BREAKING
Top Ad
සමාලාප

මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි -සිල්මා අහමඩ්

T

The Leader

June 15, 2019 • 12:26 AM

මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි -සිල්මා අහමඩ් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදු වූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදිහට ඔබ කියවා ගන්නේ කොහොමද?
  • නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් යම් සහජීවනයක් තිබුණා.  නමුත් 2009 වසරෙන් පසුව මුස්ලිම් ජනසමාජයට දැනෙන යම් වෙනසක් තිබුණා.
  • ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍යවුනා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව මුස්ලිම් ජනතාව බිල්ලෙක් කරලා සමාජයට මවාපාන්න.
  • ඒ නිසාම අපිට හිතන්න පුළුවන් මුස්ලිම් සමාජය සහ  මුස්ලිම් නොවන සමාජය අතර දුරස්ථබවක් ඇති වෙන්න හොඳටම ඉඩ කඩක් තිබුණ බව.  මම හිතන්නේ අද මේ සියලු සිදුවීම් එක්ක අපි එකිනෙකා අතර දුරස්ථභාවය තවත් වැඩිවෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):



පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නේ, අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපට තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් යම් සහජීවනයක් තිබුණා. 

නමුත් 2009 වසරෙන් පසුව මුස්ලිම් ජනසමාජයට දැනෙන යම් වෙනසක් තිබුණා. ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍යවුනා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව මුස්ලිම් ජනතාව බිල්ලෙක් කරලා සමාජයට මවාපාන්න. ඒ සමග රටේ ජාතිවාදී ස්වරූපයන් සහ හැසිරීම් වර්ධනය වෙන්න ගත්තා. ඒ නිසා මුස්ලිම් ජනතාවට විශාල  ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුණා. 

මේ තත්වය තවත් පෝෂණය කරන්න සමාන්‍ය මනුස්සයා තුළ මේ බිල්ලා පිළිබඳ කතාන්තරය තහවුරු කරවන්න මුස්ලිම් සමාජයේ ජීවත්වන රටාව උපයෝගී කරගත්තා. ඒ වන විට ලෝකයේ පැතිරෙමින් තිබුණ ආගමික ප්‍රතිසංස්කරණවාදී රැල්ල ලංකාවේත් ව්‍යාප්ත වෙමින් තිබුණා. මේ රැල්ල සමග එකතුවුන මුස්ලිම් කණ්ඩායම්වලත් මූලික පදනම ඉස්ලාම් ආගම වුණත් ඔවුන් අඳින විදිය, කාන්තාවන් සම්බන්ධ අදහස්, ජීවන රටාව, අධ්‍යාපනය වගේම ඇදහිලිවල පවා වෙනස්කම් තිබෙනවා. 

මුස්ලිම් සමාජය තුළ පවා මේ වෙනස්කම් හේතුවෙන් යම් යම් ගැටලු වරින් වර පැන නැගී තිබෙනවා සහ ඔවුන් අතර පවා දුරස්ථභාවයක් තිබෙනවා. ඒ නිසාම අපිට හිතන්න පුළුවන් මුස්ලිම් සමාජය සහ  මුස්ලිම් නොවන සමාජය අතර දුරස්ථබවක් ඇති වෙන්න හොඳටම ඉඩ කඩක් තිබුණ බව. 

මම හිතන්නේ අද මේ සියලු සිදුවීම් එක්ක අපි එකිනෙකා අතර දුරස්ථභාවය තවත් වැඩිවෙලා. ජනමාධ්‍ය සමාජමාධ්‍ය ජාලා මේ තත්වය තව දුරටත් වැඩි දියුණු කරමින් ජාතිවාදය තවත් වපුරවමින් ඉන්නවා. 

ඉතින් මම හිතන්නේ ත්‍රස්තවාදයේත් ආකාර තියෙනවා. 21 වැනිදාත් සිදුවුණේ මුස්ලිම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමක්. ඒ වගේම ජාතිවාදය අවුස්සමින් මැයි 13 වැනිදා ක්‍රියාත්මක වුණේ ත්‍රස්තවාදයක්.


පසුගිය වසර හතරක කාලය තුළ සංහිඳියාව ඉතා ජනප්‍රිය වචනයක්ව තිබුණා වගේම ඒ වෙනුවෙන් යම් යම් යාන්ත්‍රණයන් හැදුණා. නමුත් අද සංහිඳියාවට ඒ යාන්ත්‍රණයන්ට කොයි තරම් වලංගුතාවයක් තිබෙනවාද?


මම දැඩිව විශ්වාස කරනවා මේ රටේ හැදුන සංහිඳියා යාන්ත්‍ර සහ ඒ වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙල ඉතා ප්‍රයෝජනවත් බව. අප්‍රෙල් 21 වැනිදායින් පස්සේ ඇති වුණ ගැටළු එක්ක මේ සියල්ල මෙහෙම හෝ නිෂ්චලව තිබෙන්නේ සංහිඳියාව වෙනුවෙන් යම් කාලයක් අපි කැප කර තිබෙන නිසා. 

සංහිඳියාව වැඩසටහන්, ඒ යාන්ත්‍රණ සහ අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබඳ කොයිතරම් සමාජගත වෙනවද? කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඇත්තටම ජාතිවාදී කණ්ඩායම්වල ඉන්නේ ඉතාම කුඩා පිරිසක්  වුණත් අපෙන් එන හඩට වඩා ඔවුන්ගෙන් එන හඩ ප්‍රබලයි. 

