BREAKING
Top Ad
සමාලාප

මහා අප්පච්චි හැදෙන්නෙ sex එක්ක ! - (Venin වීඩියෝවක්)

T

The Leader

November 3, 2022 • 12:58 AM

මහා අප්පච්චි හැදෙන්නෙ sex එක්ක ! - (Venin වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ගෝටාබය කියන මහාවීර වැඩ කරන විරුවා කියන පර්සනැලිටි එකත් එක්ක, ඊට කලින් මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පර්සනැලිටි එකත් එක්ක මට නිතර
  • මේ මහා අප්පච්චි හැදෙන්නෙ ඒ sex එක්ක....'' සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස පවසයි.
  •     ඔහු එබව කියා සිටියේ Venin සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සාකච්ජාවකදීය.
  • චින්තන එහිදී වැඩිදුරටත් මෙසේ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනිච්ච දෙයක් තියෙනවා. ඒ තමයි යටපත් කරපු ලොකු සෙක්ෂුවල් රිප්‍රෙෂන් එකක් තමයි මේ අප්පච්චී පෞරුෂයන් එක්ක පේන්න පටන් ගන්නෙ. මේ මහා අප්පච්චි හැදෙන්නෙ ඒ sex එක්ක....'' සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස පවසයි.    


ඔහු එබව කියා සිටියේ Venin සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සාකච්ජාවකදීය.


චින්තන එහිදී වැඩිදුරටත් මෙසේ පවසයි.


 ''මම හිතන්නේ මම මෑත කාලයේදී කළ ප්‍රකාශනවලින් මම වඩාත්ම සතුටු වෙන ප්‍රකාශනය මේ ජංගිය. මම ජංගි ධර්මේ වුනා. ඊට පස්සේ මම හිතන්නේ ජංගිය සම්බන්ධ  සියලු දේවල් වලින් මාව ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. මම නිකන් ජංගි මෑන් වගේ තත්ත්වයට පත් වුනා.  


ඒක ඇත්තටම මම සන්තෝස වෙන දෙයක්. ඒ මොකද අපි මොකක් හරි ප්‍රකාශනයක් කරහම ඒ ප්‍රකාශනය කොයි තරම් ප්‍රබල ද කියලා අපිට නිසැකව දැනෙන්නේ ඒ වගේ උනහම තමයි. උදාහරණයක් විදියට අපි ජංගිය කියන එක ගෙනාවේ ම, අපේ ඇඩ්වර්ටයිසින් වල නම් මේ වගේ දේවල් නිතර නිතර කරනවා. ඇම්බියන්ට වැඩ කියලා කියන්නේ. ඒවා යම් තැනක මොකක් හරි හිට් එකක් කරලා ඒවා ආපහු සමාජයේ ලොකු කතාබහක් බවට පත්තු කරන එක.  


මට හැමදාම ඕනකම තිබුනා අපි ඇඩ්වර්ටයිසින් වල කරන දේවල් social cultural level එකේ, සමාජ සංස්කෘතික දේශපාලනයේ ඇතුලේ පාවිච්චි කරලා බලන්න. ඉතින් එතනදි තමයි මට ජංගිය කියන එක ඕන වුණේ. හේතුව මම කාලයක් තිස්සේ ම ට්‍රයි කරන දෙයක් තමයි ඕනෙම ප්‍රශ්නයක් ඇතුලේ මම කතා කරන්නෙම කැමති මේකෙ තියෙන sexual අර්බුදය මොකක්ද කියන එක. ඒක එක view පොයින්ට් එකක්. මම කියන්නේ නෑ ඒකෙන් හැම දෙයක්ම විස්තර කරන්න පුළුවන් කියලා. ඒක එක ලේයර් එකක් කවුරුත් කතා කරන්නෙ නැති නිසා මම මතු කරනවා මේක කොහොමද sexual පොලිටික්ස්වලින් කියෙව්වොත් මේ සිද්ධිය කියලා.


චින්තන ගේ සමස්ත පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් බලන්න

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...