BREAKING
Top Ad
සමාලාප

Saara Abeywardane : 'මගේ ඇතුළේ සම්ප්‍රදායික ගැහැනියක් ඉන්නවා එයාව හැමෝටම පෙන්වන්නෙ නැහැ'

T

The Leader

February 17, 2025 • 3:53 AM

Saara Abeywardane : 'මගේ ඇතුළේ සම්ප්‍රදායික ගැහැනියක් ඉන්නවා එයාව හැමෝටම පෙන්වන්නෙ නැහැ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාරා අබේවර්ධන නර්තන ක්‍ෂෙත‍්‍රයේ කැපී පෙනෙන චරිතයක්. ඇය රාජ්‍ය නර්ථන කණ්ඩායමේ සිටි සම්මාන ලාභී නර්ථන ශිල්පිණියක්. එමෙන්ම ඇය පාසල් කාලයේ ජාතික මට්ටමේ ක්‍රීඩා ශූරියක්.
  • උපේක්‍ෂා කිව්වට ලොකූ ආකර්ෂණයක් ඇතිවෙන්නෙ නැහැ.
  • සාරාංගි කිව්වහම කලාව ඇතුළෙ ඉන්ස්ටෲමන්ට් එකක්.
  • උපේක්‍ෂා සාරාංගි කියනවට වැඩිය සාරා කියන නම අහලත් පුරුදු වැඩි හින්දා ගැලපෙනවත් ඇති කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


 සාරා වඩාත්ම මිනිසුන් අතර කතාබහට ලක්වුනේ ඇගේ දරුගැබ දරාගෙන ඇය නර්ථනයක යෙදුනු නිසා. සමාජ මාධ්‍ය තුළ ඇයට පැසසුම් මෙන්ම දැඩි විවේචන ද එල්ලවුනා.

මෙවර සාකච්ජාව සඳහා ආරාධනා කළේ උපේක්‍ෂා සාරාංගි අබේවර්ධනට හෙවත් සාරා අබේවර්ධනට.

 

Blue and White Minimalist Coming Soon Facebook Post 19සාරා වඩාත්ම මිනිසුන් අතර කතාබහට ලක්වුනේ ඇගේ දරුගැබ දරාගෙන ඇය නර්ථනයක යෙදුනු නිසා

MirrorArts-
සාරා අබේවර්ධන නමින් ඔබ සමාජ ගතවීම උපේක්‍ෂා සාරාංගි අබේවර්ධනට වඩා වෙනස්වුනේ කොහොමද ?


Saara-
මගේ නම පාසල්කාලේ ගොඩක් අය කතාකළා. උපේක්‍ෂා කියනවා උපේ කියනවා . ඕන කෙනෙක්ගෙ නමක් කෙටිකරලා කියනවනේ . මුලු නමම කියනවා හරි අඩුයිනේ . නැතිනම් වාසගම කියලා කතා කරනවා. පාසල් අවදියේ මට උපේක්‍ෂා කියන නම තමයි හුගක වෙලාවට භාවිතා කළේ. මිස්ලා මට සාරාංගි කිව්වා. යාලුවෝ උපේ උපේ කිව්වා ..සමහර යාලුවෝ සාරා කිව්වා. සාරාංගි සාරා සාරා කියලා තමයි ඒක ස්ථාවර වුනේ. ගොඩක් අය මගේ නමෙන් ආමන්ත්‍රණය කරනවා අඩුයි. ගොඩක් අය සාරා සාරා කියපු එක තමයි ඒ ලෙවල් ඉවර වෙලා ෆේස්බුක් ප්‍රොෆයිල් එකට සාරා කියලා මම දැම්මා .

MirrorArts-
කෙනෙකුට නමක් කියන එක personality එකක් නේ. සාරා කියලා . සාරා කියන නමට තියෙනවා යම්කිසි  පෞරෂයක්. ඒක තුළින් තමයි සමාජය ඔයාව අඳුන ගන්නෙ. උපේක්‍ෂා කිව්වට ලොකූ ආකර්ෂණයක් ඇතිවෙන්නෙ නැහැ. සාරා කියන නමේ තියෙනවා රිදම් එකක්.  උපේක්‍ෂා කියන නමට වඩා සාරා කියන නම බාවිතා කිරීම තුලින් ඔයාට මොනවගේ දෙයක් ද ලැබුනේ personality vise ගත්තහම


23 643d462fdd4b3
Saara -
එදා ඉදන් ම මගේ නමට වඩා මගේ personality එක වෙනස්. සාරාංගි කිව්වහම කලාව ඇතුළෙ ඉන්ස්ටෲමන්ට් එකක්. උපේක්‍ෂා කියන්නෙ මධ්‍යස්ථයි. මම සමහර වෙලාවට මධ්‍යස්ථයි. සාරා කියන නමේ තේරුමට වඩා සාරා කියන එක මට ගැලපෙන්නේ මගේ personality එකත් එකක්. නමේ හැටියට හැඩ ගැහුනා නෙමෙයි. ඒකත් එක්ක හොඳට යාවෙලා ගියා කියලා මම හිතනවා. උපේක්‍ෂා සාරාංගි කියනවට වැඩිය සාරා කියන නම අහලත් පුරුදු වැඩි හින්දා ගැලපෙනවත් ඇති කියලා. මගෙ personality එකත් එකක් කා වැදුනා නම . ඒක ඒ විදිහටම තියෙනවා.  වෙනස් වෙන්නෙ නැහැ. උපේක්‍ෂා කිව්වහම ගොඩක් අය කියනවා මට ගැලපෙන්නෙ නැහැ කියලා.

MirrorArts
ඔයාගේ ජීවත්වීමේ විලාසිතාව මොකද්ද?

Saara -

මගේ ජීවත්වීමේ විලාසිතාව ගැන කිව්වොත් මම හුගක් දේවල් බැරැරුම්ව ගන්න කෙනෙක් නෙමේ. මම සරල සැහැල්ලු විදිහට ජීවත්වෙනවා. ලොකූ බලාපෙරොත්තු තියාගෙන බැඳගෙන ඉන්න කෙනෙක් නෙමේ. Stress ගන්න කැමති නැහැ. ඕන කෙනෙකුට දෙයක් මුහුනටම කියනවා .එහෙම තමයි.


සාරා අබේවර්ධන සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව පහත විඩියෝවෙන් නරඹන්න ...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...