එහෙනම් අපිට ප්‍රශ්නයක් තිබෙනවා මධ්‍යස්ථව හිතන මිනිස්සුන්ගේ, මිනිස්සු විදිහට හිතන මිනිසුන්ගේ හඩ ඉදිරියට ගේන්නේ කොහොමද කියලා.

silma1
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාව සුවිශේෂී ප්‍රශ්න ගණනාවකට මැදිවෙනවා.  මුස්ලිම් කාන්තාවක් විදිහට ඔබේ අත්දැකීම් කුමනාකරද?


ඔව්, එකක් තමයි මුස්ලිම් කාන්තාවගේ ඇඳුම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතු වුණා. එතනදී අර කලින් කිවුව වගේ ම මුස්ලිම් වුනත් තමන් නියෝජනය කරන කණ්ඩායම අනුව මේ කාන්තාවගේ ඇඳුමෙන් ආවරණය වන ප්‍රමාණය සම්බන්ධ වෙනස්කම් තියෙනවා. 

නිකාබ්, හිජාබ්, බුර්කා එන්නේ ලාංකීය සමාජය ඇතු‌ලේ වෙනස් සංස්කෘතියක් විදිහට ඉස්මතුවෙන්න නොවෙයි වුණත් එයින් යම් සංස්කෘතියක් හැදෙනවා. එහි ඇත්තටම සිද්ධවුණේ තමන් හරි කියලා හිතන ආගම අනුගමනය කිරීමක් වගේම අරාබියෙන් එන සංස්කෘතිය වැළඳ ගැනීම. 

කෙසේ නමුත් හදිසියේ මේ ඇඳුම සම්බන්ධ ගැටළුව ආවම බොහෝ මුස්ලිම් කාන්තාවෝ විශාල පීඩනයකට ලක්වුණා. මොකද මම හොඳින්ම දන්නවා සමහර මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනයට, නිවසින් එළියට යන්න යම් නිදහසක් තිබුණේ මේ ඇඳුමෙන් තිබුණ ආවරණය නිසා. ඒක හරියට බහුතරයක් මුස්ලිම් කාන්තාවන්ට පාස්පෝර්ට් එකක් වගේ. 

ඒ නිසා අද ගොඩක් මුස්ලිම් කාන්තාවෝ එලියට එන්නේ නැති තත්වයක් තිබෙනවා මේ ඇති වූ තත්වය සමග. සමහරු එළියට යන්නේ අතින් මූන වහගෙන. මේ නිසා සමහර මුස්ලිම් කාන්තාවන් යම් මානසික පීඩනයකට ලක්ව තිබීම හරිම කණගාටුදායක දෙයක්. ඒ අය  වෙනුවෙන් කිසියම් මානසික සත්කාරයක් අවශ්‍ය බවත් මම හිතනවා.


මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය සම්බන්ධයෙන් යම් කතිකාවත් තිබෙනවා. ඔබ කොහොමද මේ තත්වය දකින්නේ?


රටක නීතියක් තිබෙනවා ඒ නීතියට අපි යටත් විය යුතුයි. දැන් මුස්ලිම් කෙනෙක් යම් කෙනෙක්ව මැරුවොත් ඒකට අදාළ වෙන්නේ රටේ තිබෙන පොදු නීතිය. නමුත් මේ මුස්ලිම් පුද්ගල නීතිය විවාහ හා දික්කසාදවලදිත් යම් මුස්ලිම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් නැතිව මියගියොත් කොහොමද ඔහුගේ/ඇය‌ගේ දේපළ බෙදෙන්නේ කියන කාරණයේදීත් සීමා වෙනවා. 

ඇත්තවශයෙන්ම අපේ රටේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මුස්ලිම් කාන්තාවන්ට අවාසිසහගත අයුරින් පාවිච්චිවෙනවා. නමුත් ඉස්ලාමියන් නීතිය තුළ කාන්තාවන්ගේ විවාහ හා දික්කසාද සම්බන්ධයෙන් එවැනි silma2අවාසියක් කාන්තාවන්ට නැහැ.

 මොකද අද ඉස්ලාමීය දහම අදහන බොහෝ රටවල් ඉතාම ප්‍රගතිශීලී පියවරයන් මේ නීති සම්බන්ධයෙන් තබා තියෙනවා. එම නීති ලෝකයේ නව ප්‍රවනතා සමග කාලෝචිත ආකාරයෙන් සංශෝධනය වෙලා තිබෙනවා. අපේ රටේ තිබෙන මේ නීතිය සංශෝධනය කිරීම වෙනුවෙන් අවුරුදු තිහකට ආසන්න කාලයක් මුස්ලිම් ක්‍රියාදාරිනියන් සටන් කර තිබෙනවා. 

මුස්ලිම් කාන්තාවකගේ විවාහ වීමේ වයස සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් මුස්ලිම් සමාජයේ තිබෙනවා. නමුත් ඇත්තවශයෙන්ම කාන්තාවක් විදියට මම හිතනවා දරුවෙක්ට අවම වශයෙන් අවුරුදු 18 ක් දක්වා පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු බව. ඒක රටේ පොදු නීතිය. 

මුස්ලිම් කාන්තාව විතරක් ඒ අයිතිය අහිමිකර ගත යුතු නැහැ. ඒ නිසා මුස්ලිම් කාන්තාවන්ට ඉස්ලාමීය රාමුව තුළ සාධාරණයක් විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසා ම මේ නීතියේ සංශෝධනයක් විය යුතුයි.

(සිල්මා අහමඩ් -සමාජ ක්‍රියාධරිනි)

-අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...