දේවසිරි : 

මේ ඡන්ද ප්‍රතිඵලය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ වාර්ගික ප්‍රතිඵලය 2005 විතර ඉඳලා දිගටම ලැබෙමින් තිබුණා. මූලික වශයෙන් සිංහල බෞද්ධ ජනයා ඡන්දය දෙන එක ආකාරයක් තියෙනවා. දෙමළ සමාජයත්, මුස්ලිම් සමාජයත් ඡන්දය දෙන තව ආකාරයකුත් තියෙනවා. මේ පාර ඒක තීවුර වෙලා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුරට මේ කියන දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ඡන්ද ලබා ගැනීමේ හැකියාව අඩු වුණා. විශේෂයෙන් මෙවර ඔය කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) ඒ හැකියාව බොහෝ අඩු වුණා. ඊට සමාන්තරව ඒ අය සිංහල බෞද්ධ පාර්ශ්ව තුළ තහවුරු වුණා. 

ඒ ධ්‍රැවීකරණය තියෙද්දී විශේෂයෙන් යුද්ධයෙන් පසුව ඒ අය බලනවා තමන්ට අනතුර වැඩියෙන් එන්නේ කාගෙන් ද කියලා. ඒ නිසා ඒ අය තමන්ට අඩුවෙන්ම තර්ජනය එනකෙනා තෝරා ගන්නවා.

පශ්චාත් යුද උතුර සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුර හිතන්නේ තවමත් බෙදුම්වාදී තර්ජනය තියෙනවා කියලයි. 

ඒ සම්බන්ධව අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳව උතුරේ ජනයාට ‘ජාතික ආරක්ෂාව’ කියන රාමුව යටතේ තියෙන්නේ භීතියක්. ඒ පොදු නැඹුරුව දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම්වලටත් එහා ගිය දෙයක්. සාමාන්‍ය දෙමළ ජනයාගේ උත්සාහය ඒ පොදු අනතුර අවම කර ගැනීම. 

හමුදාවේ පෙනී සිටීම සහ දකුණේ මැදිහත් වීම කියන කාරණය උතුර දකින්නේ තමන්ට තර්ජනයක් විදිහට. ඒ මැදිහත් වීම උතුරේ ජනයා දකින්නේ තමන්ගේ දෛනික ජනජීවිතයට පවා මැදිහත්වීමක් විදිහට.

ලංකා:
ඒක තරමක් ගැඹුරු ප්‍රශ්නයක් නේද නිර්මාල්..?  Nirmal 2019.11.25

නිර්මාල් රන්ජිත් දේවසිරි : 
ඔව්, මේ පෙන්නුම් කරන්නේ ඒ ගැඹුර තමයි. 2010, 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට වඩා රාජපක්ෂ කඳවුරට ලැබුණු දෙමළ ජනයාගේ අඩු ඡන්ද ප්‍රමාණය ඒ ගැඹුර පෙන්නුම් කරනවා. මේ ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා අඩුයි. 

ඊට හේතුව තමයි, මහින්ද රාජපක්ෂ සාමාන්‍යයෙන් පිළිගන්නේ දේශපාලනඥයෙක් විදිහට. හැබැයි ගෝඨාභය කියන්නේ උතුර තුළ සිදුවුණු මිලිටරිකරණයේ ප්‍රධාන සංඥාව.

අනෙක් අතට සිංහල සමාජය තුළ දෘෂ්ටියක් තහවුරු වෙලා තියෙනවා ජාතික ආරක්ෂාව, විනයගරුක රටක්, තද පාලනයක් වගේ දේවල්. 

දැන් මේ වන විට තියෙන්නේ පක්ෂ කේන්ද්‍රීය දේශපාලනයක් නෙමෙයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයක්. අපි ඡන්දේ දෙන්නේ යම් යම් මානසික නැඹුරුතා ඇති නිසා. පක්ෂ කියන අදහසින් නෙමෙයි. 

දැන් පක්ෂ ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි අහෝසි වෙලා ඉවරයි. පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නෙමෙයි නේ. සජිත් ප්‍රමුඛ පිල ඡන්දය කළේ ඇතිව තිබූ යම් ප්‍රජාතාන්ත්‍රීක අවකාශයක් වේ නම්, එය ආරක්ෂා කර ගැනීම කියන කාරණයෙන්.

අපි දන්නවා 2015ත් සිංහල බෞද්ධ ප්‍රදේශවල ඡන්දය තිබුණේ මහින්ද රාජපක්ෂට. මහින්ද පැරදුණේ ඒ අයගේ දේශපාලන කඳවුර අභ්‍යන්තරයෙන් පුපුරලා නෙමෙයි, පතුරු ගැලවිලා කියලා. 

අභ්‍යන්තරයෙන් පිපිරීම සහ පතුරු ගැලවීම කියන්නේ දෙකක්. ඒක අපි දන්නවා. ඒ පතුරු ගැලවීම ඒ අය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කර ගත්තා. 

ඒකට හොඳ අත්දැකීමක් වුණේ 2015 ආපු ආණ්ඩුව. මොකද? ඒ ආණ්ඩුව තමන්ගේ ජනප්‍රියතාව විනාශ කර ගත්තා. ඇමති මණ්ඩලය පිහිටුවීම, මහ බැංකු මංකොල්ලය ආදිය ඊට උදාහරණ. 

2015 ආණ්ඩුව රාජපක්ෂවරු එළවලා අලූත් දෙයක් කාටවත් දුන්නේ නැහැ. ඒ නිසා කාගෙන් හරි ඇහැව්වොත් ඇයි ඒ ආණ්ඩුව තියා ගන්නේ කියලා ඒකට දෙන්න උත්තරයක් නැහැ. තිබුණ නම් තිබුණේ එකම උත්තරයයි. ඒ තමයි රාජපක්ෂවරු නැවත එන එක වැළැක්වීම කියන එක. ඇත්තටම ඒ අදහස තිබුණේ සිවිල් සමාජය කියන කොටස් අතර විතරයි.

මේ සියල්ල අතර මේ කියන මැතිවරණ චිත්‍රය පුදුම වෙන්න දෙයක් නෙමෙයි.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...